අගනුවර අධ්‍යාපන සම්මන්ත‍්‍රණයකට සහභාගිවීමේදී දැන හඳුනාගත් මේ යුවළගේ ප‍්‍රථම පේ‍්‍රමයට කණකොකා හැඬුවේ ඇය දැඩිසේ ආගම දහමට බරවීම නිසාය. එහෙත් පසු කලෙක සියනෑ වේ එකම බැංකුවක සේවයට යාම නිසා ඒ ප‍්‍රථම පේ‍්‍රමය යළි දළුලා වැඩිණ.
පසුගියදා උසස් ගණයේ ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක් අගනුවර සිනමා හලෙක ප‍්‍රදර්ශනය වන බව දැනගත් ඔහු සිය පෙම්වතියට මෙය බැලීමට යෝජනා කොට අමාරුවෙන් කැමති කරවා ගත්තේ එදින නිවාඩු දිනයක් වූ හෙයිනි.
පන්සලට යන මුවාවෙන් වටිනා ධර්ම ග‍්‍රන්ථයක්ද රැුගෙන සිනමාහලට ආ ඇය ඔහු සමග අසුන් ගතව සිනමා පටය ආරම්භ වනතුරු දහම් පොත කියවූයේ ඔහු සමග පිළිසඳරෙහි යෙදෙමිනි. සිනමාහල අඳුරු කළ පසු ඔහුට තුරුළු වී සිනමාව නැරඹුවත් මොහොතකින්ම එය ඇයට නීරස වූයෙන් තම දහම් පොත පෙරළාගෙන ජංගම දුරකතන එළියෙන් එය කියවනු දුටු පෙම්වතාට තරු පෙනිණ.
කෝපයට පත් ඔහු වහාම දුරකතනය උදුරාගෙන එළිය විසන්ධි කොට ඇයට දුන්නත් ‘‘පව් කරගන්න එපා අනේ’’ කියූ ඇය විවේක කාලය එනතුරු ජංගම දුරකතන එළියෙන් පොත කියෙව්වාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ගොඩක් අය ඒ දෙන්නගේ සම්බන්ධේ ගැන ඔයතරම් ඔළුවට අරගෙන. තමන්ගේ මට්ටටම් තම්මැට්ටම් කියලා, එයාල ඕන කස්තිරමක් නටයි. ඒ නිසා ඔයාලා තමන්ගේ සම්බන්ධතාවල දිග පළල ගැන සොයා බලන්න. ඒ දෙන්න මේ මොහොතේත් සතුටින් ඇති. (ර)
මට හිතෙන්නේ කෙල්ල දහමට ඔච්චර කැමති නම් , කොල්ලෝ සහ විවාහය කරන්න හොඳ නැහැ.. දෙකක් බැහැ ...(බ)
ඇය බෞද්ධයෙක් නොව අන්තවාදියි. 90% බෞද්ධයෝ මැදුම් පිළිවෙතේ නෑ (බ)
අපේ අය බුද්ධාගම පටළවාගෙන. ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි කියන්නේ දෙකක් (නි)
රුචි අරුචි කම් වල ඇති සුළු වෙනස්කම් නම් ඉතින් එකිනෙකාගේ අවබෝධය සහ ඉවසීම ඇත්නම් ප්‍රශ්නයක් නැහැ . 100% අදහස් ගැලපෙන පිරිමියෙක් සොයන්න ගියොත් ලංකාවේ බහුතරයක් බවලතුන්ට බඳින්න වෙන්නේ නැහැ . දැනටමත් ගැහැණු ප්‍රතිශතයට සමානව පිරිමි ප්‍රතිශතය අඩුයි. (බ)
මේක හරියන දීගයක් නෙමෙයි. අපි ආගම දහමට නැඹුරු වෙන්න ඕනෑ තමයි. ඒත් මේ විදිහට වුණොත් අපිට වෙන ජීවිතයක් නැතිවෙනවා. (නි)
