IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගෑනු ගැටයකට අහුවී දවස් 2ක්ම ඉස්පිරිතාලේ

පෝද්දල සරත් ආනන්ද ගමගේ
රෝහලේදී හඳුනාගත් නාඳුනන මිතුරියක නිවෙසට කැඳවාගෙන පැමිණි තැනැත්තියකට මත්වෙන සුළු පිටිකිරි වීදුරුවක්  බොන්නට දී ඇගේ රුපියල් ලක්ෂ තුනකට ආසන්න කනකර ආභරණ ගලවාගෙන පලාගිය පුවතක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.
ඇය‍‍ට මෙම කාන්තාව හමුවීයේ මාසික සායනයට සහභාගීවීමට කරාපිටිය රෝහලට ගොස් සිටියදීය.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ‍මෙම අලු‍ත් මිතුරිය ඇය නිවෙසට ඇරලීමේ මුවාවෙන් ත්‍රිරෝද රථයක නංවාගෙන ඇගේ නිවෙසට පැමිණියාය.
නිවෙසට පැමිණෙමින් සිටියදී අතරමග වෙළෙඳ සලකින් කිරිපිටි පැකට්ටුවක් හා බිස්කට් පැකට්ටුවක් ද මිලදී ගෙන ඇත්තේ තෑග්ගක් ලෙසය.
එම අවස්ථාවේ නිවස හිමි කාන්තාවගේ වැඩිමල් සහෝදරයකු ද නිවසේ සිට ඇති අතර තිදෙනා දිවා භෝජනය ගෙන ඇත්තේ ද එකටය.


පසුව මෙම අලු‍ත් මිතුරිය නිවෙසින් පිටව යන අවස්ථාවේ දී තේ බීමට කැමැති බව ප්‍රකාශ කිරීම නිසා ඇය‍ට තේ සූදානම් කළේය. ඒ අවස්ථාවේ නිවෙසට පැමිණි මිතුරියම තේ පිළියෙළ කිරීමට බාර ගත්තාය. ඇය රැගෙන පැමිණි කිරිපිටි පැකට්ටුව කඩා සාදන ලද පිටිකිරි තිදෙනාම පානය කළහ.
එදින සවස් යාමයේ නිවෙස් හිමි කාන්තාවගේ ස්වාමි පුරුෂයා පැමිණි අවස්ථාවේ බිරිඳ හා ඇගේ සහෝදරයා නිදමින් සිටින්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය. ඇඟට පණ නැති නිසා හාන්සිවී සිටි බව ඇය පැවැසුවාය. කවදාවත් නැතිව සහෝදරයා ද නිදා සිටින්නේ ඇයිදැයි විපරම් කරද්දී ඔහු සිහිමුර්ඡා තත්වයේ සිට ඇත.
පසුව අසල්වැසියෝ ද පැමිණ සිද්ධිය පොලිසියට ද දන්වා නිවැසි කාන්තාව හා ඇගේ සහෝදරයා රෝහල් ගත  කළහ.
ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර ඔවුන්ව සෝදිසි කරද්දී ඇගේ මාලය, කනකර හා මුදු දෙක ද අතුරුදන්ව ඇති බව දැනගන්නට ලැබිණි.
පොලිසිය පැමිණ විමර්ශන කිරීමේ දී කිසියම් මත්වෙන සුළු කුඩු වර්ගයක් පිටිකිරි වීදුරුවට මිශ්‍ර කර ඇතිබව අනාවරණයවී ඇත.
නිවෙස් හිමී කාන්තාව හා ඇගේ සහෝදරයා දින දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව සුවපත්වී නිවසට පැමිණ ඇති අතර බොහෝ සමාජශීලී කාන්තාවක වූ ඇය මේ දිනවල සමාජයෙන් මුහුණ සඟවාගෙන නිවෙසටම වී සිටින්නේ සිදුවූ දේ සම්බන්ධයෙන් කම්පා වෙමිනි.

 



අදහස් (0)

ගෑනු ගැටයකට අහුවී දවස් 2ක්ම ඉස්පිරිතාලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site