මැතිවරණ දිනය ළංවෙත්ම ඒ ඒ අපේක්‍ෂකයා වෙනුවෙන් ඡුන්ද එකතු කරන්නට කණ්ඩායම් ගම්පුරා දිවගියහ. එක් මනාපයක් හෝ වැඩිකර ගැනීමට උනන්දු පිරිස ගෙවල්වලට ගොස් තම අපේක්‍ෂකයාගේ සලකුණ හඳුන්වා දෙන්නට වූහ.
මේ අතර ගම්බද නිවසක තනිව වෙසෙන වයස 60-70 තරම් වූ කාන්තාවක වෙතද විවිධ පක්‍ෂවල පිරිස් ගොස් තම අපේක්‍ෂකයන්ගේ සලකුණු හඳුන්වා දුන්නේ වයස්ගත වූ ඇයට නැමී ආචාර කරන ගමන්මය. ඇතැම් පිරිස් ඇයට දණගසා ආචාර කිරීම ගැන ඇයට සතුටක් මෙන්ම ආඩම්බරයක්ද විය.
තමාට ආචාර කළ කණ්ඩායම් සියල්ල ගැනම මතකයේ තබාගත් ඇය මැතිවරණයදා උදෙන්ම ඡුන්ද පොළට ගියාය. 4 වසර දක්වා ඉගෙනගෙන සිටි මෙම කාන්තාව සියලූ කණ්ඩායම්වලටම කෘතගුණ සලකන්නට සිතුවාය. ඡුන්දය දී අවසන්ව තම නිවස වෙත යන අතරවාරයේ තම නිවෙස්වෙත විටින් විට ආ පිරිස් මුණගැසිණි.
‘ ඕං පුතේ උඹල ඔක්කොටෝම ඡුන්දෙ දුන්නා’ ආච්චි කීවාය. ‘කාටද ආච්චි දුන්නෙ’ පිරිසෙන් කෙනෙක් ඇසීය. ‘අලියටයි, සීනුවටයි, බුලතෙටයි තුන්ගොල්ලන්ටම දුන්නා ඕං, මයෙ පුතාලා දිනුවාම මට සලකන්න ඕනෑ’ කියා ආච්චි පවසද්දී පිරිසට තරුපෙණින.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙදර ආ ඔක්කොටම ඡන්දෙදි සලකලා
රෙජි-සිඩ්නි Tuesday, 25 August 2015 12:46 AM
ආච්චි වරදක් කළේ නැහැ. හැමෝටම එක විදිහට සැළකුවා. (නි)
සුනිල් Thursday, 27 August 2015 04:52 AM
වරදක් කලත් සිතකින් නොවේ (ම)
නදී Monday, 24 August 2015 05:15 AM
තරුණ කාලෙ කොහොම ඇද්ද? (නදී)
ගාමිණී Monday, 24 August 2015 05:27 AM
තව ටිකක් පැහැදිලි කරන්නකෝ (නදී)
නීලා Tuesday, 25 August 2015 05:44 AM
නදී ඔයා වගේ කියල හිතුවද හැමෝම! (බ)
ධම්ම Monday, 24 August 2015 08:09 AM
තව මොනවා පැහැදිලි කරන්නද ගාමිණී, ඔබ කල වැඩේමයි ආච්චීත් කරලා තියෙන්නේ. (අ)
රෂින්ත Thursday, 10 September 2015 10:27 AM
නියම ආච්චි. (අ)