IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඡන්ද ජයට ගුටි කෙළගත් තරුණයන්ට බල්ලන්ගෙන් යස පාඩමක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මැතිවරණ ජය උණුසුම මැද පරණ කෝන්තරයකට ගුටි ඇනගත් තරුණයින් දෙපිරිසකට බල්ලන් දෙදෙනකු පන්න පන්නා සපා කෑ පුවතක් කුරුණෑගල ගමකින් වාර්තාවේ.


සිද්ධිය  මෙසේය.


මැතිවරණ ජය සමරමින් සූර් වී සිටි තරුණයින් දෙපිරිසක් පරණ කෝන්තරයක් මුල්කරගෙන මහමඟ ගුටි ඇනගෙන ඇත. මාර්ගයේ නිවසක් ඉදිරිපිට දෙපිරිස ගුටි ඇන ගනිමින් සිටිය දී එම නිවසේ සිටි තරුණයා ද පැමිණ මිතුරන් සමථ කිරීමට උත්සාහ කළ ද එය ද ව්‍යර්ථ වී ඇත.


සිද්ධිය බලා සිටි එම නිවසේ බල්ලන් දෙදෙනා ගුටි ඇන ගනිමින් සිටි තරුණයින් සත් දෙනා එළවා එළවා සපා කන්නට පටන් ගෙන ඇති අතර හිස් ලූ ලූ අත දිවගොස් ඇත්තේ කකුල්වල තුවාලවලින් ද ලේ පෙරමින්ය.


 මෙම බල්ලන් දෙදෙනා නිසා සිදුවන්නට ගිය අනතුරක් වැළකී ඇති අතර බල්ලන් සපා කෑමෙන් තුවාල සිදුවූ තරුණයින් පසුදින බෙහෙත් විදීම සඳහා රෝහල් පෝලිමේ සිටියේ කිසිවක් නොවූ පරිද්දෙන් එකිනෙකාගේ මුහුණු නොබලමින් බව පැවසේ.



අදහස් (0)

ඡන්ද ජයට ගුටි කෙළගත් තරුණයන්ට බල්ලන්ගෙන් යස පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site