(තිහගොඩ උපසේන ලියනගම)
මැතිවරණය සඳහා ගෙන්ගෙට යන කණ්ඩායමක් වයඹ පැත්තේ ගම්බද ගෙදරකට ගොඩවූයේ ප‍්‍රචාරක පති‍්‍රකාද රැගෙනය. ගෙදර සිටියේ ඇවිද ගත නොහැකිවූ රෝගී පියා සහ මැදවියේ වූ තනිකඩ දියණිය පමණකි.
පියාගේ අසරණකම දුටු මේ කණ්ඩායම ඒ පිළිබඳව දියණියගෙන් විමසා ප‍්‍රතිකාර ගැනද විමසීය. ඇය කීවේ වියපත් බව නිසා බෙහෙත් නොගන්නා බවය.
”ඒ වුණාට මේ ඡුන්දය හරියට වටිනවා. පයින් යන්න බැරිනම් වාහනයකින් යන්න. අපි උදව් කරන්නම්” ඔවුන් කී විට
”එතකොට තාත්තට හොඳටම සනීපවේවිද” ඇය ඇසුවේ කෝපයෙනි.
එන හැඩ හොඳ නැති බව තේරුම් ගත් කණ්ඩායම් නායකයා ආපසු යාමට සුදානම් වූයේ තරමක තැතිගැන්මකිනි.
ඇය ගස්සාගෙන ගෙට ගිය අතර පියා කෙඳිරි ගෑවේ රෝගී තත්ත්වය පෙන්වීමටය. ”අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් රටට නම් සනීපයක් වේවි” ඇයට ඇසෙන නෑසෙන ගානට කණ්ඩායමේ කිසිවකු කීවේ අන් අයගේ සිනා මැදලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල නැති ලෙන්ගතු නමුත් ඇති වෙනවා මේ ගොල්ලන්ට.(ම)
අපට ඡන්දෙ දැම්මොත් තාත්තට කොහොම වුණත් අපේක්ෂකයාට නම් සනීපයක් වේවි" නේද ? (නදී)
ඔබ ඔබේ ඡන්දයෙන් ඔබ අකමැති කෙනෙකු පාර්ලිමේන්තුවට යනවට කැමතිද? නැහැ නේද? එසේනම් ඔබ ඔබේ ඡන්දය භාවිතා කිරීමේදී ඔබ කිසිවෙකුට අකමැති නම් ඒ බව ඔබේ ඡන්දයෙන් පෙන්වන්න. එවිට ඔබට සිත හදාගත හැකිය (නි)
මිනිසුන් මියගියාට ඡන්ද ලැයිස්තුවේ නම නැතිවෙන්නේ නැහැ " රූපං ජීරති මජ්ජානං, නාම ගොත්තන් නජීරතී " කියලා කියන්නේ ඒක නිසයි. කොහොම වුනත් ඉහතකී රෝගී පුද්ගලයාට නිරෝගී සුව සහ දිර්ඝායුෂ පතමි . (හේ)
"මනාප අමනාප" (නි)