(තිහගොඩ උපසේන ලියනගම)
තමා කිසියම් දේශපාලන පක්‍ෂයක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට ඡන්දය ප‍්‍රකාශ කළ බව සාක්‍ෂි ඇතිව පෙන්වීම සඳහා ඡන්දය ලකුණු කළ පති‍්‍රකාවේ ඡායාරූපයක් ගැනීමට ගිය ඡන්ද දායකයකු ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් පොලීසියට අල්ලා දීමේ සිදුවීමක් තිහගොඩ පුහුල්වැල්ල විහාරස්ථානයක ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වේ.
මෙම ඡන්දදායකයා කලක් කිසියම් දේශපාලන පක්‍ෂයකට දැඩිසේ උදව් කළත් මෙවර වෙනසක් කරන බව කියා ඇත. නමුත් කිසිවකු එය විශ්වාස කළේ නැත. මේ නිසා ඔහු එම අපේක්‍ෂකයාගේ ලකුණට ඡන්දය දුන් බව තහවුරු කිරීමට ඡන්ද පති‍්‍රකාවේ ඡන්දය ලකුණු කිරීමෙන් පසු තම අත වූ ජංගම දුරකථනයෙන් එම රහස්‍ය කාමරය තුළදීම එහි ඡායාරූපයක් ගෙන ඇත.
මෙය දුටු ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා වහාම ආරක්‍ෂක අංශයට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිහගොඩ පොලිස් ස්ථානයට භාරදුන් අතර තමා මෙය නීති විරෝධී බව දැන නොසිටියේ යැයි කීවත් ඉන් පලක් වූයේ නැතිලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූප ගැනීම තහනම් කියලා කොහෙවත් දැන්වීම් ගහලා නැහැනේ, නේද? (නි)
ඡායාරූප ගැනීම තහනම් කියලා කොහෙවත් දැන්වීම් ගහලා නැහැනේ, නේද? (දිල්)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
ඡන්දය රහසිගත නිසා මොන ක්‍රමයකට වුනත් වෙන කෙනෙකුට පෙන්වීම නීති විරෝධී ක්‍රියාවක්.(හේ)
මමත් හිතන්නේ මේකේ කිසි වරදක් නැහැ කියලයි (නි)
අපි හිතන දී නෙවි නීතිය කියන්නේ. එ්ක වරදක් නොවේ නම් අත් අඩංගුවට ගන්නේ කොහොමද ? එ්ක දන්නේ මැතිවරණ නිලධාරීන් (නදී)
එහෙම නීතිමය වරදක් නොකර අත් අඩංගුවට ගත්තා නම් මුලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා. ඊට විරුද්දව එෆ්.ආර් නඩුවක් ගොනු කරලා වන්දි ගන්න පුළුවන් (නදී)
නීති හදන්නේ එක් එක් කෙනා විසින් පුද්ගලික අභිමතයන් නිරුපණය කිරීමේදී සමාජයට වන බලපෑම නැති කිරීමේ අරමුණින්. තම ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගැනීම වරක් වන්නේ එය සමාජයේ සමාන්‍යය දෙයක් බවට පත්ව පසුව දේශපාලකයින් විසින් තම අනුගාමිකයින්ට එවැනි ක්‍රියා සිදුකරන ලෙස කරන බලපෑම ඉවත් කිරීමටයි. මෙවැනි දෑ කුඩාවට ආරම්භ වී පසුව දේශපාලකයෝ විසින් උඹ දාපු ඡන්දය ඔප්පුකර පෙන්වනු යන ඉල්ලීම් ඡන්ද දායකයින්ට ඉදිරිපත් කළ හැකියි. එවිට විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙනවා. මෙය පැනලා දීමට ගොස් ඉල්ලං කැමක්. (නදී)
කිත්සිරි, ඡායාරූප ගැනීම තහනම් කියලා දැන්වීම් නැති උනාට ජංගම දුරකථන ඇතුලට ගෙනියන්න තහනම් කියල ලොකුවට දැන්වීමක් ගහල තිබුනා ඔයා දැක්කෙ නැද්ද..? (නදී)
ඡන්දේ දෙන්න ගිහින් වෙච්ච වැඩක් (දිල්)
කට නිසා නහිනවා කියන්නේ මේකට තමයි.(හේ)
ඡායාරූපය අරන් තිබෙන්නේ ඡන්ද පත්‍රිකාවේ නිසා එහි යම් නීතිමය ගැටළුවක් තිබේද යන්න ගැන නීතිය හැදෑරු පාඨකයන් අපිට දැනුවත් කරාවි කියල මම හිතනවා. (නදී)
මේක කිසිසේත් කරන්නට ඉඩ නොදිය යුතු දෙයක්, දිගටම මෙහෙම විය යුතුයි... නිලධාරින්ගෙ හොඳ වැඩක්. (ස)
ඔව්, ඔහොම ගියොත් අපි කතිරේ ගැහුවේ කාටද කියල බලන්න වෙන අයත් ඡායාරූප ගනීවි. (නදී)
තහනම් ජංගම දුරකතනනේ. හොඳයි පොඩි කැමරාවක් නම් මොකද කරන්නේ ? වරදකරුද ? (නදී)
තමන්ගේ ඡන්ද පත්‍රිකාව ගෙදර අරගන ආවත් ප්‍රශ්නයක් නැහැනේ. එයාට තිබුනේ කතිරේ ගහපු පත්‍රිකාව ගෙදර අරගෙන ඇවිත් මම දුන්නේ කාටද කියල හැම එක්කෙනාටම පෙන්නන්නනේ (නදී)