(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස)
කන්ද උඩරට ප්‍රදේශයේ රජයේ කාර්යාලයක පරිපාලනය භාරව සිටින මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකි. රජයෙන් ලැබිය යුතු කිසියම් මුදලක් වෙතොත් සතයකු ද නෑර ලබා ගැනීමට මොහු අති දක්ෂයෙකි.
මෙම කාර්යාල සංකීර්ණය පිහිටියේ දෙමහල් ගොඩනැගිල්ලකය. එහි ඉහළ මාලේ ජනේල් පඩියක නුග පැළයක් රෝපණය වී තිබෙනු මෙහි රාජකාරියේ නියුතු සේවකයන් කීප දෙනකු දැක වහාම ඒ බව කලින් කී පරිපාලනය භාර නිලධාරියාට දැනුම්දී ඇත්තේ එම පැළය හැදී වැඩී විශාල වුවහොත් ගොඩනැගිල්ලට සිදුවන අවදානම ගැන ඔහුට දැනුම්වත් කිරීම සඳහාය.
අදාළ ස්ථානය නිරීක්ෂණය කළ පරිපාලනය භාර නිලධාරියාගෙන් සේවකයන් හට ලැබුණේ අපූරු පිළිතුරකි.
“ඔය නුග පැලේ තව කාලයක් හැදෙන්නට ඉඩහරින්න. කපන්න හදිසි වෙන්න එපා. පැළය ලොකු වුණාම ගොඩනැගිල්ලට හානිදායක වන අන්දමට වැවී තිබූ ගසක් පුද්ගලයකු යොදවා කපා දැමූ බව සඳහන් කර ඒ සඳහා රජයෙන් මුදලක් ලබා ගැනීමට පුළුවන්”. සේවකයන්ට නිරුත්තර වීම හැරෙන්නට වෙනත් ගත යුතු ක්‍රියාමාර්ගයක් නොමැති බව වැටහිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමැරෙන්නට බලා ඉන්නා මේ අයට, මේවත් ලොකු වැඩද අයියෝ අහන කොට.... මොනවා ලියන්නද නොදැනේ මගේ සිතට... කවදා නම් හැදේවිද අපේ රට යසට? (ර)
ඉගෙනගත්තත් වැඩකට නැති අය මෙරටේ නූපදීවා! (නි)
මෙම කාර්යාලය හිමි දෙපාර්තමේන්තුවේ, මොහුට ඉහළින් සිටින ප්‍රධානියාත් මෙවන් තක්කඩියෙක් නොවේවා! මෙම නුග පැළය ගළවා දැමීටට හැකි පිටකොන්දක් ඇති සේවකයෙකු මෙහි නොවේ නම් මෙහි පැමිණෙන මහජනතාවට හෝ මෙම පැළය ගළවා දැමීමේ හැකියාව ලැබේවා! (නි)