දකුණු පළාත් රාජ්‍ය ආයතන කීපයක් අසල වූ තේ කඩයකි. මුදලාලි සාමාන්‍ය තේ එකක් හදන විට එය ජෝගුවෙන් කෝප්පයට හෙමින් වත් කළත්කිරි තේ කොප්පයට දමන විට ජෝගුව අඩි දෙක තුනක් ඔසවා ඉහළ සිට වත් කළේ කපටිකමටය. එවිට කෝප්පයෙන් අඩක්ම පෙනවලින් වැසෙන බව ඔහු දනී.
කාර්යාලයේ වැඩ කීපයක් කරගත් ගුරුවරයකු කඩයට ගොඩ වී කිරි තේ එකක් ඉල්ලූවේය. මුදලාලි සුපුරුදු පරිදි පෙනවලින් පිරුණු තේ එක මේසය මත තැබීය.
තම සමීපයට ආ හිතවතකු සමග මොහොතක් කතා කළ ගුරුවරයා තේ එක බීමට බලන විට දුටුවේ පෙන නැතිවගොස් තේ බාගයකි.
තේ බී කවුන්ටරයට ගිය ඔහු රුපියල් පහළොවක් දුන්නත් මුදලාලි කීවේ තේ එක රුපියල් විස්සක් බවකි. ”නෑ ගාන හරි මුදලාලි, තේ බාගෙට රුපියල් දහයයි. පෙන ටිකට රුපියල් පහයි” කී ඔහු කඩයෙන් එළියට බැස්සේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රටේ නැද්ද ප්‍රමිති ආයතන? (නි)
අන්න එහෙම තමයි කරන්න ඕනේ (දී)
පෙරේරට තේරෙන දේ සමහර අයට තේරෙන්නෙ නැති එකනෙ පුදුමෙ. මේක විහිළුවක් කියල හිතන්න එපා. (ස)
මේවා දන්න නිසා අපි බොන්නේ කිරි පැකට් (ස)
ඒකනේ කියන්නේ බෙන්තර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. (නි)
දකුණේ කියලා උඩ පනින්න එපා. මුදලාලිත් දකුණෙනේ (ස)
සිල්වා හරි. මේක තේ රසවත් කරන විදියක් තමයි. (නි)
මෙතන තියෙන්නේ දෙන්නගේම කූට බුද්ධිය මිස වෙන කිසිවක් නොවේ. (නි)
දකුණේ මිනිස්සු නම් අහුවෙයි මුදලාලිලාගේ ගැට වලට? (නි)
එන්නකෝ නුවර.... තේ එක දෙන්නේ කොහොමද බලන්න. (නි)
මුලින් දකුණෙ ප්‍රවෘත්ති, පසුව දකුණෙ නොවුනත් දකුණේ ගමක් ගැන සදහන් වන ප්‍රවෘත්ති, ඊට පස්සෙ දකුණෙ නොවන ඒවටත් දකුණේ වුණ දෙයක් කියල අදහස් දානව. සියල්ල විහිලුවට නොගෙන කරුණාකර මෙය නවත්වන්න, (ස)
එහෙම තමයි
දකුණේ අන්දරේලා (ස)
නිමන්ත ඔයා කොහොමද ඔච්චරටම දන්නේ (ස)
කපටිකමයි - රසයි (ස)
දාන අදහසක් මාතෘකාවට අදාලව දන්න. දකුණ දකුණ දකුණ.... මේක දැන් විකාරයක් වේගෙන යන්නේ. (නි)
හරිනෙ ඉතිං මුදලාලිත් දකුණු පළාතෙමනේ.. මොකද ඉතිං කරන්නෙ.?(නු)
ඔය ගොල්ලෝ ටින්කිරි බොන්න එපා. ඊලඟට සේරටම දියවැඩියාව (ස)
ඊර්ෂාවයි පිළිකුලයි අතර ලොකු වෙනසක් තියෙනවා මිගාර. (ස)
මට හිතා ගන්නවත් බැරි උනා (දී)
මේ වගේම තමයි සුපිරි හෝටල් වල දෙන ජූස් වීදුරුව. වීදුරුවේ අඩිය ඇතුල් පැත්තෙන් උඩට නෙරලා තියෙන්නේ. ජූස් තියෙන්නේ වීදුරුවෙන් භාගයයි. (නි)
ප්‍රවෘත්තිය හරියට තේරුම් අරගෙන අදහස් පල කරන්න තුෂාන් (ස)
කෝ රොෂාන් සහ ලහිරු? ඔන්න එයාලගේ පැත්ත ගැන මොනවද තියෙනවා. (නි)
