දෙකලවාහි පැසක් සවිකරගෙන වරකට ඒ තුළ මිල අධික කිරිපිටි ටින් එක බැගින් වෙළෙඳ සල්වලින් සොරකම් කරන ලද කාන්තාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තාවේ.
අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන තැනකි. දින කිහිපයකට වරක් එම ස්ථානයෙන් මිල අධික කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වේ. රහසිගත කැමරා පද්ධතියක් මේ ආයතනයේ තිබුණත් එයට ද අසු නොවී මෙසේ වටිනා කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වීම එහි කළමණාකාරීත්වය ඇතුළු සේවක සේවිකාවන්ට ද මහත් වූ ප්‍රෙහේලිකාවක් වී තිබිණි.
එම වෙළෙඳ සලේ කිරිපිටි ටින් ගබඩා කර තිබූ ස්ථානය පෙනෙන සේ සේවක සේවිකාවන් යෙදුවද කිරිපිටි ටින් සොරකම් කරන අයෙකු හෝ ඒ පිළිබඳව හෝඩුවාවක්වත් සොයාගැනීමට නොහැකි විය.
මේ අල්ලපනල්ලේ මේ මෑතක දිනයකදී කකුල් පළල් කර කර තම වෙළෙඳ සලෙන් පිටතට යන කාන්තාවක පිළිබඳව දෙඇස් එහි සේවිකාවකගේ නෙත ගැටුණාය. වහාම ක්‍රියාත්මක වූ ඇය තම වෙළෙඳ සලේ කිරිපිටි සොරකම පිළිබඳව මතකයට ආ එම සේවිකාව තවත් සේවිකාවක් සමඟ තම වෙළෙඳ සලෙන් කකුල් පළල් කර කර ගමන් ගන්නා කාන්තාව නතර කරගත්තාය.
ඇයි මොකද මේ මම අල්ලගෙන. මම කළ වරද මොකක්දැයි එම කාන්තාව තමන් අල්ලාගත් සේවිකාවන්ගෙන් ඇසුවාය. අපිට ඔයා ටිකක් පරීක්ෂා කරන්න ඕන. යංකො ටිකක් වෙළෙඳ සලේ ඇතුළට යයි සේවිකාවන් කී විට මේ මොන මලකෝලමක් ද. හිතුවද මම මේ කඩෙන් බඩු හොරකම් කරයි කියලා. මගේ බල්ලවත් ඒවගේ වැඩක් කරන්නේ නැහැ. මට යන්න දෙන්න ඇයි නිකරුනේ මාව සැක කරන්නේ. මම මේ කඬේ බඩු හොරකම් කරා නම් හොරකම් කරපු බඩු අරන් තියන්න ඕනනේ යිය ඇය පෙරත්ත කරමින් කීවාය.
ඇයගේ කීම තඹේකට ගණන් නොගත් සේවිකාවන් දෙදෙනා මේ කාන්තාව සිය වෙළෙඳ සලේ උඩුමහලට ගෙන ගොස් ඇය ඇඳ සිටි ඇඳුම ඔසවා පරීක්ෂා කළ විටදී ඔවුනගේ ඇස් අදහාගත නොහැකි දර්ශනයක් දුටුහ. ඒ එම කාන්තාවගේ රහස් ප්‍රදේශයට කිට්ටු වන්නට දෙකලවාහි සවිකර තිබූ පැසක් තුළ සිය වෙළෙඳ සලේ අලෙවි කිරීමට තිබූ රුපියල් 3325ක් පමණ වටිනා කිරිපිටි ටින් එකක් එම පැස තුළ තිබෙනු දැකීමෙන්ය.
