IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


චිත‍්‍රපටයක් බලන්න ගිහින් කොන්දත් කඩාගෙන

චිත‍්‍රපටයක් නැරඹීමට ගිය තරුණ පිරිසකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව සත්‍ය පුවතක් කුරුණෑගලින් වාර්තා විය. 

තාරුණ්‍යය පිළිබඳ හැඟීම් දනවනසුළු පේ‍්‍රම වෘත්තාන්තයක් ගැන කියවෙන හින්දි ජනප‍්‍රිය චිත‍්‍රපටයක් නගරයේ සිනමාහලට ඇවිත් යන ආරංචිය ප‍්‍රදේශයේ තරුණ පිරිසකගේ කණ වැකිණි.

ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටි එම චිත‍්‍රපටය පැමිධෑම පිළිබඳව සතුටට පත් තරුණයන් හත් අට දෙනෙක් එය බැලීමට යාම සඳහා දිනයක් කතාබහ කරගත්හ. කතා කරගත් පරිදි යතුරුපැදිවලින් ගමන්ගත් පිරිස සිනමාහල වෙත ළඟා වන විට චිත‍්‍රපටය පටන්ගෙන තිබිණි.

චිත‍්‍රපට ශාලාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කර තිබුණු දැවැන්ත ජනප‍්‍රිය නළු නිළි යුවළකගේ ඡුායාරූප දැකීමෙන් තරුණ පිරිසගේ සිත් තව තවත් නොසන්සුන් විය. ප‍්‍රවේශපත් මිලදීගෙන කඩිමුඩියේ සිනමා ශාලාව කරා පියනැඟූ පිරිස ”එන්න එන්න මල්ලිලා ෂෝ එක දුවලා විනාඩි10 ක් විතර ඉක්මනට එන්න ඇතුළට” ශාලා සහායක දුවමින් විදුලි පන්දම දල්වා අඳුරු ශාලාවට පිරිස කැඳවාගෙන ගියේ කඩිනමිනි.

ඒ වනවිටත් තිරයේ ප‍්‍රදර්ශනය වෙමින් තිබුණේ ජනප‍්‍රිය නිළියගේ හා නළුවාගේ පේ‍්‍රම ජවනිකාවකි. තරුණ පිරිසගේ ඇස් දිවගියේ ඒ තිරය වෙතය. විදුලි පන්දමේ එළියෙන් අසුන් පෙළක් දැකගත් තරුණයෝ තිරයෙන් ඉවත් නොකළ දෑසින් යුතුවම අසුන්වල වාඩිගත්හ. ‘‘බුදු අම්මෝ..... කොන්ද’’ ශාලාවේ පිටුපසින් ඇසුන අඳෝනාවට කවුරුත් බියවූහ. ශාලාවේ පිටුපස විදුලි ආලෝකයද දැල්විණි.

ශාලාවේ පිටුපසම පේළියේ වාඩිවීමට ගිය තරුණයන් දෙදෙනකුම අසුන්වල යැයි සිතා තිරය දෙස බලාගෙන වාඩිවී ඇත්තේ බිමය. කොන්ද අල්ලාගෙන බිමින් නැගිටින තරුණයෝ නිහඬවම නැවත අසුන් මත වාඩි වූහ.



අදහස් (0)

චිත‍්‍රපටයක් බලන්න ගිහින් කොන්දත් කඩාගෙන

ජයරත්න Tuesday, 08 March 2016 08:29 AM

ඉතින් ප්‍රේමදාස පහුවෙනිද හරි ඒ චිත්‍රපටිය බැලුවද?(අ)

:       0       0

රූපවතී Monday, 07 March 2016 10:46 AM

මමනම් නෙවේ ඔන්න .....?(හේ)

:       0       0

බණ්ඩාර Monday, 07 March 2016 10:50 AM

මදැයි ඔයින් ගියා.. බිමට වැටුන නිසා හොදයි. (ර)

