(කලවාන - උපේන්ද්‍ර ප්‍රිංයකර ජාතුංගම)
අතේ සතේ නැතුව වුවත් තම පිරිසට කලින් කතරගම ගිය පුද්ගලයකු පිළිබඳව නගර බද ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු අධික ලෙස බීමට හුරු වූ පුද්ගලයෙකි. ඒ නිසා ඔහුගේ පවුලේ උදවිය ද ඔහු නොසලකා හැර ඇත. එහෙත් ඔහු හිතුණොත් හිතුණු දේ කරන පුද්ගලයෙකි. පසුගිය දිනක ඔහුගේ මව්පියන් සහ නැදෑ හිතවතුන් වෑන් රථයක් රැගෙන කතරගම යාමට සූදානම් වී ඇත.
මොහුගේ බීමත්කම නිසා ගෙදර උදවිය ඔහු ඒ ගමනට එක් නොකර ගැනීමට තීරණය කර ඇත.
යොදා ගත් දිනයේ ඔවුන් කතරගම ගමන පිටත්ව ගොස් ඇත්තේ ඔහු නිවසේ තනි කර දමාය.
කෙසේ හෝ කතරගම යාමට සිතා ගත් ඔහු හෙල්මට් එකක් පමණක් රැගෙන පාරට පැමිණ ඇත්තේ අතේ රුපියලක් හෝ නොමැතිවය.
ඒ ප්‍රදේශයේ සිට කතරගමට විශාල දුරක් තිබී ඇති අතර ඔහු කතරගමට ළඟා විය හැකි අතුරු මාර්ග පිළිබඳව හොඳින් දැනගෙන තිබේ.
හෙල්මට් එකක් රැගෙන පාරට පැමිණි ඔහු මාර්ගයේ එන යතුරුපැදි නවතා “මල්ලි කොහාටද යන්නේ... අයියේ කොහාටද යන්නේ...” යැයි අසමින් මගින් මගට ගොස් ඇත.
හෙල්මට් එක්ක ඔහු අත තිබී ඇති හෙයින් ඔහු මඟට හෝ රැගෙන යාමට බයිසිකල්කරුවන් මැලි වී නොමැත. කෙසේ හෝ මගින් මඟට යමින් තම ඥාතීන් යාමට පෙර ඔහු කතරගමට ගොස් තිබේ. හෙල්මට් එකක් ඇතැතිව ඔහු කතරගම සිටිනු දුටු ඔහුගේ ඥාතීන්ට දෙවියන් සිහි වුණාලු.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙදර දමා ආ ඥාතියා කතරගම සිටිනු දැක ඥාතීන් හොල්මන් වෙලා