චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග අලෙවි කරන අයුරු කොළඹ නුදුරු ප‍්‍රදේශයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු විවාහකයකු වන අතර බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකි. තම රථයෙන් ගොස් දිනපතා උදෑසන හා සන්ධ්‍යා කාලයේදී කෑම වර්ග අලෙවි කරමින් සිටියේය. කාලයක් යනවිට ඔහු අනියම් ඇසුරක පැටලූණි. එහෙයින් වෙළඳාම් සිදුකර නිවෙසට යන වේලාව ද දිනෙන් දින ප‍්‍රමාද විය. තම සැමියා ගැන ඇයට සැකයක් ඇතිවුවත් ඒ ගැන ඔහුගෙන් නොවිමසා රහසිගත ලෙස ඇය තම ඥාතියකු ලවා පරීක්ෂා කර බැලීය. දැනගන්නට ලැබුණේ තම සැමියා අනියම් ඇසුරකට පෙළඹී ඇති බවයි.
එම තොරතුරත් සමග කළබල නොවූ ඇය දිනක් තම ස්වාමියාගෙන් රෑ බෝවන්නේ ඇයි දැයි විමසුවාය. එවිට දැන් හැමතැනම චූන් පාන් කට්ටිය වැඩියි. ඒ නිසා කෑම ටික විකුණගන්න සෑහෙන දුවන්නත්, මහන්සි වෙන්නත් ඕනෑ යැයි පැවසීය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් බිරිය‘‘එහෙනම් මමත් ඔයත් එක්ක එන්නම්, එතකොට ඉක්මනින් කෑම ටික විකුණගන්න පුළුවන් වේවි’’ යැයි පැවසුවාය.
එයින් තැතිගත් ඔහු ‘‘ ඕනෑ නෑ මම කොහොම හරි මහන්සි වෙලා කරගන්නම්’’ යැයි කීය. ‘‘නෑ නෑ දවසක් මම එක්ක ගිහිල්ල බලමු ’’යැයි ඇය පවසා පසුදා උදෑසනම ඇයත් අවදිවී චූන් පාන් රථයට ගොඩ වූවාය. ඔහු රියැදුරු අසුනේ සිටිය දී ඇය කෑම වර්ග අලෙවිකරන්න වූවාය. වෙනදාටත් වඩා ඉක්මනින් කෑම අලෙවි විය. චූන් පාන්ට කට උත්තර නැතිවිය. රෑ බෝ නොවී සවස් යාමයේම ඔවුහු කෑම අලෙවිකර නිවෙසට ගියහ.
ඒ අනුව දැන් ඇයත් දිනපතාම චූන් පාන් රථයේ ගමන් කරමින් කෑම වර්ග අලෙවි කරන්නට විය. චූන් පාන්ගේ අනියම් ඇසුරත් එතනින් නිමාවිය.
