තම යතුරුපැදියට ලාබෙට ඉන්ධන ගැනීමට ගොස් තමාගේ මුළු සේසතම නැති කර ගත් කුඩා ව්‍යාපාරිකයකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකිනි. ඉන්ධන මිල ඉහළ යන බව යහළුවකුගෙන් දැන ගත් ඔහු කඩිනමින් තම යතුරුපැදිය ද ප්ලාස්ටික් බූලියක් ද රැගෙන ඉන්ධන පිරවුම්හලට ගියේ රාත‍්‍රියේය. ඒවන විටත් දිග පෝලිමක් එහි විය. තම වාරය ආ විට මුලින්ම යතුරුපැදියට පිරෙන තෙක් පෙට‍්‍රරල් ගැසීමට කී ඔහු සාක්කුවට අත දැම්මේ මුදල් පසුම්බිය ගැනීමටය. ඔහුට දෙවියන් සිහිවූයේ එය නොවූ හෙයිනි. ගෙදර තිබූ සේසතම එහි දමාගෙන ආවේ ඉන්ධන ගැනීමට බව කියමින් වට පිටාවේ සිටි අය සමග අරගලයක් කරන්නට සූදානම් වුවත්, ඉන්ධන හලේ සේවකයන් ඔහු එතැනින් ඉවත්කොට තම කාර්යය කරගෙන ගියේ ඔහු තම යතුරුපැදියට ගැසූ පෙට‍්‍රල් මුදල ද කෙසේ හෝ ගෙවන ලෙසට බල කරමිනි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගණන් යන්න කලින් ඉන්ධන ගන්න ඇවිත් සේසතම නැතිවෙලා