ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප‍්‍රදේශයේ අර්ධ නාගරික බලපෙදෙසක් බාරව සිටින ග‍්‍රාම නිලධාරියෙකි.
එම රාජකාරිය ඉටුකිරීමට ඔහු මේ දිනවල ගෙයක් ගෙයක් ගානේ යතුරුපැදියෙන් යන්නේය. පසුගිය සතියේ දිනයක මේ ග‍්‍රාම නිලධාරිවරයා සිය යතුරුපැදිය නවතා නිවෙසකට ගෘහමූලික ලැයිස්තු පිටපතක් බාරදීමට ගියේය.
නිවසේ ගේට්ටුව ඇර තිබූ නිසා ඔහු යතුරුපැදියෙන් කෙළින්ම ගෙවත්තට ඇතුළුවිය. එවිට ඔහු බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණපෑමට සිදුවිය.
ඒ නිවසේ සිටි සුරතලයට ඇති නොකරන බල්ලන් කිහිපදෙනකු හදිසියේම බුරමින් ඇඟට පනින්නට ආවේය. කරකියාගත හැකි දෙයක් නොවූ ඔහු බල්ලන්ගෙන් බේරීමට ලොකු උත්සාහයක් ගත්තේය.
මේ අතරතුර ගෙහිමි කාන්තාව හා තවත් කිහිපදෙනෙක් එක්වී ග‍්‍රාම නිලධාරිවරයාගේ ඇඟට කඩාපැන්න බල්ලන් එළවාදැමූහ. එදායින් පසුව මේ ග‍්‍රාම නිලධාරිවරයා තම රාජකාරිය ඉටුකිරීමට ගෙයක් ගෙයක් ගානේ යන්නේ තම යතුරුපැදිය පිටුපස අසුණේ ලී මුගුරක් ද තබාගෙනය.
මේ ගැන ඔහු මෙසේ කීවේය. ”මා මේ මුගුර ගෙනිච්චොත් ගෙවල්වල ඉන්න බල්ලන් මගේ ඇඟට පනින්නට ආවොත් ඒකෙන් බේරෙන්න පුළුවනි. වැරදිලාවත් බල්ලෙක් හැපුවොත් කාට කියන්නද?”
2025 දෙසැම්බර් මස 04
620
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්රාම නිලධාරි ගෘහමූලික ලැයිස්තු බෙදන්න පොල්ලකුත් රැුගෙන ගිහින්
ශාන්ති Wednesday, 25 June 2014 03:46 PM
ඔව් අනේ මේ බල්ලොත් එක්ක මොකුත් කරන්ඩ බැහැ නේ ,ආත්ම අරක්සවටත් හොදයි නේ (දී)
ශාන්ති Wednesday, 25 June 2014 09:42 PM
සහතික ඇත්ත මනෝජ් (අ)
රන්ජිත් Wednesday, 25 June 2014 04:36 PM
දෙයියෝ සාක්කි. (ස)
අජිත් Saturday, 28 June 2014 06:29 PM
බල්ලොත් එක්ක බෑ......(දී)
මනෝජ් Wednesday, 25 June 2014 05:26 PM
මිනිසුන් නොහඳුනන ග්‍රාමයේ නොවන ග්‍රාම නිලධාරින්ව බල්ලන් හඳුනයිද ? (ස)
චාන්දනි Wednesday, 25 June 2014 05:45 PM
අපේ ගමේ ග්‍රාම සේවක යලට මහට පෙනී සිටිනවා. හදිසි වැඩකට කවදාවත් ඉන්න තැනකින් සොයා ගන්න බැහැ . (අ)
ඉසුරන්දි Tuesday, 01 July 2014 09:42 AM
ඔය නිලදාරියට කවමදාකවත් බල්ලෝ ඉන්න ගේකට ඇතුල් වෙන්න හම්බවෙන්නේ නැහැ. මොකද බල්ලට හොද මතක ශක්තියක් තියෙනවා ඌට අරියාදු කරන අය ගැන. ඒ නිසා කෝකටත් ප්‍රවේසමෙන් (නදී)