IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ග්‍රාම නිලධාරි ආවාට පස්සේ හොල්මන ගේ අතඇරලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කිසිදු හොල්මනක් මාගෙන් මෙතෙක් පදිංචි සහතිකයක් ගෙන නැති නිසා තම වසමේ හොල්මන් නැති බවට ග්‍රාම නිලධාරියකු කළ ප්‍රකාශයකින් පසු නිවසක හොල්මන් ඇති බවට පැවැති මතයක් දුරු කරන්නට හැකිවූ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.


ඉපැරණි නිවසකි. මෙහි පදිංචිකරුවෝ යල්පැන ගිය අදහස් ඇත්තෝය. වයෝවෘද්ධ මව බලා ගන්නට අසල නිවසක කාන්තාවක් නිතර එන්නේ නිවැසියන්ගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන සැලකිල්ලට ගනිමිනි. රාත්‍රී කාලයට මේ නිවසේ හොල්මන් ඇති බවට මේ කාන්තාව ප්‍රචාරය කළේ වෙනත් කිසිවකු මෙහි ආවොත් තමන්ට ලැබෙන වාසි අඩු වනු ඇතැයි සිතාගෙනය.


කිසියම් හේතුවකට මෙම කාන්තාවට දින කිහිපයකට ගමෙන් පිටව යාමට සිදුවිය. මේ කාලයේ වෙනත් අසල්වැසියකු තම සහායට ගෙන්වා ගැනීමට නිවැසියන් කටයුතු කළත් කිසිවෙකු ඉදිරිපත් නොවූයේ හොල්මන් ගැන පැවැති ප්‍රචාරය නිසාය. අනේ අපිට එන්න නම් බැහැ. හොල්මන් තියෙනවාලු. අර අක්කත් කිව්වේ යැයි ඔවුහු පැවැසූහ.


ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තැනට මේ ආරංචිය ගියේ මේ අතරය. හෙතෙම පෙරකී නිවසේ අසල්වාසීන් හමුවිය. කරුණු කාරණා පැහැදිලිකර දුන්නේය. හොල්මන් කතාව බොරුවක් බවත් පෙර කී කාන්තාව එසේ කර ඇත්තේ වෙනත් අය පැමිණීම වැළැක්වීමට බවත් තේරුම් කර දුන්නත් අසල්වාසීහු ඒ බව පිළිගැනීමට පසුබට වූහ.


ග්‍රාම නිලධාරියා ද පරාදවීමට කැමැති නැත. ඡන්ද නාම ලේඛනය අතට ගත්තේය. මේ බලන්න මේ වනතෙක් මේ ගමේ ඔයගොල්ලෝ ඇරෙන්න වෙන කිසිවෙක් පදිංචි සහතික මගෙන් නම් ඉල්ලලා නැහැ. මොන හොල්මනක් හිටියත් මට කියන්න ඕනෑ යැයි තරයේ ප්‍රකාශ කළ ග්‍රාම නිලධාරියා අසල්වාසීන් සමග එම නිවසේ රැයක් ගත කිරීමට ද ඉදිරිපත් විය.


ඒ අනුව පසුදා පහන් වන විට හොල්මන ගම අතහැර ගොස් ඇති බව කාටත් පසක්විය. ජනතාවගේ බිය දුරු විය. දින කිහිපයකට පසු ගමට ආ හොල්මන් කතාව වැපිරූ කත ග්‍රාම නිලධාරී හමුවිය.

රාලහාමි මගේ රස්සාවටත් වැඬේ දුන්නා නේද යනුවෙන් ඇය ඇසුවේ හැඬූ කඳුළින් යුතුවය.


බොරුවෙන් සැමදා දිනන්නට බැරි බවත් කපටිකම අතහැර ජීවිතය ජය ගන්නා ලෙසත් කියා දුන් රාලහාමි කාන්තාවට රැකියාවක් සොයා දීමට ද පොරොන්දු විය.

 



අදහස් (0)

ග්‍රාම නිලධාරි ආවාට පස්සේ හොල්මන ගේ අතඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site