රැකියාවට යෑම සඳහා බසයට ගොඩ වූ තරුණයෙකි. බසයේ ආසන සියල්ල පිරී තිබුණු බැවින් ඔහුට සිටගෙන යෑමට සිදුවිය. ”ඇතා අයියේ” යැයි පිටුපසින් අමතන හඬක් ඇසී ඔහු හැරී බැලූවිට දක්නට ලැබුණේ බසය තුළ සිටි දන්නා හඳුනන යුවතියන් කිහිපදෙනෙකි. ”ඇතා අයියා වැඩට යනවාද?”එක් යුවතියක් විමසුවාය. ”ඔව් නංගී අද ටිකක් පරක්කු වුණා” ඇතා දොඩමළුවෙමින් පැවසීය. මෙසේ කතා කරමින් ගමන් කරන විට එක් යුවතියක්, ආ මෙන්න අයියේ චුයින්ගම් එකක් කියමින් චුවින්ගමයක් ඔහු වෙත දිගු කළාය. ”තෑන්ක්ස් නංගී” කියු ”ඇතා” කොලය ගලවා චුයිගමය හපන්නට විය. තරුණියන් ද ඔහු හා කතාවට වැටුණු අතර ඇතාගේ විහිළු කතාවලට ඔවුහු බොහෝසේ සිනාසෙන්නට වූහ. චුයින්ගමයේ රස ඉවර වූ විට එය ඔහු ජනේලයෙන් පිටතට විසි කළේය. අභ්‍යාගයකි ඔහුගේ මුවේ ඉදිරිපස තිබු බොරු දතද චුයින්ගමයේ ඇලී පිටතට විසිවිය. කරකියා ගත නොහැකි වූ ”ඇතා” තම අතින් මුව වසාගෙන සිටියේය. එක් යුවතියක් ”අයියා තවම පරණ තැනමද වැඩ කරන්නේ.” යැයි විමසූ විට කට වසාගත් ඔහු හිස වනමින් ”ඔව්” යනුවෙන් සංඥා කළේය. යුවතියන් අසනු ලබන ප‍්‍රශ්නවලට නිහඬව සිටීම ගැන මවිතයට පත්වූ යුවතියක් ”මොකද අයියේ කතා කරන්නේ නැතිව ඔළුව වනන්නේ” යැයි පුදුමයෙන් විමසුවාය. කට වසාගෙන ඊළඟ බස් නැවතුමේ බසින බව අතින් යුවතියන්ට සංඥා කළ ”ඇතා” බසයේ ඉදිරියට ගොස් බස් නැවතුමෙන් බැස පයින්ම ගමන් කළේ ”දත් සාප්පුවක්” සොයමින්ය. දත අස්ථානගත වූයේ කොම්පඤ්ඤවීදිය අසලදීය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩෙන් හක්ක පනිනවා (ස)
නන්දන, මම හිතන්නේ අලි වාතයකට අහුවෙන්න ඇති. (නි)
හොද වැඩේ
බාල දතක් වෙන්න ඇති. (නි)
අයිතිකරුවකු නොමැති දතක් චුහින්ගමක් සමග ඇලී තිබී කොම්පඤ්ඤවීදිය අසලදී මම ඇහිදින ලදී, අයිතිකරු ඔබ නම් අනන්‍යතාව සහතික කර දත රැගෙන යන්න.
චුයින්ගම් වලට දත් ගැලවෙනවද? මගේ යාළුවෙකුටත් ඔහොම උනා. ඇලෙන ටොෆියක් කාලා දතක් ගලව ගත්තා.(ස)
අයියෝ සල්ලි
බොරු දත් කුට්ටමක් කටේ තියෙද්දී නිදහසක් නැහැ. දත් වැටුණත් නිදහසක් නැහැ. (නි)
කෙල්ලන් ඔහොමමයි. කොල්ලෙක් අහුවුණොත් දතක් ගලවන්නමයි උත්සාහ කරන්නේ. (නි)
ඇත්තටම බොරු දතතක් කීයක් වෙනවාද?(නු)
අනේ ඇතෝ දත ගලවන්න නංගිලා ටිකක්නෙ එකතුවෙලා ඉන්නේ..!(නු)
කතාවනම් හරි. ඔය දත තමයි ඊයේ මගේ සපත්තුවේ ඇනුනා. ඒක ඔයාට ඕන නම් කියන්න..(ස)
වට පිට ලස්සන කරන්න අපි කවුරුත් ඉගෙන ගන්න චුයින්ගම් ඔතාගන්න සාක්කුවේ දමාගන්න (ස)
ශානිකාට අහුවුණොත් නම් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
කෙල්ල දැක්කම දත අමතක වෙලා වගේ...(ස)
චින්තකට තරහා ගිහිං මොකද? එයාගෙවත්ද දත ගැලවුණේ... අනේ පව්? ඔහොම දේවල් වෙනවා තමයි ගනං ගන්න එපා..?(නු)
අනේ පවු. ඒ දත ගොඩක් ගණන් එකක්ද? (නි)
මේක බොරු කතාවක්වගේ තමන්ට උන දෙයක් ඔහොම කියනවාද උන කෙනා..!(නු)
පව් වැඩේ (ස)
ඔය වගේ වෙලාවට උන්හිටි තැන් විතරක් නෙමෙයි කරන කියන දේවලුත් අමතක වෙනවා .අයියෝ පව්..(ස)
ඇතා මොටද එක දලයක් පමනක් ඇතී.(ස)
ඇති යන්තම් එක දතක් ගැලවුණා. ඔය කෙල්ල එක්ක තව දුර ගියානම් තව මොන මොනවා වේවිද දන්නේ නෑ..(ස)
ඇති යන්තම්, දතක් ගැළවිලා බේරුණා. (නි)
මෙයාගේ දත් ඔක්කොම ගලවන්න එපැයි....(ස)
වෙන මොන මොන දේවල් ගැළවෙයිද‍්‍ද දන්නේ නැහැ. (නි)
ඔය දත දාපු දොස්තර ඉවරයි. (නි)
මිනිසුන්ට මෙහෙම දේවල් වෙනවා මේක හිනාවෙන්න දෙයක් නම් නෙමෙයි...!(නු)
මුලින්ම දත ගැලවුනේ පෙරහැර බලන්න ගිහිල්ලද?(නු)
මාර වැඩේ (ස)
බොරුනේ..චුයින්ගම්වලට දත් ගැලවෙන්නේ නෑනේ.(ස)
අයියෝ සල්ලි
ශානිකාට අහුවුණුනොත් දත් ගලවයි...(ස)
බැරි වැඩ නොකරන් අබරෝ