කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
“ගා” “කා” පටළවා ගත් රෝගී කතක් ගෑමට ඇති බෙහෙතක් අනුභවකර පැමිණි පුවතක් මහනුවරට තදාසන්න ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මැදිවිය ඉක්ම වූ ඇයට නිරන්තරයෙන් ඇතිවන දනහිස් ඉදිමුව හේතුවෙන් එක් එක් වෛද්‍ය ක්‍රම මෙන්ම එක් එක් වෛද්‍යවරුන් ළඟට ද ප්‍රතිකාර සඳහා ගියේ තම රෝගී තත්ත්වය නිට්ටාවට සුවපත් කරගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙනි.
මේ අතර ඇගේ මිතුරියකගෙන් ලැබුණු තොරතුරකට අනුව අදාළ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණි ඇයට එය සුවකර දීමට හැකිබව එම වෛද්‍ය මධ්‍යස්ථාන භාර වෛද්‍යවරයා පැවසීම නිසා ඇගේ සිතට නැගුණේ අපමණ වූ ප්‍රීති ප්‍රමෝදයකි.
ඒ අනුව ඇයගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා කිසියම් බෙහෙතක් ඇය වෙත දී දින තුනක් එය පාවිච්චි කළයුතු පිළිවෙත සඳහන් තුණ්ඩුවක් ද ඇය වෙත ලබා දී පිටත් කර හැරියේ නැවත දින තුනකින් පැමිණෙන ලෙසට ලබාදුන් උපදෙස් ද සහිතවය.
ඒ අනුව දින තුනකින් නැවත පැමිණි රෝගී කාන්තාවගෙන් අදාළ රෝගී තත්ත්වය විමසූ විට ඇය පවසා ඇත්තේ බේත තිත්ත වූවත් ලෙඬේ සුවකර ගැනීමට අවශ්‍ය නිසා බෙහෙත අමාරුවෙන් කෑ බවයි.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාන්න දුන් බේත කාලා ජංජාලයක්