IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෙදරකට රිංගූ හොරා තේත් හදාගෙන බීලා

නිවසකට රාත්‍රී ඇතුළු වූ හොරකු වටිනා බඩු හොරකම් කරගෙන යන අතරේ කුස්සියට ගොස් තේ එකක්ද හදාගෙන බී ගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මෙම නිවස ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටියේය. නිවැසියන් තද නින්දේ සිට ඇත. අලුයම් කාලයේ නිවසේ පසුපස අගුළු නොදැමූ දොරකින් ඇතුළු වූ හොරෙක් නිවසේ අය තද නින්දේ පසුවෙන බව දැනගෙන එහි තිබූ වටිනා විදුලි උපකරණ කිහිපයක් සොරාගෙන පිටව ගොස් ඇත. අලුයම් කාලයේ නිවෙස් හිමියාගේ බිරිය කුඩා දරුවකුට කිරි එකක් හදාදීම සඳහා නැගිට කුස්සියට ගියවිට රාත්‍රී නින්දට පෙර උණු වතුර බෝතලයට දැමූ වතුර අඩුවී තිබෙනු දැක ඒ ගැන සොයද්දී කවුරු හෝ තේ හදාගෙන බී තිබෙන බව දැක ඇත. සැමියා පමණක් නිවසේ සිටින නිසා ඔහු ගැන සැකසිතී ඒ ගැන ඇසූවිට ඔහුත් කිසිවක් නොදන්නා බව කීම නිසා බිරිය තවදුරටත් සොයද්දී නිවසේ බඩු මුට්ටු හා රෙදි අවුස්සා තිබෙනු දැක ඇති අතර කාමරයක තිබූ විදුලි උපකරණයක් නැතිව ඇති බව වැටහී ඇත. මේ බව බිරිය සැමියාට කියද්දී අනුමානයක් නෑ හොරෙක් ඇවිල්ලා. ඒකා තේ හදාගෙන බීලත් ගිහින්. මේකා හොරෙක් නොවෙයි කම්බ හොරෙක්. නිකමටවත් සද්දයක් ඇහුනේ නෑනේ. මම හැමදාම කියනවා නින්දට යන්න කලින් ගෙදර දොර ජනෙල් හොඳට වහලද කියලා බලන්න කියලා. මේක හොඳ පාඩමක් යැයි කියා නිහඬවී ඇත. 
(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)



අදහස් (0)

ගෙදරකට රිංගූ හොරා තේත් හදාගෙන බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site