පාරම්පරික දේශීය වෛද්‍යවරයකු නිවාස දෝෂ පිරික්සීමේ කටයුතු ද සිදු කළේය.

දිනක් ඔහු හමුවට පැමිණි ව්‍යාපාරිකයෙක් තම නිවසේ දෝෂ ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට වෙදැදුරුට ඇරයුම් කළේය.
වෙදැදුරු ව්‍යාපාරිකයාද සමග ඔහුගේ නිවෙසට ගොස් නිවෙස පිරික්සීමේදී එය පිටුපස තිබූ ගස්වලින් ගැලවූ මුල් ගොඩක් නෙත ගැටුණි.
ඇත්තටම මහත්තයෝ මේ මුල් වර්ගය මොනවාද? වෙදැදුරු ඇසීය.
මේවා පරණ කැන්ද මුල්. ව්‍යාපාරික පිළිතුරු දුන්නේය.
කැන්ද මුල් මොකටද?
වෙද මහත්මය මම සිංහල බෙහෙත් බඩු සපයනවනේ. ඉතිං රත්හඳුන් වුවමනා වෙලා තියෙනවා. ඒ තරම් රත්හඳුන් නැහැනේ. කැන්ද මුලත් රතුපාටයි. කලවමේ දෙන්න තමයි මේව ගෙනල්ල තියෙන්නේ. ව්‍යාපාරිකයා කීවේ ඇඟපතට නොදැනීය.
අනේ මහත්තයො රත්හඳුන් වෙනුවට කැන්ද මුල් දාල හරියනවද?මට ගේ බලපු සල්ලිත් එපා. වෙද මහතා කේන්තියෙන් පිටව ගියේය.
(දූනගහ බටේපොල විජයසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කැන්ඳ ගහක්වත් බේරා ගන්න වෙන එකක් නැහැ මේ කතාව නිසා.
ගස් බේරගන්න නොවේ. සිංහල බෙහෙත් බඩුවල ප්‍රමිතිය ගැන තේරුම් ගත හැකි. මේ හින්ද තමා කසාය බොන්න එපා කියන්නේ. ආයුර්වේද බෙහෙත් බොන්න අපි බය මේ හේතුව හින්ද?