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා
ඩී.උපුල් Monday, 15 February 2016 09:08 AM
එක බිරිඳක් හොඳයි. එතකොට අර අනියම් බිරිඳ ගැන මොකද කියන්නේ. (බ)
පිටබැද්දර ජයා Friday, 12 February 2016 03:31 AM
කොහොමද ටිකිරි මොලේ , බුද්ධීමත් කාන්තාවක් ජය වේවා (ම)
රෙජි-සිඩ්නි Friday, 12 February 2016 03:37 AM
නුවණක් කාර බිරිඳක්.අඩදබර කරගන්නේ නැතිව, පවුලේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව තැනට සුදුසු විදිහට නුවණ පාවිච්චි කරලා ප්‍රශ්නය විසඳුවා. (ම)
රිහාන් Thursday, 25 February 2016 04:51 AM
ඉවසීමෙන් සැනසුම ලබාගත් බිරිඳක්. බිරින්දෑවරුන්ට හොඳ ආදර්ශයක් (ම)
ජනක Saturday, 13 February 2016 03:38 AM
මේ ගෑනු කෙනා අර ලංකාවේ ප්‍රචාරය කරන කිරි හෝ තේ බොනවා ඇති. නැත්නම් මෙච්චර සුක්ෂම මොලයක් කොහෙන්ද? (බ)
චන්දික Friday, 12 February 2016 04:47 AM
මොලේ ඇති ඉවසීම තිබෙන බිරිදක්... යහපතක්ම වේවා. (ම)
නලින් යහම්පත් Saturday, 13 February 2016 05:47 PM
කෙනෙකුගේ සතුට තව කෙනෙකුගේ දුකක්. සමහරු සිටිනවා සැමියා වෙනත් ස්ත්‍රියක සමඟ හාදකම් කරන අතර බිරිඳ වෙනත් මිනිසකු සමඟ හාදකම් පවත්වන. එහෙත් ඔවුන් වෙන්වන්නේ නැහැ (නි)
මැණික් Friday, 12 February 2016 05:21 AM
මම මේ කල්පනා කරන්නේ ඉවසීම, බුද්ධිමත්කම සහ හැදියාව බිරිඳට විතරක් තිබුනාම ඇතිද කියලා. (නි)
ආනන්ද දොඩන්ගොඩ Friday, 12 February 2016 12:52 PM
දෙන් ඉතින් ෙඩිය රෑ වෙන්න කලින් දෙන්නම ගෙදර යන නිසා , ගෙදරදී දෙන්නටහෛාඳට ඉන්න පුළුවන් (බ)
නුවන් විජේවර්ධන Friday, 12 February 2016 08:20 AM
ධර්මය හා කර්මය ගැන හරිහැටි අවබෝධයක් නැති එක තමයි ඔය ඔක්කොම මෝඩකම් වලට හේතුව.....(බ)
ලියනගේ Friday, 12 February 2016 05:22 AM
රටේ අනෙකුත් තරුණ බිරින්දෑවරුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ මෙවැනි බිරින්දෑවරුන්.ඉවසීම, තැනට සුදුසු නුවණ... දැන් රටේ පවතින වාතාවරණය අනුව හොඳ පියවරක් ගත් අපේ කාලයේ කාන්තාවක් (නි)
සරසි Friday, 12 February 2016 05:25 AM
ව්‍යාපාරිකයක් කියන්නේ විශ්වාස කළ හැකි පිරිමි කොට්ඨාශයක් නෙමෙයි. දුප්පත් මාස් පඩිකාරයෙකු , දවසේ කුලියට වැඩ කරන කම්කරුවෙකුගේ බිරින්දෑවරු සැනසීමෙන් ජීවත්වෙනවා. සල්ලි වැඩිවෙන තරමට ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ඇහැට කනට පේන තරුණියන්. (නි)
මේනක Friday, 12 February 2016 05:39 AM
බිරිඳ බුද්ධිමත් සහ ඉවසනසුළු වුණාට දැන් මේ සැමියාට කාම මිත්‍යාචාර පාපයෙන් ගැළවෙන්න බැහැ. ඊළඟ ආත්මයේ තමන්ව තලන පෙලන බිරිඳක් වුණත් ලැබෙන්නේ මෙහෙම උදවියට තමයි. විවාහය යනු එක පාර්ශවයකගේ මහන්සියෙන් පමණක් ගොඩදාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. (නි)
කිරි ගමරාල Friday, 12 February 2016 05:36 AM
අපරාදේ. ස්වාමි පුරුෂයාගේ චූන් එක. (ර)
ඉමේෂ් Monday, 15 February 2016 01:30 AM
බුද්ධිමත් කාන්තාවක් (නි)
චන්ද්‍රසිරි Friday, 12 February 2016 08:00 PM
ඒකට අපේ උන්දැලා? හොයන්නෙම නැති වැරදි (නි)
අජිත් Saturday, 13 February 2016 01:04 PM
ඉතාම හොඳ බිරිඳක් බව පේනවා. ජය ශ්‍රී. (නි)
ඉන්දික Sunday, 14 February 2016 12:08 PM
ජය වේවා දෙන්නටම! (නි)