IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරින් වාර්තා විය. එදින සතියේ දිනයක් වූ නිසා අගනුවර නගරය ජනාකීර්ණව පැවතුණි.

වේලාව පෙරවරු 10.30 ට පමණ ඇත. නගරයේ වීදි දිග එහා මෙහා ගමන් කළ නාගරිකයන් මෙන්ම ඈත ගම්මානවලින් තම අවශ්‍යතා සඳහා පැමිණි පිරිස් ද වූහ. නගරයේ හරස් වීදිය දිග අලංකාරව ඔතන ලද පාර්සලයක් ඉතා අමාරුවෙන් ඔසවාගෙන කඩිමුඩියේ පැමිණි තරුණයා කඩිමුඩියේම ඉදිරියට ගමන් කරන්නට විය. ඔහු විරුද්ධ පැත්තට වීදිය දිගේ ගමන් කරමින් සිටි මැදිවයසේ මගියාගේ ඇෙඟ් හැපිණි.

රතු රිබන් එකකින් සරසා තිබූ වර්ණවත් පාර්සලය බිම ඇද වැටුණේ ශබ්දයක් ද නඟමිනි පාර්සලය බිම ඇද වැටීමෙන් උරණ වූ තරුණයා මහ හඬින් මගියාට බැන වදින්නට වූ නිසා එහාමෙහා ගමන් කළ මගීහු ද එකට රැුස්වන්නට වූහ. ‘‘බලනවා මම රු. 7500 විතර වියදම් කරල ගත්ත ප‍්‍රසන්ට් එක ඉවරයිනෙ. කොහොමද මම වෙඩින් එකට යන්නෙ දැන් ඉතින් අලාභය ඕනෑ’’ ‘‘මොකද? මොකද? වුණේ මචං’’ පාර්සලය දිගහැර බැලූ පාර්සලය අයිතිකරුගේ සහායට පැමිණි පුද්ගලයෙක් ද මගියා දෙස රවා බැලූවේය.

මොකද කළේ බලනවා මේ අලූත්ම පෝසිලේන් සෙට්එක ඔක්කොම කුඩුනේ. නිකම් යන්න දෙන්න බෑ. අලාභ ගෙවන්න.’’ තරුණයෝ දෙදෙනා කෑගැහුවෝය. අසරණ මගියා තම ගමන් මල්ලට අතදමා අසරණව රු. 500 ක් අතට ගත්තේය.

‘‘අනේ මහත්තයෝ රු. 750 යි මම ළඟ තියෙන්නේ ඒකෙන් 500 දෙන්නම් ඉතුරු 250 මට ගමට යන්න ඕනෑ. රු. 500 අතට ගත් තරුණයන් දෙදෙනා පිඟන් කටු සහිත පෙට්ටිය අයිනකින් තබා තවත් පාර්සලයක් හදමු යැයි මුමුණමින් මහත් සතුටින් කඩිනමින් ඈතට දිව යනු පෙණින. අසරණ වූ මගියා දහඩිය පිසගනිමින් කුරුණෑගල බසයට නැගගත්තේ ආපසු එන්නටය.



අදහස් (0)

ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

වික්‍රම Thursday, 28 January 2016 04:29 PM

ඇයි ජයා ඩිපෙන්ඩර් තියෙන්නෙ, සුදු වෑන් වලට හරියන්න (නි)

:       0       0

විදානේ Wednesday, 27 January 2016 09:16 PM

අනේ පවු! (නි)

:       0       0

චමින්ද Thursday, 28 January 2016 10:59 AM

යහපාලනයට ජයවේවා! (බ)

:       0       0

ඉනෝකා Wednesday, 27 January 2016 04:34 AM

මගියාට තියෙන්නේ,බලු කපුටු දානයක් දුන්නා කියලා හිත හදා ගන්නයි. අද කාලේ රුපියල් 500ක් අරන් මොනවා කරන්නද..?පව් අසරණයා...! (බ)

:       0       0

අබේරත්න Wednesday, 27 January 2016 04:41 AM

කණ පැලෙන්ට ගහන්ට ඕන මුන්ට. (බ)

:       0       0

අබය Thursday, 28 January 2016 07:09 PM

අනුන්ට පාට්‌ දමන්න ඇවිල්ලා මගෙන් ගුටිකාපු කාක්කෝ හරියට ඉන්නවා. (නි)

:       0       0

අජිත් Wednesday, 27 January 2016 02:39 PM

මොකටද සල්ලි දුන්නේ? පොලිසියට කිව්වා නම් හරිනේ. පව් අසරණ මිනිහ. හබයි ඉතින් ඔය ණය ගත්තා වගේ නෙමෙයි ගෙවන්න ගියාම. ආත්ම ගාණක් ගෙවලාවත් ඉවරකරන්න බරිවෙයි.(අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 January 2016 12:17 PM

සුදු වැන් නැති පාඩුව තමයි ! (බ)

:       0       0

ජනිත් Wednesday, 27 January 2016 10:26 AM

උන්ට වඩා ටිකක් හයියෙන් කතා කලානම් උන් පසු බහිනවා ! (කෞ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 27 January 2016 10:36 AM

සමහර කොළඹ කාක්කන් ගෙන් බේරෙන්න හරිම අමාරුයි , ඔවුන් සමග ඉන්නා මැරයන් නිසා , මුදල් දුන්නේ නැත්නම් ගහලා ඇඳන් ඉන්න වස්ත්‍රය පවා ගන්නට පුළුවන් (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 27 January 2016 10:29 AM

මෙතන පිරිමි සිටියෙම නැද්ද.,පොලිසිය සිටියේ නැද්ද? (බ)

:       0       0

චරිත් Wednesday, 27 January 2016 06:45 PM

කොළඹ විතරක් නෙමෙයි නුවරත් මේ වගේ කාක්කෝ ඉන්නවා. කවුරුවත් තනියම රේල් පාරේ යන්න එපා. විශේෂයෙන්ම ටියුෂන් යන මල්ලිලා. සමහරු දැලි පිහි පෙන්නලා තමයි පොකට් එක ඉල්ලන්නේ. (නි)

:       0       0

විද්‍යා Wednesday, 27 January 2016 07:17 PM

කුරුණෑගල අලුත් මන්ත්‍රීතුමාටවත් කියලා බලමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site