ඡන්දය පැවැති පසුගිය 17 වැනි දිනට පෙර දින ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් වෙත රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සමග අපූරු වර්ගයේ බෝතලයක් ලබාදීමෙන් මත්පැන්වලට ප‍්‍රියකරනු ලැබූ පිරිසකට හිනා උපදවන සිදුවීමක් විය.
සෑම ඡන්දයක්ම පවතින විටදී ප‍්‍රධානියා විසින් ඡුන්දය දිනට පෙර දින සියලූම ඡුන්ද වැඩවල නිරතවන ප‍්‍රධාන නිලධාරීන් හා සේවක මහතුන් වෙනුවෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලබාදීම පුරුද්දක් ලෙස සිදු කරනු ලැබීය. සිය සේවකයන් සමග බෝතල් 100 ක් ගෙන එය දර්ශනීය කවරයක ඔතා තෑගි පාර්සලයක් මෙන් පසෙකින් තබා. රාත‍්‍රි 7 ට පමණ පාටිය ආරම්භ විය. පසුදින ඡන්ද රාජකාරි නිසා රෑ බෝවීමට පෙර සංග‍්‍රහය නිමා කිරීමට සූදානම් කර පැමිණ සිටි සියලූම නිලධාරීන් අමතා ප‍්‍රධානියා පැවැසුවේ ”ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා, අද මෙම සංග‍්‍රහය බුක්ති විඳින්න. මම මත්පැන්වලට කැමැති නැහැ බෝතල් ඔබට අවශ්‍ය බව දන්නවා, ඒක නිසා මම ඔබට රැුගෙන යෑමට බෝතලයක් ලබාදෙනවා, දැන් ආහාර භුක්ති විඳින ලෙස ඔබ සැමට ආරාධනා කරනවා” යනුවෙනි. ඇතැමකු පැවසුවේ ”මේක මෙහිදීම බොන්න දුන්නා නම් ඉවරයිනේ” යනුවෙනි. සාදයේදී බොහෝ අය මාළු, මස් පාර්සල් කරගෙන ගියේ ලැබුණු බෝතලය සප්පායම් වීම පිණිසයි. පිටවූ පිරිස් විවිධ ස්ථාන වෙත ගොස් බයිට් හා සැන්ඩි බෝතල් ගෙන තම ප‍්‍රධානියා දුන් අපූරු බෝතලය ලිහා බලනු ලැබීය.
කිසිදු ලේබලයක් නොමැති මෙම බෝතලය දුටු සැමම පුදුම වූහ. කළු පැහැති ද්‍රව්‍යයක් ඇති මෙම බෝතලයේ ඇති දෙය කුමක්ද කියා බැලීමට එක් අයකු වීදුරුවට දමනු ලැබීය. හිමින් වීදුරුවට වැටුණු ද්‍රව්‍ය ටික බී රස බැලූ අයකු පැවැසුවේ මේ පැණි නේ බවයි. තවත් අයෙකු පැවැසුවේ මේ කිතුල් පැණි යනුවෙනි. සැමට හිනා උපද්දවනු ලැබීය. කිතුල් පැණි බෝතල් පසෙකට දැමූ බොහෝ පිරිසක් අසල ඇති තැබෑරුම් වෙත පියනැගුවේ මත් බීම සඳහාය. මේ පිළිබඳව ආරංචි වූ ප‍්‍රධානියා පැවසුවේ ”කවුරුත් ඉල්ලූවේ බෝතලයක් අවශ්‍ය බවයි. ඒක නිසා මම හොඳම වර්ගයේ ඖෂධයක් වන කිතුල් පැණි බෝතලයක් ලබාදුන්නා” යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහල නැද්ද දොස්තරලත් කියනවා කෑමට පෙර ගන්න කියල . (ම)
ඔයාලත් මම කියනවට දවස් පහක් වයින් වීදුරුව ගානේ බීල බලන්න. එතකොට ආයිත් කවදාවත් බීමට බනින එකක් නැහැ (නදී)
මෙහෙම මනුස්සයෙක් යටතේ වැඩ කරන්න තියනවානම් ඒකම වාසනාවක්.. විනය ගරුක යුක්ති ගරුක මහතෙක්. ඔබට පැසසුම්! ඔබ වැන්නන් තව තවත් බිහිවේවා! (ම)
බේබද්දන් බහුතරයක් සිටින රටේ මොහු ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔබට මගේ ප්‍රණාමය! (නි)
කන්නන්ගරත් බලාගෙන ගියාම බබෙක් වගෙයිනේ (නි)
අති ශ්‍රේෂ්ඨ වැඩක් (නදී)
පෙරේත ලොක්කෙක්..!(හේ)
කන්නන්ගර, ඔහෙත් කවදාවත් මිනිහෙකුට හැදෙන්න දෙන එකක් නැහැ. (නි)