මමත් ඒ කාලේ චිත්‍රපටි බැලුවා. ඒක සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද කියලා අපිට ප්‍රශ්නයක් තිබුනේ නැහැ. (නි)
විශ්වාස කරන්න ටිකක් අමාරු කතාවක්. දැන් මොකටද පන්සලට යන බවක් අමුතුවෙන් මේ ගමනේදී දක්වන්න ඕන වුණේ ? මට නම් තේරෙන්නේ නැහැ . (ම)
මම දන්න අපූරු කතාවක් කියන්නම්. මම දන්න තරුණ යුවලක් හිටියා. මේ අය බොහෝම ආදරයෙන් විවාහ ජීවිතය ගත කළා. ටික කාලයකින් දෙන්නාම ඩුබායි රටේ රැකියාවකට ගියා. බොහෝම සතුටින් ජීවත් වුණා. සල්ලිත් බොහෝම තිබුණා. නමුත් කාලයක් යන විට දෙන්නාම ආගමට දහමට දැඩි සේ නැඹුරු උනා. එක ගෙදර හිටියත් පවුල් ජීවිතයක් ගත කරේ නෑ. හැම වෙලාවේම ආගම දහම, අනිත්‍ය තමයි මෙනෙහි කරේ. ඔහොම කාලයක් ගිහින් ආරංචි උනා දෙන්නාම ප්‍රසිද්ධ අසපුවකට ගිහින් මහන උනා කියලා. අපිත් සතුටු උනා මේ දෙන්නා ජීවිතය දිහා බලපු විදිහ ගැන. දන්නවාද අලුත්ම ආරංචිය? දෙන්නාම සිවුරු හැරලා ආයිත් අඹුසැමියන් විදිහට ඉන්නවා. මුලින්ම සිවුරු හැරියේ තරුණ ගෑණු ළමයා. ඊට පස්සේ පිරිමි ළමයා (හාමුදුරුවෝ) කිව්වා " මෑණියෝ සිවුරු හැරිය නිසා මටත් ශාසනේ ඉන්න බෑ, මමත් සිවුරු හරිනවා"කියලා. දැන් දෙන්නා ආයිමත් අපූරූවට පවුල් ජීවිතය ගෙවනවා. කරන්නන් වාලේ මේ වගේ දෙවල් කරන්න ගියොත් වෙන්නේ ඔහොම දේවල් තමයි. (ම)
අම්මෝ! හේමන්තට ගිහිල්ලා තියන තරහක්? ඉනෝකාගේ පණ්ඩිත කතා තමයි මට අල්ලන්නේ නැත්තේ. රූපවතීගේ අඩුපාඩුව පුරවනවා වගෙයි. (නි)
මේක හරියන විවාහයක් නෙමෙයි. මොකද දෙන්නගේ සිතුම් පැතුම් නොගැළපෙන නිසා. පන්සල් ගියා නම් දෙන්නම සිල්වත් වෙන්න ඕනෑ. චිත්‍රපටිය බලන්න ගියා නම් ඒ විනෝදය විඳින්න ඕනෑ. ඔය දෙන්න විවාහ වුණොත් පළමු දවසේ ඉඳලා ප්‍රශ්න ඇතිවෙයි. (නි)
ඔය පින්තුරේ වීසීඩී එක ගෙනල්ල බැලුවනම් මුදලත් ඉතිරියි . නෝන පොතත් කියවයි . හොඳ වෙලාවට මැනේජර් නොදැක්කේ . හෝල් එකේ විදුලි එලි දැල්වීම තහනම් නේද ? (බ)
මෙහෙමත් දේවල්! (නි)
අනේ මන්ද මොනවා කියන්නද කියල මේ හරියන දීගයක් කර ගන්න කියල තමයි පිරිමි පක්ෂයේ කෙනාට කියන්න තියෙන්නේ මොකද මංගල දිනයේදීත් ඇය දහම් පොත දිග හැර ගත්තොත්.....? (බ)
චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් නිසා වහාම පිළිකුල් භාවනාව ගැන මතක් වෙන්න ඇති. (බ)
කවදාවත් හරියන දීගයක් නෙමේ. (බ)
