IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


චාරිකාවේ ජොලියට මවුපියන්ට දරුවත් අමතක වෙලා

චාරිකාවකින් පසු තම කුඩා දරුවා කුලී රියේ දමා නිවෙසට ගොස් නිදාගත් ඥාතීන් පිරිසක් පිළිබඳව මාතලේ යටවත්තෙන් වාර්තා වෙයි.
පවුල් දෙක තුනක ඥාතීන් පිරිසක් යටවත්තේ සිට මහනුවර ප‍්‍රදේශයේ තවත් ඥාති නිවෙසකට ගොස් ඇත්තේ පෞද්ගලික කරුණකටය. මේ පිරිස ආපසු එද්දී ගමන් මහන්සිය නිසා හෙම්බත් වී සිටියහ.
රාත‍්‍රි දහයද පසුවී තිබුණ නිසා ඔවුන්ට අධික නිදි මතක්ද දැනුණි. අතර මගදී සිය නිවෙස් අසලින් මේ අය වාහනයෙන් බැස ගත්හ.
අවසානයේ මේ තරුණ රියදුරා සිය නිවෙසට පැමිණ රාත‍්‍රි ආහාර ගෙන වෑන් රිය පිරිසුදු කිරීමට එහි දොරවල් විවර කර ඊට ගොඩවිය.
පුදුමයකි. වාහනයේ පිටුපස අසුනේ නිදා සිටි වයස අවුරුදු පහක් පමණ වූ දරුවකු දැක මේ තරුණයා මහත් තැති ගැන්මකට පත්විය.
ලහි ලහියේ වාහනය මාර්ගයට ගත් ඔහු  කුලී ගමන ගිය අය සොයා පිම්මේ වාහනය පැදවීය.
ඔහු යනවිටත් එම නිවසේ ගේට්ටුව ඉබි යතුරු දමා තිබුණි.
ඒ අසල සිටි ත‍්‍රිරෝද රථ රියදුරකුට කාරණය පවසා ළමයා භාරදීමට උත්සාහ කළත් නිවසේ ගේට්ටුවේ යතුර සොයා ගැනීමට නිවැසියන්ට අපහසුවිය. සමහරු මර නින්දේය. කෙසේ හෝ ගේට්ටුව නො ඇරම ළමයා ඔසවා ගේට්ටුව උඩින් අයිති කරුවන්ට භාරදී සිරන්ත පෙරේරා තම සිත නිදහස් කර ගත්තේය.



අදහස් (0)

චාරිකාවේ ජොලියට මවුපියන්ට දරුවත් අමතක වෙලා

නිශාන්ත Saturday, 16 March 2013 01:16 AM

ගණන් ගන්න එපා. ගුණගරුක දෙමාපිය යුවළකට වූ පොඩි අතපසුවීමක්. (නි)

:       0       0

ලාල් Saturday, 16 March 2013 06:04 PM

අපි කොහොමද අනුමත කරන්නේ

:       0       0

චන්න Saturday, 16 March 2013 12:34 PM

මෙහෙමත් දෙමවුපියෝ (දී)

:       0       0

සෙනරත් Saturday, 16 March 2013 03:19 AM

මොන නින්දක් ගිහින්ද මෙයාලට? (නි)

:       0       0

ජයලත් Tuesday, 19 March 2013 11:12 AM

මේවට නම් ඉතින් කියන්න වෙන්නේ දෙයියෝ සාක්කි කියලා තමයි. (නි)

:       0       0

ජයතිස්ස Friday, 15 March 2013 05:38 PM

මොන නාඩගමක් නැටුවත් තමන්ගේ දරුවො අමතක වෙනවද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 16 March 2013 04:39 AM

කාටවත් අම්මාව අමතක නොවුණූ එකත් පුදුමයක්. (නි)

:       0       0

අනුර Friday, 15 March 2013 05:45 PM

මේ ඇත්තටම දෙමවුපියොද? (නි)

:       0       0

මනෝජ් Friday, 15 March 2013 06:11 PM

ඒ අම්මයි තාත්තයි කොයිතරම් නම් උතුම්ද? (නි)

:       0       0

ශශීමාල් Friday, 15 March 2013 10:31 AM

රියදුරා උතුම් කෙනෙක්. නමුත් දරුවා‍ගේ දෙමාපියන්? (නි)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 01:35 PM

කට්ටියටම පොඩ්ඩක් පැටලිලා වගේ. ඔහොම තමයි (ස)

:       0       0

චාමර Monday, 18 March 2013 02:03 PM

අයියෝ මෙවන් දෙමව්පියන් (දී)

:       0       0

රංග Monday, 18 March 2013 09:52 AM

අම්මා කියන වචනේ තේරුම දානවාද (දී)

:       0       0

කමල් Friday, 15 March 2013 10:55 AM

හොද වැඩක් රියදුරු මහතා කරලා තියෙන්නේ, හැබැයි ආයේ යනකොට පොලීසිය දැනුවත් කරලා යන්න, වදින්න යන දේවාලේ ඔළුවට කඩන් වැටෙන්න බැරි නැහැ. (නි)

