(තිහගොඩ - උපසේන ලියනගම)
ග‍්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. එය ලියා ගැනීමට පෙර තොරතුරු විමසත් දී පහර දුන් සැමියා ද එතැනට ආවේය.
‘‘මම වැඩ ඇරිලා හැන්දෑවේ ගෙදර ආවම මේ මනුස්සයා හේතුවක් නැතුව මට කුණු බල්ලා කිව්වම මට තරහා ගිහින් දෙකක් ඇන්නා’’ ඔහු කීවේ නිදහසට හේතු වශයෙනි.
‘‘අනේ රාලහාමි, එදා හවස ගේ ඇතුළට දෙසැරයක්ම කුණු බල්ලෙක් ආවා. මම දොර වැහුවේ ඒකයි. හැන්දෑවේ දොරට තට්ටු කළාම මම හිතුවේ අර කුණු බල්ලා ආයේ ඇවිත් කියලයි. මම පුතාට කිව්වා ඔන්න පුතේ ආයෙත් කුණු බල්ලා ඇවිත් කියලා. මේ මනුස්සය ඇවිත් හිටියේ බීගෙන. දොර ඇරපු ගමන් මගේ ඔළුවටයි මූණටයි ගහගෙන ගහගෙන ගියා නේද පුතේ.’’ කී විට දරුවා ද හිස ඉහළට පහළට සෙලවූයේ බියෙනි.
කරුණු තේරුම් ගත් පොලිස් නිලධාරියා, තිදෙනාම පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ විට සිිහිබුද්ධියෙන් වැඩ කරන්නැයි කියා ඔවුන් සමඟි කොට ගෙදර යැවුවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
ඕක මොකක්ද නිල්මල්, හොර යතුරකින් දොර ඇරගෙන ගෙවල් වලට එන බල්ලොත් ඉන්නවා අද රටේ.(හේ)
නිල්මල් ගේ කතාව හරි බල්ලෝ කවදද ගෙවල් වලට තට්ටු කරන්නේ මිනිසුන් වගේ.(නදී)
බල්ලා දොරළඟ ඉඳගෙන නැට්ට වැනුවොත් ඇතුළේ සිටින කෙනාට දැනෙන්නේ දොරට තට්ටු කරනවා වගෙයි. (නි)
බීගෙන ගෙදර එන මනුස්සයට ඔහොම කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද. (නදී)
හරි ඉතින් ටිකක් බිව්වට කුණු බල්ලා කියන්ඩ ඕනේ නැහැනේ එක්කෝ බේබද්දා කිව්වනම් කමකුත් නැහැ (නදී)
අනික ඉතින් පාරක් දෙකක් ගහපු පමණින් පොලිසි ආවේ අැයි? දැන් කොහොමද පවුල් කන්නේ? (බ)
බේබද්දා නැත්නම් කලවැද්ද හරි කියන්න තිබුන කුණු බල්ලා නොකියා (බ)
බල්ලෝ දොරට තට්ටු කරන්නේ මොන රටේද? (බ)
නිල්මල් ලංකාවේ බල්ලෝ දොරට තට්ටු කරනවා මමත් දවසක් රෑවටුනා බල්ලා දොර ළග ඉදගෙන නෑට්ට වනනවා එ්ක දොරේ වදින්නේ හරියට දොරට කවුරු හරි ගහනවා වගේනේ (බ)
අපේ රටේ ගොඩක් පවුල් වල ප්‍රශ්න වලට පළවැනි හේතුව ගෑනුන්ගේ කට. අනිත් කාරනය පිරිමි කිසිම ප්‍රයෝජනයක් නැති ජරාව කටේ හලන් ගෙදර එන එක. එයාලා නියම පිරිමි කියලා හිතන එකයි මෙතන තියෙන ප්‍රදාන ප්‍රශ්නය. මොන දේ උනත් ගැහැණු උදවියට පුළුවන් තමාගේ පිරිමියාව වෙනස් කර ගන්න. එ්ත් අපේ රටේ ගැහැණු එ්ක දන්නේ නැහැ. එ්ක කරන්නේ කොහොමද කියලා (නදී)
මතකද කලවැදි කතාවක් නිසා පැරදුන ජෙනරාල් වරුත් මේ රටේ හිටියා (නදී)
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ.(හේ)