තමන් ආධාර උපකාර කරන අපේක්‍ෂකයාගේ වංහුං අහද්දී කිසිවක් කියා ගත නොහැකිව අන්දමන් ද වූ අධාරකරුවෝ පිරිසකි.
පළාත් සභා අපේක්‍ෂකයකුට ආධාර පතා ඔවූහූ ගෙයින් ගෙට ගියහ. මේ පිරිස අපේක්‍ෂකයාගේ ගමට යාබද ගමේ නිවෙසකට ගියහ. විස්තර පත‍්‍රිකා බෙදමින් නිවැසියන් දැනුම්වත් කරමින් අපේක්‍ෂකයාට මනාපයක් සලකුණු කරන ලෙස ඉල්ලූවේය. පළමුව පක්ෂයට ඡන්දය දී අනතුරුව මනාපය ලකුණු කළ යුතු නිසා නිවැසියා එසේ නොකළේ මන්දැයි විමසීය. ‘‘අමතක වුණා’’ පිරිසේ නායකයා සේ පෙනී සිටි අය කීය.
මුඛරි බවින් යුතු නිවැසියා මේ අපේක්‍ෂකයාගේ තොරතුරු විමසන්නට වූයේය. පිරිස විස්තර පති‍්‍රකාව බලමින් උත්තර දෙනු දුටු නිවැසියා මේ අයගේ නොදැනුවත්කම ගැන තේරුම් ගත්තේය.
මේ අපේක්‍ෂකයා නිවැසියාගේ දැඩි හිතවතෙකි. ඒ නිසා අපේක්‍ෂකයාගේ පවුලේ තොරතුරු ඇතුළු වෙනත් විස්තර ඔහු ඇසුවේ කිසිවක් නොදන්නා පුද්ගලයෙකු පරිද්දෙනි. පිරිස අන්දමන්ද වූයේ ඒ ගැන කියන්නට තොරතුරු නොදන්නා නිසාවෙනි.
නිරුත්තර වූ පිරිසේ නායකයා කටහඬ අවදි කළේය. මහත්තයා ඒ ගැන නම් අපි දන්නේ නැහැ. අපි මාඔයෙන් එගොඩ කට්ටියක්. මේ පත‍්‍රිකා ටික බෙදලා එන්න කියා අපේ මහත්තයා කිව්වා. ඔහු ප‍්‍රබල දේශපාලන චරිතයක නම කියමින් පැවසීය.
මහත්වරු දැනගන්න මේ අපේක්‍ෂකයා අපේ අල්ලපු ගමේ කියද්දී පිරිස මුව අයා බලා සිටියහ. එයා .......... ගේ පුතා යැයි කී නිවැසියා අපේක්‍ෂකයා පිළිබඳ තොරතුරු පිරිසට කියා දී මීට පසුවවත් මෙවන් ගොන්කම් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා ගැන සහ ඔහුගේ අදහස් උදහස් ගැන කරුණාකර හොයා බලා ලියන්න. ඔහේ අනුන්ගේ ඔලු වැනෙනකොට තමන්ගේත් ඔලුව වනන බහුතරයට මේ පුද්ගලයාගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමය්. මේ පුද්ගලයා රටට සහ ජාතියට ආඩම්බරයක්. (අ)
මේ වගේ කට්ටිය දාගෙන තියෙන ඡන්ද ටිකත් නැතිකර ගන්නවා! (අ)
පුදුම වෙන්න දෙයක් නැහැ හුග දෙනෙක් දේසපාලනය කරන්නේ අරක්කු බෝතලෙටයි බත් පාර්සලේටයයි (දී)
මේක ඉතින් මහ පුදුමයක්යැ ලොකු ලොකු දේශපාලකයොත් තමන්ගේ ප්‍රචාරක කටයුතු පුද්ගලික සමාගම් වලට කොන්ත්‍රාත් දෙන්නේ. මේකත් එහෙම දෙයක් තමයි. හැබැයි මෙයාලට හම්බවෙන්නේ බත් මුලයි වතුර (මත්) බෝතලෙයි. (අ)
අර චන්ද්‍රිකා නෝනත් ආයි ඡන්දෙ ඉල්ලන්න එන කාලේ ඕවා මොන කතාද අයිසේ? (නදී)
මෙයා කියන විදියට බොහෝ ආදාර කරුවෝ අපේක්ෂකයාගේ විස්තර දන්නේ නැහැ. පත්‍රිකා බෙදන්න යන අය සමහරු අපේක්ෂකයෝ දැකලත් නැහැ.(නදී)
මුකුත් නොකර ගෙදර හිටියත් තරු පෙනෙනවා බඩු මිල හා ලැබෙන ආදායම ගැන හිතන කොට. නොදන්නා මිනිහෙක් ගැන කොල ටිකක් බෙදල හරි බත්වෙලක් හොයා ගන්න පුළුවන් නම් එක දවසක් හරි ගොඩ.(අ)
'මුඛරි බවින් යුතු නිවැසියා', හොදට ගැලපෙන නම. ඡන්ද පත්‍රිකාවෙ තියෙනදේ කියවගන්න බැරිවෙන්න ඇති. කොහොමත් පත්‍රිකා බෙදන මිනිස්සු නෙවෙයි මනාප ලකුණු කරන්නෙ, ඒක කොරන්නෙ අච්චු කන්තෝරැවෙන්, 'අපේක්‍ෂකයා නිවැසියාගේ දැඩි හිතවතෙකි' මේ වගේ හිතවත්තු ඉන්න අපේක්‍ෂකයින්ට ඡන්දෙ දෙන අයට දෙයියන්ගෙම පිහිටයි. මම එතන හිටියනම් කෙලින්ම කියනවා පණ්ඩිතකම් නැතුව පම්පෝරිය කලින්ම කිව්වනම් ඉවරනෙ කියලා. (දී)