:       0       0

ජයා Friday, 15 March 2013 10:55 AM

119 එකට කිවුවා නම් හරිනේ. (නි)

:       0       0

වරුණ Friday, 15 March 2013 11:04 AM

ඔය ළමයාව ආපහු අරගෙන එද්දී පොලිසියට එහෙම අහුවුණා නම් පුදුම ප්‍රශ්නයක් තමයි වෙන්නේ. (නි)

:       0       0

නන්දලාල් Friday, 15 March 2013 07:12 PM

නින්දට යනකොටත් තමන්ගේ දරුවා නැති අඩුව නොදැනුනානම්.................. මට අදහාගන්නත් බෑ (ස)

:       0       0

අලහපෙරුම Saturday, 16 March 2013 08:40 AM

දැන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන් අමතක වෙන හැඩයි (ස)

:       0       0

යොහාන් Friday, 15 March 2013 11:42 AM

අම්මයි තාත්තයි ගැන ලියන්න මට හිතෙන දේ මම මෙතන ලියන්නෙ නැහැ. (නි)

:       0       0

හිමාල Friday, 15 March 2013 11:46 AM

නොසැළිකිලිමත්කමේ උපරිමයටම ගිය දෙමවුපියෝ. (නි)

:       0       0

රජීව් Saturday, 16 March 2013 09:15 AM

දෙමව්පියන්ට තරු පෙන්නේ අර මනුස්සය වාහනේ පිරිසිදු කරන්න නොගියානම්.හුස්ම ගන්න බැරිව මොනවා හරි වෙලා උදේ වෙනකොට එහෙනම්... (ස)

:       0       0

උපුල් Saturday, 16 March 2013 09:24 AM

ඔයා එහෙම විතරක් හිතන්න එපා නිස්සංක . ඒ වෑන් රියදුරා සිටියේ එම දරුවාගේ වාසනාවට කියන එක ඔයාට හිතුනේ නැද්ද . මම හිතන්නේ ඔහු හොද රියදුරෙක් පමණක් නොව සැබෑම පියෙක් කියලයි (ස)

:       0       0

ශ්‍රීනාත් Friday, 15 March 2013 08:45 PM

පුදුම දෙමව්පියෝ....! (නි)

:       0       0

හේරත් Friday, 15 March 2013 12:46 PM

ඔයාලා කලබල වෙන්න එපා. අපි ඒ දරුවට තනියට සෙල්ලම් කරන්න මල්ලියෙක් හදන්න කියලා ඒ දෙමවුපියන්ට කියමු. (නි)

:       0       0

සරත් Saturday, 16 March 2013 09:43 AM

රියදුරු මහත්මයගේ ක්‍රියාව ඉතාම උතුම් . තමන් වැරදි නැත්නම් පොලීසියට බය වෙන්න දෙයක් නෑනේ (ස)

:       0       0

ලියනගේ විජිත් ප්‍රසන්න Tuesday, 19 March 2013 06:01 AM

ආදරයේ උල්පත වූ අම්මා. ප්‍රේමකීර්ති මහත්තයා හිටියානම් මොන වගේ මවුපිය ගීයක් රචනා කරයි ද දන්නේ නෑ (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 15 March 2013 01:29 PM

රියදුරු මහතාට මගේ ස්තුතිය! රථයේ ගමන් කළ අය නිදිමතේ නොවේ ඉඳලා තියෙන්නෙ. මට පෙනෙන්නේ නම් වෙරිමතේ. (නි)

:       0       0

ශිරෝමි Friday, 15 March 2013 10:42 PM

මෙහෙම දෙමව්පියනුත් ඉන්නවද ? (ස)

:       0       0

නිශ්ශංක Friday, 15 March 2013 02:21 PM

ඒ ළමයට ඔවැනි දෙමවුපියන් ලැබෙන්න ඇත්තේ ළමයගේ පවකට වෙන්න ඇති. (නි)

:       0       0

චතුරංග ප්‍රියශාද් Friday, 15 March 2013 02:32 PM

මම හිතාගෙන හිටියේ බොරු කතාවක් කියලා. (ස)

:       0       0

නිල්මිණි Friday, 15 March 2013 02:31 PM

වාහන ඇතුළෙත් ළමා දූෂණ වෙන මේ කාලයේ රියැදුරාගේ ක්‍රියාව අගය කළ යුතුයි. (නි)

:       0       0

වන්නි Saturday, 16 March 2013 05:12 PM

ඔන්න දෙමවුපියෝ (දී)

:       0       0

අජන්ත Monday, 18 March 2013 08:49 PM

මේක පුදුම වෙන්න දෙයක් නැහැ , මේ සම්භන්ධව හදපු ළමා චිත්‍රපටිත් තියෙනවා (දී)

:       0       0

ජයන්ති Tuesday, 19 March 2013 09:56 PM

මෙන්න මිනිස්සු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 539 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 701 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 626 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1231 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 710 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 763 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site