මම දන්නා යාලුවෙක් ඉන්නවා කන සාක්කුවට වැටෙන්න බොන්න ඕන , නෝනා ආගමට දහමට බොහොම ලැදියි කොයිතරම්ද කියනවා නම් මස් මාංස කටේ තියන්නේ නැහැ නිවාඩුවක් ලැබුණද පන්සලේ එක්කෝ ධර්ම සාකච්ඡාවක් නැත්නම් භාවනා වැඩසටහනක් බොහොම ශ්‍රධාවන්ත කාටවත් කරදරයක් නැති කාන්තා රත්නයක් , කරුමේ කියන්නේ පන්සස්ල් ගිහින් හිත සන්සුන් කරගෙන ගෙදර එනකොට මහත්තය සිහි සුන් වෙන්න බීල හැමදාම රණ්ඩු දැන් දික කසාද වෙන්නත් බැහැ ලොකු මහත් වෙච්චි දරුවෝ දෙන්නෙක් ඉන්නවා , රණ්ඩු මැද්දේ වුණත් පවුල් කනවා වෙන කරන්න දෙයක් නැති නිසාම , ඉහත ජෝදුවටත් අපට කියන්න තියෙන්නේ යා දෙක නොරත රථ සමග පෑහීමක් නැත කියලයි (අ)
මැදුම් පිළිවෙත් කුමක්ද කියාවත් බොහෝ අය දන්නේ නැහැ. (ර)
මම විවාහ වුනේ යෝජනාවකින්.අපේ පවුලේ නිතර පින් දහම් කරන පුරුද්ද මටත් තිබෙන නිසා මම විවාහයට පෙර ඔහුගෙන් ඇහුවා ..ඉඳහිටවත් සිල් ගන්නවාට පින් අතේ වැඩකරනවාට කමක් නැද්ද කියලා. මගේ හොඳ වෙලාවට ඔහුත් දනට පිනට මනාප කෙනෙක්. නැති නම් මම පන්සල් ගිහින් එනකොට ඉස්තෝප්පුවේ වාඩි වෙලා හොස්ස දික් කරගෙන ඉන්න මහත්ත්යෙක්ව ලැබුනා නම් ඉවරයි. අපේ වෙනස් රුචි අරුචි කම් වුනත් අපි දෙන්නට ඉවසන්න පුළුවන්. ඔක්කොම අදහස් එක සමාන ජෝඩු කොහෙද මේ ලෝකේ ඉන්නේ ? (හේ)
භද්‍ර යෞවනයේ සුන්දරත්වය විඳියයුතු වෙලාවක ධර්ම ග්‍රන්ථයක් පෙරළාගෙන කොහොමද...? අනික් කරුණ ඝෝෂාකාරී පරිසරයක පොත් කියවන්නේ කෙසේද? ආගම දහමට බොහෝ ලැදි මෙවැනි අය බොහෝවිට නිර්මාංශික අයයි. මා දන්නා අයත් ඉන්නවා. මෙවැනි අය සමඟ පවුල් කන්න නම් මනා ඉවසීමේ ගුණයක් තිබිය යුතුවෙනවා. යෞවනයා විනෝදකාමී තරුණයෙක් නම් නොගැළපීමක් ඇතිවෙනවා නේද? වැල යන දිශාවට මැස්ස ගහන්න දක්ෂයෙක් නම් ඔන්න දිනුම් (නි)
ඉන්දික - ගම්පහ කියන කතාව හරියට හරි. සතුට තියෙන්නේ හිතේ. විවාහය කියන්නේ ලිංගික ජීවිතයම නෙමෙයි (නි)
ඉස්සර මෙතන බයිට් උනේ රූපවතී සහ චන්දි නේ. දැන් ඉනොක්කාව අල්ලාගෙන. ඉනෝකා ඔය ඕවා ගණන් ගන්න එපා. අපේ සමහරක් කට්ටියට ඔය වාගේ කතා කීවේ නැත්නම් ඇඟට සනීප නැතුව ඇති. (ර)
අපිත් ඒ කාලේ චිත්‍රපටි බැලුවා. හැබැයි ඔක්කොම දෙමළ චිත්‍රපටි තමයි බැලුවේ. (නි)
