මැතිවරණ දිනය ළංවෙත්ම ඒ ඒ අපේක්‍ෂකයා වෙනුවෙන් ඡුන්ද එකතු කරන්නට කණ්ඩායම් ගම්පුරා දිවගියහ. එක් මනාපයක් හෝ වැඩිකර ගැනීමට උනන්දු පිරිස ගෙවල්වලට ගොස් තම අපේක්‍ෂකයාගේ සලකුණ හඳුන්වා දෙන්නට වූහ.
මේ අතර ගම්බද නිවසක තනිව වෙසෙන වයස 60-70 තරම් වූ කාන්තාවක වෙතද විවිධ පක්‍ෂවල පිරිස් ගොස් තම අපේක්‍ෂකයන්ගේ සලකුණු හඳුන්වා දුන්නේ වයස්ගත වූ ඇයට නැමී ආචාර කරන ගමන්මය. ඇතැම් පිරිස් ඇයට දණගසා ආචාර කිරීම ගැන ඇයට සතුටක් මෙන්ම ආඩම්බරයක්ද විය.
තමාට ආචාර කළ කණ්ඩායම් සියල්ල ගැනම මතකයේ තබාගත් ඇය මැතිවරණයදා උදෙන්ම ඡුන්ද පොළට ගියාය. 4 වසර දක්වා ඉගෙනගෙන සිටි මෙම කාන්තාව සියලූ කණ්ඩායම්වලටම කෘතගුණ සලකන්නට සිතුවාය. ඡුන්දය දී අවසන්ව තම නිවස වෙත යන අතරවාරයේ තම නිවෙස්වෙත විටින් විට ආ පිරිස් මුණගැසිණි.
‘ ඕං පුතේ උඹල ඔක්කොටෝම ඡුන්දෙ දුන්නා’ ආච්චි කීවාය. ‘කාටද ආච්චි දුන්නෙ’ පිරිසෙන් කෙනෙක් ඇසීය. ‘අලියටයි, සීනුවටයි, බුලතෙටයි තුන්ගොල්ලන්ටම දුන්නා ඕං, මයෙ පුතාලා දිනුවාම මට සලකන්න ඕනෑ’ කියා ආච්චි පවසද්දී පිරිසට තරුපෙණින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආච්චි වරදක් කළේ නැහැ. හැමෝටම එක විදිහට සැළකුවා. (නි)
වරදක් කලත් සිතකින් නොවේ (ම)
තරුණ කාලෙ කොහොම ඇද්ද? (නදී)
තව ටිකක් පැහැදිලි කරන්නකෝ (නදී)
නදී ඔයා වගේ කියල හිතුවද හැමෝම! (බ)
තව මොනවා පැහැදිලි කරන්නද ගාමිණී, ඔබ කල වැඩේමයි ආච්චීත් කරලා තියෙන්නේ. (අ)
නියම ආච්චි. (අ)