IMG-LOGO

ගහේ බඩු සොයා ගොස් වැඬේ වැරදිලා

සාදයකට සහභාගිවීම සඳහා දුර ප්‍රදේශයකින් පැමිණි පිරිසක් මධුවිත සප්පායම් වීමට ගහේ බඩු සොයා බැහැර ගොස් නැවත පැමිණෙන විට සාදය හමාරවී තිබීම නිසා ඔවුන්ට ගෙදර ඉතුරුපහදු වී තිබූ කෑමවලින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් මාතර දිසාවේ උපනගරයකින් අසන්නට ලැබිණ. දියණියකගේ වැඩිවිය පැමිණීම නිමිත්තෙන් පැවති සාදයකි. සාදයේ සියලු සංග්‍රහ සත්කාර සිදුකිරීම සඳහා කේටරින් සේවා ආයතනයකට බාර දී තිබිණ. සැලකිය යුතු ඉහළ මට්ටමකින් රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණ ද මත්වතුර නම් අහලකවත් ගෙන නොඒමට නිවැසියන් තීරණය කර තිබී ඇත.


 එම නිසා කෑමට පෙර බීම අවශ්‍ය අය ඒ සඳහා විකල්ප ස්ථාන සොයා ගියහ. ඒ අතර ඈත නාගරික ප්‍රදේශයකින් පැමිණි තරුණ පිරිසකට මඟුල් ගෙදරට ගොඩවීමටත් පෙර ඔවුන්ගේ පැරණි පාසල් මිතුරකු මුණ ගැසී  ගහේ බඩු තිබෙන ස්ථානයකට යාමට ඇරියුම් කළේය. එම ඇරියුම කනවැකුණු සැණින් ඔවුහු මිටෙන් හළ කුරුල්ලන් මෙන් තමන් පැමිණි වාහනයෙන්ම එම ස්ථානය බලා ඉගිලී ගියහ. කලකින් ලබුණු කිතුල් රා ටික ඔවුන්ට අමෘතයක් මෙන් විය. මිතුරා සමඟ ද ආගිය තොරතුරු කතාකරමින් මල් පැණි තොල ගෑ පිරිසට සාදය පිළිබඳව මතක් වන විට මැදියම් රැයට ද ආසන්නය. දැන් ඇතැමෙකුට බඹර පදංය.


 කෙසේ හෝ මඟුල් ගෙදරට යන විට සියලු දේ අස්පස් කර කේටරින් ආයතනය ද ආපසු ගොසිනි. නිවසේ කිසිවෙකුටත් මොවුන් පිළිබඳව මතකයක් ද තිබී නැත. 


කෙසේ වෙතත් බතක් උයා පොල් සම්බෝලයක් ද සාදා සාදයේ ඉතුරු වී තිබූ කෑම වර්ග ද සමඟ ආගන්තුක පිරිසට සංග්‍රහ කිරීමට නිවැසියෝ යුහුසුළු වුණාලු.

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)



අදහස් (0)

ගහේ බඩු සොයා ගොස් වැඬේ වැරදිලා

වික්‍රම Monday, 25 July 2016 03:50 PM

අපේ පැතිවල ඉතින් සුපිරිම දේවල් තමයි තියෙන්නේ. නැද්ද ජයා? (නි)

:       0       0

මූර්ති Saturday, 23 July 2016 05:54 AM

හොඳ වැඩේ! (නි)

:       0       0

පිටිගල Sunday, 24 July 2016 04:45 AM

ඉතින් නියමයි නේ? කාලෙකින් වෙනසක්. කිතුල් රා. පොල් සම්බෝල එක්ක බත්. සුපර්. නේ මගුල් කියන්නේ අන්න නියම මගුල් (බ)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 01:02 PM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

අසෝකා Friday, 22 July 2016 08:36 PM

තැනකට ගියාම එතන මිනිසුන්ට ප්‍රිය විදියට, හිරිහැරයක් නොවන විදියට ඉන්න දන්නේ කීයෙන් කී දෙනාද? ගෙවල් වල උවමනාවක් වුණාම ඒ ගෙවල්වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද කියලා සමහරු හිතන්නෙම නැහැ. කනමදයෝ වගේ බීගෙන මුළු උත්සවයම අවුල් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site