IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ගාට ගාට යයි වටිනා කිරි ටින්

දෙකලවාහි පැසක් සවිකරගෙන වරකට ඒ තුළ මිල අධික කිරිපිටි ටින් එක බැගින් වෙළෙඳ සල්වලින් සොරකම් කරන ලද කාන්තාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තාවේ.


අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන තැනකි. දින කිහිපයකට වරක් එම ස්ථානයෙන් මිල අධික කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වේ. රහසිගත කැමරා පද්ධතියක් මේ ආයතනයේ තිබුණත් එයට ද අසු නොවී මෙසේ වටිනා කිරිපිටි ටින් එක බැගින් අතුරුදන්වීම එහි කළමණාකාරීත්වය ඇතුළු සේවක සේවිකාවන්ට ද මහත් වූ ප්‍රෙහේලිකාවක් වී තිබිණි.


එම වෙළෙඳ සලේ කිරිපිටි ටින් ගබඩා කර තිබූ ස්ථානය පෙනෙන සේ සේවක සේවිකාවන් යෙදුවද කිරිපිටි ටින් සොරකම් කරන අයෙකු හෝ ඒ පිළිබඳව හෝඩුවාවක්වත් සොයාගැනීමට නොහැකි විය.


මේ අල්ලපනල්ලේ මේ මෑතක දිනයකදී කකුල් පළල් කර කර තම වෙළෙඳ සලෙන් පිටතට යන කාන්තාවක පිළිබඳව දෙඇස් එහි සේවිකාවකගේ නෙත ගැටුණාය. වහාම ක්‍රියාත්මක වූ ඇය තම වෙළෙඳ සලේ කිරිපිටි සොරකම පිළිබඳව මතකයට ආ එම සේවිකාව තවත් සේවිකාවක් සමඟ තම වෙළෙඳ සලෙන් කකුල් පළල් කර කර ගමන් ගන්නා කාන්තාව නතර කරගත්තාය.


ඇයි මොකද මේ මම අල්ලගෙන. මම කළ වරද මොකක්දැයි එම කාන්තාව තමන් අල්ලාගත් සේවිකාවන්ගෙන් ඇසුවාය. අපිට ඔයා ටිකක් පරීක්ෂා කරන්න ඕන. යංකො ටිකක් වෙළෙඳ සලේ ඇතුළට යයි සේවිකාවන් කී විට මේ මොන මලකෝලමක් ද. හිතුවද මම මේ කඩෙන් බඩු හොරකම් කරයි කියලා. මගේ බල්ලවත් ඒවගේ වැඩක් කරන්නේ නැහැ. මට යන්න දෙන්න ඇයි නිකරුනේ මාව සැක කරන්නේ. මම මේ කඬේ බඩු හොරකම් කරා නම් හොරකම් කරපු බඩු අරන් තියන්න ඕනනේ යිය ඇය පෙරත්ත කරමින් කීවාය.


ඇයගේ කීම තඹේකට ගණන් නොගත් සේවිකාවන් දෙදෙනා මේ කාන්තාව සිය වෙළෙඳ සලේ උඩුමහලට ගෙන ගොස් ඇය ඇඳ සිටි ඇඳුම ඔසවා පරීක්ෂා කළ විටදී ඔවුනගේ ඇස් අදහාගත නොහැකි දර්ශනයක් දුටුහ. ඒ එම කාන්තාවගේ රහස් ප්‍රදේශයට කිට්ටු වන්නට දෙකලවාහි සවිකර තිබූ පැසක් තුළ සිය වෙළෙඳ සලේ අලෙවි කිරීමට තිබූ රුපියල් 3325ක් පමණ වටිනා කිරිපිටි ටින් එකක් එම පැස තුළ තිබෙනු දැකීමෙන්ය.


එම වෙළෙඳ සලේ පාලන අධිකාරිය විසින් ඇය මේ කරන ලද සොරකම පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව ඇය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

ගාට ගාට යයි වටිනා කිරි ටින්

බෙන්තර මහේෂ් Wednesday, 23 March 2016 10:28 AM

ඒ කාන්තාව වගේම තවත් මේ වගේ හොරකම් කරන අය අතීතෙයේදී වගේම අදත් හෙටත් හිරේ විලංගුවේ වැටිලා සමාජයෙන් ගැරහුමට ලක්වෙයි. ඒ නමුත් මේ වගේ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමට දායකවූ මහා අපරාධකාරුවන් හා වංචනිකයන් හැමදාමත් තමන්ගේ මඩිය තරකරගෙන නීතියටත් කොකා පෙන්වා මහා ජාතික වීරයන්සේ සිටියි, මියැදුණු පසුවද ගෞරව ලබයි. (බ)

:       0       0

රිතික් Friday, 25 March 2016 04:44 PM

මේක කියවද්දි මට මැවිලා පේනවා මේ සිද්ධිය (නි)

:       0       0

ලොකුගේ Wednesday, 23 March 2016 10:39 AM

හසන්,ඔයාට ෂරියා ඕනේ නම් අරාබියට ගිහින් ජීවත් වෙන්න පුළුවන්! (බ)

