පාරම්පරික දේශීය වෛද්‍යවරයකු නිවාස දෝෂ පිරික්සීමේ කටයුතු ද සිදු කළේය.

දිනක් ඔහු හමුවට පැමිණි ව්‍යාපාරිකයෙක් තම නිවසේ දෝෂ ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට වෙදැදුරුට ඇරයුම් කළේය.
වෙදැදුරු ව්‍යාපාරිකයාද සමග ඔහුගේ නිවෙසට ගොස් නිවෙස පිරික්සීමේදී එය පිටුපස තිබූ ගස්වලින් ගැලවූ මුල් ගොඩක් නෙත ගැටුණි.
ඇත්තටම මහත්තයෝ මේ මුල් වර්ගය මොනවාද? වෙදැදුරු ඇසීය.
මේවා පරණ කැන්ද මුල්. ව්‍යාපාරික පිළිතුරු දුන්නේය.
කැන්ද මුල් මොකටද?
වෙද මහත්මය මම සිංහල බෙහෙත් බඩු සපයනවනේ. ඉතිං රත්හඳුන් වුවමනා වෙලා තියෙනවා. ඒ තරම් රත්හඳුන් නැහැනේ. කැන්ද මුලත් රතුපාටයි. කලවමේ දෙන්න තමයි මේව ගෙනල්ල තියෙන්නේ. ව්‍යාපාරිකයා කීවේ ඇඟපතට නොදැනීය.
අනේ මහත්තයො රත්හඳුන් වෙනුවට කැන්ද මුල් දාල හරියනවද?මට ගේ බලපු සල්ලිත් එපා. වෙද මහතා කේන්තියෙන් පිටව ගියේය.
(දූනගහ බටේපොල විජයසිරි)
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෙදර දෝෂ බලන්න ගිය වෙදාට කැන්දමුල් දැක යකා නගී
gamarala Monday, 08 July 2019 04:59 AM
දැන් ඉතින් කැන්ඳ ගහක්වත් බේරා ගන්න වෙන එකක් නැහැ මේ කතාව නිසා.
lalithm Monday, 08 July 2019 07:09 AM
ගස් බේරගන්න නොවේ. සිංහල බෙහෙත් බඩුවල ප්‍රමිතිය ගැන තේරුම් ගත හැකි. මේ හින්ද තමා කසාය බොන්න එපා කියන්නේ. ආයුර්වේද බෙහෙත් බොන්න අපි බය මේ හේතුව හින්ද?