IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ගනුදෙනුකරු බලා සිටියදී ඉතුරු සල්ලි හිඟන්නකුට දීලා

වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.

සිද්ධිය මෙසේය.

 එය මහනුවර නගරයට නුදුරින් පිහිටි ගම්මානකි. එහි  ඇති මධ්‍යම ප‍්‍රමාණයේ කඩයකි. නිතරම ගනුදෙනුකරුවන් නොපැමිණෙන හෙයින් කඩයේ හිමිකරු පමණක් එම කඩයේ වෙළෙඳ කටයුතු කරගෙන යයි. මෙම සිද්ධිය වූ දින එක් ගනුදෙනුකරුවකු පැමිණ වෙළෙඳසලේ ඉස්සරහ කොටසේ සිට රුපියල් 150කට බඩු ගෙන රුපියල් 500 කොළයක් දුන්නේය. මේ අවස්ථාවේ වෙළෙඳ සලේ හිමිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු අතර එය කනේ තියාගෙනම ඔහු මුදල් ලාච්චුව අසලට ගියේ රුපියල් 500 මාරු කර 150 ලබාගෙන ඉතිරි මුදල් ලබාදීම සඳහායි.

ඒ අවස්ථාවේ මුදල්  ලාච්චුව අසලට පැමිණි යාචකයකු අත දික් කළේය. දුරකථන ඇමතුමේ එල්ලී සිටි වෙළෙඳසල් හිමියා තමා ඉදිරියේ සිටින්නේ තමන්ගෙන් බඩු ගත් ගනුදෙනුකරු යැයි සිතා ඔහුගේ ඉතිරි රුපියල් 350ම ඔහුට දුන්නේය.

යාචකයා එය ලබාගෙන ක්ෂණයෙන් මාරුවිය. ටික වේලාවකින් දුරකථන ඇමැතුම අවසන් කළ වෙළෙඳසල් හිමියාට තම ගනුදෙනුකරු තවමත් වෙළෙඳසල ඉදිරියේ රැුඳී සිටින අයුරු දැක ඇයි දැයි ඇසීය. එවිට ඔහු තමන්ගේ ඉතිරි මුදල් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී කුමක් හෝ වැරදීමක් සිදුව ඇති බව දැන ගත් ඔහු ඒ පිළිබඳව සොයා බැලීමේදී තමන් ඉතිරි මුදල් දී ඇත්තේ යාචකයකුට බව දැන ගන්නා විට ඔහු ඇසට නොපෙනෙන දුරකට ගොස් සිටියේය.

පාරිභෝගිකයාට ඔහුගේ ඉතිරිය දෙද්දී කඩහිමියාගේ මුහුණේ සතුටක් නම් නොවීය.



අදහස් (0)

ගනුදෙනුකරු බලා සිටියදී ඉතුරු සල්ලි හිඟන්නකුට දීලා

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 10:39 PM

දුරක.නය හොඳක් වගේම වසංගතයක් තමයි.එත් කණකින් අහගෙන හිටියාට ඒ මුදලාලිගේ ඇස් දෙකම සාක්කුවේද?මොන වැඩේ කලත් යහපත් සිහියෙන් කරන්න කියලා අපිට අපේ ලොවටම උතුම් ගුරුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ.(දිල්)

:       0       0

කුමාරි Tuesday, 14 January 2014 10:34 AM

එකම වෙලාවට වැඩ දෙක තුනක් කරන්න ගියාම එකක්වත් හරියට කරන්න බෑ කියන්නේ ඕකට තමා.(දී)

:       0       0

ශාන්ති Wednesday, 15 January 2014 12:19 AM

මුහුණේ සතුටක් කොහේ දකින්නද පාඩුවක් නේ උනේ නේද අනේ.(නදී)

:       0       0

සෑම් Tuesday, 14 January 2014 11:56 AM

ලංකාවේ සමහර වෙළෙන්දන් ගනුදෙනුකරුවන්ට සලකන්නේ ""කරදරකාරයෙක් ඇවිත්"" වගේ හැගීමකින් . ඔව්න්ට තේරෙන්නේ නැහැ තමාගේ වෙළදාම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මත බව. සමහර අය මේකට ජාතිවාදයත් එකතු කරනවා.ඔව්න් කියන්නේ සිංහල නොවන වෙළඳුන් හරිම කට්ට මිනිස්සු. කවුරුහරි කඩේට ආපුවම බොරුවට ගරු නම්බු දීල කතාකරනවා, බොරු හිතවත්කම් පෙන්වනවා කියලයි නමුත් ඇත්ත කතාවනම් ඒ මිනිසුන්ට තේරෙනවා තමන් ජීවත් වෙන්නේ පාරිබෝගිකයා නිසා, ඒ නිසා පාරිබෝගිකයාට හොදට සැලකිය යුතුයි කියල. (දී)

:       0       0

නිශ්ශංක Tuesday, 14 January 2014 12:33 PM

සම්මා සතිය නැති උනාම ඔහොම වෙනවා(දී)

:       0       0

ලාල් නුවර Tuesday, 14 January 2014 02:05 PM

දුරකථනය ඔලුව විතරක් නෙමේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම අවුල් කරනවා . (දී)

:       0       0

බමුණු Wednesday, 15 January 2014 08:32 AM

මොනවා කරන්නද ඔබත් පින් අනුමෝදන් කරගන්න. ඉතිරි සල්ලි ගැන හිතන්න එපා (දී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Thursday, 16 January 2014 01:54 PM

කෙසේ වෙතත් සින්ගන්නා මෙම මුදලාලිට දෙන පින් වලින් මුදලාලිට යහපතක් සිදු වෙයි . සිත හොඳින් නෙමේ උවත් එය දුන්නේ නොදෙනුවත් කමින් උවත් . ලැබිය යුතු කෙනෙක් එය ලබා තියෙන්නේ (දී)

:       0       0

ජයතිස්ස Wednesday, 15 January 2014 09:40 AM

සමහර අය බලන් ඉන්නේ අනිත් අයට වරදින තුරු (දී)

:       0       0

අශෝක Wednesday, 15 January 2014 10:59 AM

හිගන්නේකුටවත් කීයක්වත් දෙන්නැති අයට හොද පාඩමක් (දිල්)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:25 AM

කඩ කාරයින්ගේ මුහුණේ සතුටක් තියෙන්න මුහුණක් තියෙන්න එපාය.(දී)

:       0       0

ධම්ම Tuesday, 14 January 2014 09:39 AM

ටෙලිෆෝනය නිසා මිනිසුන් මුහුණ දෙන අකරතැබ්බ ලියන්න ජීවිත කාලයත් මදි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site