:       0       0

ප්‍රේමදාස Tuesday, 08 March 2016 06:27 AM

ඉස්සර තිබුනා "අදට වැඩිය හෙට හොඳයි" කියලා චිත්‍රපටයක්. මේක බලන්න කුරුණෑගල ප්‍රදේශයේ ගමක තරුණ පිරිසක් පාපැදි වල ගියා. හැබැයි ගියේ රාත්‍රියේ 9:30 ට. ගිහින් දැන්වීම බැලුවහම කියලා තියෙන්නේ 'හෙට හොඳයි' කියලනේ. ඒ නිසා ආපහු ගෙදර ඇවිල්ලා තියනවා. මේ ගම ඔය වැඩ වලට ප්‍රසිද්ධ ගමක් (නි)

:       0       0

ජනහිත Tuesday, 08 March 2016 06:39 AM

කියනකොටම මම හිතුවේ කරුවෙලේම කාගේ හෝ ඔඩොක්කුවක ඉඳගෙන හොඳ සාත්තුවක් ලැබිලා කියලා (නි)

:       0       0

ජනහිත Tuesday, 08 March 2016 06:40 AM

රූපවතී නම් හොඳට හොයලා බලලානේ වාඩිවෙන්නේ. (නි)

:       0       0

සුරංජිත් Monday, 07 March 2016 12:23 PM

අයියෝ පිස්සෝ ටිකක්නේ.(හේ)

:       0       0

අශේන් Wednesday, 09 March 2016 06:19 AM

හිනා කාල පන යනවා (බ)

:       0       0

මහින්ද Monday, 07 March 2016 01:03 PM

මේ වගේ ෆිල්ම් පිස්සොන්ට නම් වෙනවා.(හේ)

:       0       0

සිල්වා Monday, 07 March 2016 02:10 PM

ඉස්සර අපේ ගම්පලාතේ පාලිත කියල චිත්‍රපටි පිස්සෙක් හිටිය , ඔහු එකම චිත්‍රපටිය බලන්න හැමදාම චිත්‍රපටි ශාලාවට යනවා ,දන්නා අදුනන අයත් අතින් ටිකට් අරන් දිල ඇතුලට ගෙනියනවා , ච්ත්‍රපටිය පටන්ගත්තට පස්සේ ක්‍රිකෙට් තරඟයක විස්තර විචාරකය වගේ චිත්‍රපටිය ගැන කමෙන්ට්‍රියකුත් දෙනවා , සමහර වෙලාවට අනිකුත් ප්‍රේක්ෂකයන්ගෙන් ගුටි කන වෙලාවලුත් තිබෙනවා (බ)

:       0       0

ජයරත්න Monday, 07 March 2016 02:05 PM

මේක එම තරුනයන්ගේ විහිලුවක්. කමක් නැහැ කවුරුත් මේවගේ තැන් වලට යන්නෙ විනෝදාශ්වාදය ලබන්න නේ. ඉතින් මේ වගේ අහින්සක විහිලුවක් කරලා අනුන්වත් හිනස්සලා තමනුත් සතුටු වෙන එකේ වරදක් නැහැ.(හේ)

:       0       0

වික්‍රම Tuesday, 08 March 2016 03:52 AM

අපි පොඩි කාලේ සත ගානට ගැලරියේ පිචර් බලපු හැටි මතක් වෙනවා.. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 March 2016 08:53 AM

එළියේ ඉඳල එක පාරටම කළුවරට ගියහම් අඳුරට හුරු වෙන්න ටිකක් වෙලා යනවනේ , පවු කොල්ලෝ දෙන්නා , මීට පස්සෙවත් නිලියෝ දිහා බලද්දී ප්‍රවේසමෙන් පුතේ ! (ර)

:       0       0

ජෙහාන් Monday, 07 March 2016 09:41 AM

ලොකු දෙයක් බිම වාඩි වුන එක. බැරි වෙලා වැරදීමකින් කලුවරේම බවලතෙකුගේ ඔඩොක්කුවට එහෙම වැටුනානම් කොන්දක් නැතිව යන්න වෙන්නේ. (ර)

:       0       0

මොරවක Wednesday, 09 March 2016 02:33 AM

තාමත් චිත්‍රපටි බලන්නේ හෝල් වලද? බලන්නකො ගෙදර ඉඳලා ඔන්ලයින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site