:       0       0

අයි ක්‍රිෂ්ණා Wednesday, 23 March 2016 11:35 PM

මේ වාගේ සමාජ ක්‍රමයක් නිර්මාණය වූ නිසා මේ කාන්තාව හොරකමට පුරුදු වුවා යයි කීම හාස්සියට කරුණකි...අද කාලේ එතරම් උගත් කමක් නොතිබුණත් කාන්තාවකට කෙතරම් නම් රැකියා අවස්ථා විවර වී තිබෙනවාද...?මැද පෙරදිග රැකියා,ඇඟලුම් කම්හල් වල රැකියා,ඉස්සන්,දැල්ලන් සුද්ද පවිත්‍ර කර පැකේට් කරන රැකියා යනාදී වශයෙන් මෙකී නොකී කීයක් නම් රැකියාවල්ද...?අප ඉතාම කුඩා වියේ පියා මෙලොවින් සමුගත් නිසාම අපගේ මෑණියන් කිරිපිටි ගන්න මුදල් නැති වුණාම අපගේ කුසගිනි නිවා ඇත්තේ,කහට කෝප්පයකට පොඟවා ගත් රස්ක් විස්කොතුවකින්...එදා තිබු සමාජ ක්‍රමය අනුව නුතනයේ මෙන් විවිද රැකියාවල් තිබුනේ නැත...මෙහි කතාවේ එන කාන්තාව ඇත්තටම නැති බැරි කමට දරුවෙකුගේ කුසගිනි නිවීමට හොරකමේ යෙදුනා නම් මිලෙන් අදික කිරිපිටි සොරාගන්නේ නැත. (අ)

:       0       0

හරිස්චන්ද්‍ර Thursday, 24 March 2016 12:52 AM

ක්‍රිෂ්ණ ඔබ හරි. (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 23 March 2016 05:36 AM

දේශපාලුවෝ හොරකම් කරද්දී හොඳයි. ඕක ඉතින් ඔය රටේ වැරැද්ද.(ම)

:       0       0

රුවනි Wednesday, 23 March 2016 01:22 PM

අැයි මේ කාන්තාවට බැරි කුලී වැඩක් කරලා හරි එදා වියදම සොයා ගන්න? ඔක්කොම බවලත්තු අනේ අපිට ආර්ථික අහේනිය කියලා හොරකම් කරන්න ගත්තොත් කොහොමද ? සමාජයට මේකේ වගකීම පටවන්නේ කොහොමද තමන්ගේ අතේ වැරද්දක් තියෙද්දී. හොරකම සාධාරණය කිරීමෙන් මේ බවලතා කරන්නේ ඊළඟට දරුවන්ටත් මේකම පුරුදු කරන එක. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 24 March 2016 09:12 PM

මා අසා ඇති මීට සමාන කතාවක් කියන්නම්. වසර අවසානයේ උත්සව කාලයේ විවිධ, රසවත් එමෙන්ම මිල අධික කෑම වර්ග විකුණන වෙළඳ සැලකට නිතර පැමිණෙන තරමක් වයසක බවලතෙක් හිටියා. තොප්පියක් දමා ජැන්ඩියට හැඳ පැළඳ සුපිරි වෙළඳ සැලට පැමිණෙන ඇය මොනවා හෝ අනං මනං ටිකක් මිලට ගෙන ඉක්මනින් පිටව යනවා. කැමරා නිරීක්ෂකයෙක් මෙයාගේ අමුතු හැසිරීම දැක ආරක්ෂක නිලධාරියෙක් යවා වෙළද සැලෙන් ඇය පිටවීමට පෙර කාර්යාලයට ගෙන්වා සොයා බලද්දී, මිලෙන් වැඩි ටින් කෑම වර්ගයක් හිස මත තබා හිස්වැසුම පැළඳගෙන අහිංසක ලීලාවෙන් වෙළඳ සැලෙන් පිටවී යන බව සොයා ගත්තා. කවුද කියන්නේ, ගෑණු මොළේ හැඳි මිටේ දිගයි කියලා? (නි)

:       0       0

අරවින්ද Tuesday, 22 March 2016 09:45 PM

ඒ කාන්තාව තමන්ගේ පොඩි දරුවෙකුට දෙන්න අරගෙන ගියා වෙන්න බැරිද? (නි)

:       0       0

ඉනෝකා Wednesday, 23 March 2016 03:37 PM

මෙවැනි කාන්තාවන් ගැන ලිවීමට බොහෝ දේවල් මසිතට නැගුනත් කිසිත් නොකියා සිටීම මැනවයි හැඟුණ නිසා මොකුත් නොකියමි. (බ)

:       0       0

සමන්ති Wednesday, 23 March 2016 12:35 AM

සාමාන්‍යයෙන් ශරීරයේ පැසක් තිබෙන්නේ කැන්ගරු වර්ගයේ සතුන්ට පමණයිනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 March 2016 09:10 AM

ලැජ්ජාව බය නැති තැන ඕනෑම පජාති වැඩක් හිරිකිතකින් තොරව කල හැකියි (අ)

:       0       0

හසන් Wednesday, 23 March 2016 09:40 AM

ෂරිය නීතිය අනුව දඩුවම් දුන්නනම් හරි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 357 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 651 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 325 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 811 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 895 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 702 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 857 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 215 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1263 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site