කොහොමහරි අන්තිමට පෙණ වලටත් සල්ලි ගෙවලා නිසා ඔය පැත්තේ කට්ටිය ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)
අනේ මන්දා, කට්ටියට දකුණත් එක්ක තරහක් තියෙනවද කියලා? (නි)
දකුණේ මිනිස්සු ඔහොම තමයි. එයාලට ආසාධාරණය හමුවේ නිහඩව ඉන්න බෑ (ස)
දකුණේ ඉන්නේ ගොඩක් මොලේ තියෙන මිනිස්සුනේ (ස)
ඔක ලංකාවෙ ගොඩක් කඩවල වෙන දෙයක්. සමහර වෙලාවට කිරිතේ එක තියෙන්නෙ බාගයකටත් වඩා අඩුවෙන්. හොඳ වැඩේ (ස)
මානසික රෝගීන්ගේ අදහස් දැන්වත් නවත්ත ගත්තොත් හොඳයි නේද (ස)
අයියෝ සල්ලි
නියමයි (ස)
පෙණ ටිකටත් ඉතින් සල්ලි ගෙවලනේ...? (නි)
ඕකට තියෙන්නේ කිරි තේ නොබී ඉන්න එකයි. ඇගටත් ගුණයි. සාක්කුවටත් ලෙහෙසියි. (නි)
දැන් හැම දෙයකම වියදම සැරයි... ව්‍යාපාරිකයාට බැනලා වැඩක් නැහැ.... මුදල් අඩුවෙන් දීල ව්‍යාපාරිකයාගේ ශාප වලට අහුවෙන්නත් එපා. මෙතන දෙන්නම අසරණයි.(ස)
කොහොමද ටිකිරි මොලේ (ස)
මිනිස්සුන්ට වංචා කරනවාට හොද වැඩේ (දී)
දමිත් දකුණෙ අය අසාධාරනයට නිහඩව ඉන්නෙ නැත්තම් දේශපාලනික අසාධාරනකම් වලට කටපියාගන ඉන්නෙ මොකද ? (ස)
හෝටල් මුදලාලිලා කාටත් හොද පාඩමක්. (නි)
ඔව් මට එහෙම තමයි... මොනවා කරන්නද?(නු)
ගුරු තුමාගෙන් හොද පාඩමක් (දී)
මුදලාලිට වඩා ගුරුතුමා කපට්යි (දී)
අපි අපිම මේ විදියට බෙදුනහම නැවත කොටියට ලේසියෙන්ම ඒකෙන් වාසි ගන්න පුලුවන්. (නි)
කොහොමද දකුණේ මොලේ (ස)
පෙරේරා ඔබ නිවැරදියි.. (නු)
බාගෙට කිරි තේ දුන්නෙත් දකුණේ මුදලාලි කෙනෙක් නේද (ස)
ගුරුතුමා දකුණේ නිසා තැනට සුදුසු ගණදෙවි නුවන පාවිච්චි කරා (ස)
දකුණේ මිනිස්සු පෙණ වලටත් සල්ලි ගෙවනවද? මෙහේ වුණා නම් ගෙවන්නේ රුපියල් 10ක් විතරයි. (නි)
ඒ මුදලාලි දකුණේ කෙනෙක් නෙමෙයි. පදිංචි වෙලා ඉන්නේ දකුණේ (ස)
මුදලාලිට, අනේ පව්. (නි)
දෙන්නාම එක වගේ කපටියි (දී)
කඩේ මුදලාලි පව් (දී)
ගුරු තුමාට ජයවේවා (දී)
අසාධාරණයට අසාධාරනයෙන්ම පිළිතුරක් (දී)
නියම වැඩේ ඒක, ගුරු තුමා හරියටම හරි (දී)
මට හිනා යනවා ඇත්තට (දී)
දන්නවද? මේක ගාල්ලේ වෙච්ච දෙයක්. (නි)
රැවටිල්ලට හොද පාඩමක් (දී)
අයියෝ .....අයියෝ .....
ඒ අතින් දකුණට වඩා උතුර කොච්චර හොදද? කිරි වීදුරුව පුරවලා දෙනව.(ස)
මටනම් ඉතාමත්ම සතුටුයි ගුරුවරයා ගැන (දී)
මේක අපිට ආවේ ඉන්දියාවෙන්. තේ එකේ රස වැඩිවෙන්නයි එහෙම කරන්නේ. (නි)
පෙරේරා හරි....!(නු)
ඒක තමයි මිනිස්සු කියන්නේ දකුණු පැත්තෙන් පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. (නි)
පෙරේරට මාත් එකගයි..!(නු)
පෙරේරා මම ඔයා සමඟ එකඟයි (ස)
දකුණට ඊර්ෂ්‍යා කරන අය සෑහෙන්න ඉන්න පාටයි. (නි)