IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චතුර මෝටර්ස් එකෙන් වතුර මෝටර් ඉල්ලලා

(තිහගොඩ උපසේන ලියනගම)

බස්නාහිර පළාත් උප ප්‍රධාන නගරයකි. එහිවූ වෙළෙඳ සලකට පසුගියදා පාරිභෝගිකයකු ගියේ වතුර මෝටරයක් මිලදී ගැනීමටය. අඩු මිලට වතුර පොම්ප මිලදී ගැනීමට නම් මෙම වෙළෙඳ සලකට යන ලෙස තම හිතවතකු කී නිසා ඔහු පැවසූ මං සලකුණු ඔස්සේ ගිය පාරිභෝගිකයාට එම වෙළෙඳසල සොයා ගැනීම අපහසු නොවූයේ එහි ඉදිරිපස දැන්වීම් පුවරුවේ “වතුර මෝටර්ස්” යනුවෙන් සඳහන් වූ නිසාය.

එහෙත් වෙළෙඳසලේ සේවකයාගෙන් වතුර මෝටර් ගැන විමසූ විට මෙහි ඇත්තේ මෝටර් රථ අමතර කොටස් පමණක් බව කී නිසා ඔහු අන්දමන්ද විය. “එහෙනං ඉස්සරහ බෝඞ් එකේ වතුර මෝටර්ස් කියල ගහල තියෙන්නේ” ඔහු කීවේ තරමක කේන්තියෙනි.

“අංකල් ඒ වතුර මෝටර් කියල නෙවි. චතුර මෝටර්ස් කියල. අපේ මුදලාලිගෙ නම චතුර. ඔය කියන වතුර පොම්ප කඬේ තියෙන්නේ තව මීටර් දෙසීයක් විතර එහා” සේවකයා කීමෙන් පාරිභෝගිකයාට දෙවියන් සිහිවුණාලු.

 



අදහස් (2)

චතුර මෝටර්ස් එකෙන් වතුර මෝටර් ඉල්ලලා

rithik Monday, 15 May 2017 05:56 AM

දෙවියන් සිහි වුණා... කෙසේ වෙතත් මැරෙන්න හිතෙන්නත් ඇති...

:       14       104

Padmini Tuesday, 16 May 2017 11:49 AM

දැන් වතුර මෝටර් විකුනන්න පටන් ගන්න. චතුර,

:       26       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site