මෙතුමා සහ මෙතුමිය විවාහ වුණොත් නම් ඉතින් මධුසමයට යන්න කලින් මනමාල මහත්මයා අනිවාර්යෙන් කළයුතු දෙයක් තමයි මනමාලිගේ ඇඳුම් බෑගය බලා පොත්පත් ටික හොරෙන්ම ඉවත්කිරීම. නැත්නම් එදාටත් "පවු කරගන්න එපා අනේ" කියාවි මෙතුමිය. (නි)
පිනට ලැදීවීම ඉතා හොඳයි. නමුත් විවාහ වුණාට පසුව පින්දහම් කිරීමත් විවාහ ජීවිතයත් එකිනෙක නොගැටිමට වග බලාගත යුතුයි. සමහර නෝනලා ළමයින් ලැබුන පසුව දැන් ළමයින් ලොකුයි ඒගොල්ලන්ට තේරෙනවා කියමින් හෝ දැන් අපිට එලොවට වැඩක් කර ගැනීමට කාලය ඇවිත් කියමින් සැමියාට අතින් අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැහැ. සැමියාගේ පුද්ගලික අවශ්‍යතා ගැන සිතන්නේ නැහැ. මේ අතරේ ඔහු වෙනත් පැත්තකට ඇදුනොත් අර කළ පින්දහම් ටිකත් අමතකවෙලා යුද්ධයකට මුල පිරෙනවා. (නි)
චිත්‍රපටියේ හැඩයි නළුවාගේ වැඩකිඩයි දැකලා තමාගේ පෙම්වතා ගැන කළකිරෙන්න ඇති (නි)
මේක නම් හරියන දීගයක් නොවෙයි. මොහු මෙච්චර මෝඩද? එයාට තියෙන්නේ ගැළපෙන වෙන කෙනෙකු හොයාගන්න. ඇයට තියෙන්නේ දසසිල් උපාසිකාවක් වෙන්න. දෙන්නා යන්නේ පාරවල් දෙකක. (නි)
එසේ වූ පින්වත් සැමියෙක් ලබන්න බිරිඳ වාසනාවන්ත වියයුතුය. මම නොවෙයි කියන්නේ.. නිබ්බුත ගාථා. ඒ වගේමයි පිනට ලැදි බිරිඳක් ලබන්න සැමියා වාසනාවන්ත විය යුතුයි. ජීවිතේ නිසරුබව , ත්‍රිලක්ෂණ අපි මොන තත්වයේ සිටියත් අවබෝධ කරගතයුතුයි. මෙය ආගම නොවෙයි .ලෝකයේ යථාර්ථයයි . අප තිලෝගුරු බුදුන් වහන්සේ දෙසුවේ එම යථාර්තයයි. උන්වහන්සේ අවබෝධ කරගත්තේ එම යථාර්තයයි. ඔබ මොන ආගමක් ඇදහුවත් එම යථාර්තයෙන් මිදීමට ඔබට නොහැක. කිසිම දෙවියෙකුට , යක්ෂයකුට හෝ කිසිම කෙනෙකුට ඔබ වෙනුවෙන් එය කල නොහැක. එය ඔබ විසින්ම අවබෝධ කරගතයුතු ලෝක සත්‍යයකි. (ර)
අම්මෝ එහෙම කෙල්ලෙක් නම් එපා.(හේ)
එකිනෙකාගේ රුචි අරුචි කම් සසර පුරුදු ඉතාම වෙනස් නම් ඉතින් දෙදෙනාම නැවත සිතා බැලුවා නම් හොදයි. එක ජීවිතයක් හෝ ජීවිත දෙකක් හෝ, ඉන් ඇතිවෙන පීඩනයෙන් අහක සිටින ජීවිත කිහිපයක් හෝ අවදානමේ වැටෙන වැඩක් වෙන්නත් බැරි නෑ මෙය නොගැලපෙන දීගයක් වුනොත්. නැවත හිතලා බලලා දෙදෙනාගේම හිත සුව පිණිස වෙන තීරණයක් හොද තීරණයක් ගන්න. (ර)
මට පෙනෙන හැටියට චිත්‍රපටිය අනවශ්‍ය දර්ශන සහිත එකක් වගේ. (නි)
මොකද මේ හේමන්තට තරහා ගිහිල්ලා තියෙන්නේ? (නි)