(තිහගොඩ උපසේන ලියනගම)
මැතිවරණය සඳහා ගෙන්ගෙට යන කණ්ඩායමක් වයඹ පැත්තේ ගම්බද ගෙදරකට ගොඩවූයේ ප‍්‍රචාරක පති‍්‍රකාද රැගෙනය. ගෙදර සිටියේ ඇවිද ගත නොහැකිවූ රෝගී පියා සහ මැදවියේ වූ තනිකඩ දියණිය පමණකි.
පියාගේ අසරණකම දුටු මේ කණ්ඩායම ඒ පිළිබඳව දියණියගෙන් විමසා ප‍්‍රතිකාර ගැනද විමසීය. ඇය කීවේ වියපත් බව නිසා බෙහෙත් නොගන්නා බවය.
”ඒ වුණාට මේ ඡුන්දය හරියට වටිනවා. පයින් යන්න බැරිනම් වාහනයකින් යන්න. අපි උදව් කරන්නම්” ඔවුන් කී විට
”එතකොට තාත්තට හොඳටම සනීපවේවිද” ඇය ඇසුවේ කෝපයෙනි.
එන හැඩ හොඳ නැති බව තේරුම් ගත් කණ්ඩායම් නායකයා ආපසු යාමට සුදානම් වූයේ තරමක තැතිගැන්මකිනි.
ඇය ගස්සාගෙන ගෙට ගිය අතර පියා කෙඳිරි ගෑවේ රෝගී තත්ත්වය පෙන්වීමටය. ”අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් රටට නම් සනීපයක් වේවි” ඇයට ඇසෙන නෑසෙන ගානට කණ්ඩායමේ කිසිවකු කීවේ අන් අයගේ සිනා මැදලූ.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දෙ ඉල්ලගෙන ගිහින් අමුතු පරිප්පුවක් කාලා
ඉසුරන්දි Sunday, 02 August 2015 04:29 AM
මේ දවස්වල නැති ලෙන්ගතු නමුත් ඇති වෙනවා මේ ගොල්ලන්ට.(ම)
ධම්ම Saturday, 01 August 2015 11:22 AM
අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් අපේක්ෂකයාට නම් සනීපයක් වේවි" නේද ? (නදී)
කුමුදු කුමාර Tuesday, 04 August 2015 02:47 AM
ඔබ ඔබේ ඡන්දයෙන් ඔබ අකමැති කෙනෙකු පාර්ලිමේන්තුවට යනවට කැමතිද? නැහැ නේද? එසේනම් ඔබ ඔබේ ඡන්දය භාවිතා කිරීමේදී ඔබ කිසිවෙකුට අකමැති නම් ඒ බව ඔබේ ඡන්දයෙන් පෙන්වන්න. එවිට ඔබට සිත හදාගත හැකිය (නි)
සෑම් Friday, 31 July 2015 06:00 AM
මිනිසුන් මියගියාට ඡන්ද ලැයිස්තුවේ නම නැතිවෙන්නේ නැහැ " රූපං ජීරති මජ්ජානං, නාම ගොත්තන් නජීරතී " කියලා කියන්නේ ඒක නිසයි. කොහොම වුනත් ඉහතකී රෝගී පුද්ගලයාට නිරෝගී සුව සහ දිර්ඝායුෂ පතමි . (හේ)
දුමින්ද Monday, 03 August 2015 02:14 AM
"මනාප අමනාප" (නි)