එම වෙළෙඳ සලේ පාලන අධිකාරිය විසින් ඇය මේ කරන ලද සොරකම පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව ඇය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාන්තාව වගේම තවත් මේ වගේ හොරකම් කරන අය අතීතෙයේදී වගේම අදත් හෙටත් හිරේ විලංගුවේ වැටිලා සමාජයෙන් ගැරහුමට ලක්වෙයි. ඒ නමුත් මේ වගේ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමට දායකවූ මහා අපරාධකාරුවන් හා වංචනිකයන් හැමදාමත් තමන්ගේ මඩිය තරකරගෙන නීතියටත් කොකා පෙන්වා මහා ජාතික වීරයන්සේ සිටියි, මියැදුණු පසුවද ගෞරව ලබයි. (බ)
මේක කියවද්දි මට මැවිලා පේනවා මේ සිද්ධිය (නි)
හසන්,ඔයාට ෂරියා ඕනේ නම් අරාබියට ගිහින් ජීවත් වෙන්න පුළුවන්! (බ)
මේ වාගේ සමාජ ක්‍රමයක් නිර්මාණය වූ නිසා මේ කාන්තාව හොරකමට පුරුදු වුවා යයි කීම හාස්සියට කරුණකි...අද කාලේ එතරම් උගත් කමක් නොතිබුණත් කාන්තාවකට කෙතරම් නම් රැකියා අවස්ථා විවර වී තිබෙනවාද...?මැද පෙරදිග රැකියා,ඇඟලුම් කම්හල් වල රැකියා,ඉස්සන්,දැල්ලන් සුද්ද පවිත්‍ර කර පැකේට් කරන රැකියා යනාදී වශයෙන් මෙකී නොකී කීයක් නම් රැකියාවල්ද...?අප ඉතාම කුඩා වියේ පියා මෙලොවින් සමුගත් නිසාම අපගේ මෑණියන් කිරිපිටි ගන්න මුදල් නැති වුණාම අපගේ කුසගිනි නිවා ඇත්තේ,කහට කෝප්පයකට පොඟවා ගත් රස්ක් විස්කොතුවකින්...එදා තිබු සමාජ ක්‍රමය අනුව නුතනයේ මෙන් විවිද රැකියාවල් තිබුනේ නැත...මෙහි කතාවේ එන කාන්තාව ඇත්තටම නැති බැරි කමට දරුවෙකුගේ කුසගිනි නිවීමට හොරකමේ යෙදුනා නම් මිලෙන් අදික කිරිපිටි සොරාගන්නේ නැත. (අ)
ක්‍රිෂ්ණ ඔබ හරි. (බ)
දේශපාලුවෝ හොරකම් කරද්දී හොඳයි. ඕක ඉතින් ඔය රටේ වැරැද්ද.(ම)
අැයි මේ කාන්තාවට බැරි කුලී වැඩක් කරලා හරි එදා වියදම සොයා ගන්න? ඔක්කොම බවලත්තු අනේ අපිට ආර්ථික අහේනිය කියලා හොරකම් කරන්න ගත්තොත් කොහොමද ? සමාජයට මේකේ වගකීම පටවන්නේ කොහොමද තමන්ගේ අතේ වැරද්දක් තියෙද්දී. හොරකම සාධාරණය කිරීමෙන් මේ බවලතා කරන්නේ ඊළඟට දරුවන්ටත් මේකම පුරුදු කරන එක. (බ)
මා අසා ඇති මීට සමාන කතාවක් කියන්නම්. වසර අවසානයේ උත්සව කාලයේ විවිධ, රසවත් එමෙන්ම මිල අධික කෑම වර්ග විකුණන වෙළඳ සැලකට නිතර පැමිණෙන තරමක් වයසක බවලතෙක් හිටියා. තොප්පියක් දමා ජැන්ඩියට හැඳ පැළඳ සුපිරි වෙළඳ සැලට පැමිණෙන ඇය මොනවා හෝ අනං මනං ටිකක් මිලට ගෙන ඉක්මනින් පිටව යනවා. කැමරා නිරීක්ෂකයෙක් මෙයාගේ අමුතු හැසිරීම දැක ආරක්ෂක නිලධාරියෙක් යවා වෙළද සැලෙන් ඇය පිටවීමට පෙර කාර්යාලයට ගෙන්වා සොයා බලද්දී, මිලෙන් වැඩි ටින් කෑම වර්ගයක් හිස මත තබා හිස්වැසුම පැළඳගෙන අහිංසක ලීලාවෙන් වෙළඳ සැලෙන් පිටවී යන බව සොයා ගත්තා. කවුද කියන්නේ, ගෑණු මොළේ හැඳි මිටේ දිගයි කියලා? (නි)
ඒ කාන්තාව තමන්ගේ පොඩි දරුවෙකුට දෙන්න අරගෙන ගියා වෙන්න බැරිද? (නි)
මෙවැනි කාන්තාවන් ගැන ලිවීමට බොහෝ දේවල් මසිතට නැගුනත් කිසිත් නොකියා සිටීම මැනවයි හැඟුණ නිසා මොකුත් නොකියමි. (බ)
සාමාන්‍යයෙන් ශරීරයේ පැසක් තිබෙන්නේ කැන්ගරු වර්ගයේ සතුන්ට පමණයිනේ. (නි)
ලැජ්ජාව බය නැති තැන ඕනෑම පජාති වැඩක් හිරිකිතකින් තොරව කල හැකියි (අ)
ෂරිය නීතිය අනුව දඩුවම් දුන්නනම් හරි! (අ)