නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දුර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.
ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එදින ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමුදී නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දුරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉදිකර තිබූ පාලම කඩාවැටී ඇති බව දුටුවේය.
දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දුර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්දී කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.
පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදු අපදාවක් සිදුවී නොතිබුණි.
ගම්වාසීන්ට සිදුවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වලදී ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලා බයිට් එකක් දීලා තියෙන්නේ (දී)
වවන්නෝ දිනන්නෝ (දී)
අයියෝ සල්ලි
ඒ ගංජා හොදම වර්ගයේ ඉස්තරම්ම ගංජා (නි)
මමත් ඔය හැම ජාතියක්ම ටෙස්ට් කරලා බැලුවා, කේරල ගංජා තමයි හොදම. සැ: යු - ටෙස්ට් කරන්න විතරයි පාවිච්චි කළේ. ගෙදර යනවා යනවා ඉවරයක් නැහැ (නි)
සුරසේන, ඔයාගේ අදහස කියවලා කවදාවත් නැති විදියට හිනහ වුණා. ඔයාගේ කතාව ෂෝක්. අපි වගේ අය ඕවා මොනවද කියල නොදන්නා නිසා. මේ නිසා වෙන්න ඇති දැන් ලංකාවේ අපරාද ගොඩක් වැඩි. මනසවල් විකෘති වීමෙන්...මිනිසුන්ගේ ? (නි)
පොඩි වතුර වලවල් මහා ජලාශ වගේ පෙනුන මගේ යහළුවෙකුත් සිටියා ගංජා බීපු. මේ කතාවත් ඇත්තක්ම තමයි. (නි)
මල් හතයි කියන්නේ ඒකනේ (නි)
සූරසේනගේ කතාව නම් මල් හතයි (නි)
මතට තිත කියන්නේ මේකට වෙන්න ඇති (නි)
ඔය මොන දේ කිවුවත් කේරළ ගංජා තමයි හොදම (නි)
ඔන්න වරුණ! පාලම් කඩා ගන්නේ එහෙම නැහැ හොදේ (නි)
මමත් ගංජා බීලා තියෙනවා (නි)
මමත් ගහල බැලුවා. මට නම් මොකුත් දැනුනේ නැහැ.(නදී)
ඕවා මොනවද? අත්තනගල්ලේ, වැලිවේරියට ආසන්නයේ අඩියෙන් අඩියට අහුලන්න පුළුවන්. (නි)
අම්පාර ගංජා නියමයි...! (නි)
සුසන්ත කියන්නේ හොදම පන්දමෙක්. මේක මේ ගංජා කතාවක් නෙවෙයි. දේශපාලකයෙකුගේ හෙන්චයියෙකුගේ කතාවක්. (නදී)
එකිනෙක ගෙන, තාලයකට,රන් අටුවක අමුණාගෙන ආ ...ආ ..ආ /// මිහිකත හිසමත ඇති කෙස. සුලන් රැලෙන් පීරාගෙන // මල් පබා, වී. යි .ඊ.. මල් පබා./// වෙල ලග නල සමග තුටින රනට දිලෙන, දමක ලෙසින තුරුණු වියට උරුම කියන..මල් පබා (නි)
මාත් දවසක් ගංජා සුරුට්ටුවක් බීලා තැඹිලි ගහකට නැග්ගා. මම ගහෙන් බහිනවා බහිනවා ඉවරයක් නැහැ. ඒ තරම් ගහ උසකුත් නැහැ. පැයක් විතර බැහැලා බිම බලනකොට තව ගොඩක් බහින්න ඕනෑ. පස්සේ මගේ යාලුවෙක් ඇවිත් මාව ගෙදර අරන් ගියා. මට පොලව දුරින් පෙනුනට මම ඉදලා තියෙන්නේ බිම ඉදගෙන ගහ බදාගෙනලු. ඒ මගේ ප්‍රථම සහ අන්තිම ගංජා සුරුට්ටුව. අත්හදා බලන්නවත් බොන්න එපා (නි)
හොඳ නැහැ කියනදේ අත්හදා බලන විශාල පිරිසක් සමාජයේ සිටිනවා.(ස)
ගංජා ටිකක් ගත්තට අපිට නම් ඔහොම විකාර වෙන්නේ නැහැ. එකම දෙයක් ගැන එක දිගට ඕනෑවට වැඩිය කල්පනා කරන එකනම් ඇත්ත. එහෙත් ඔය හුලු අතු අරන් දවල් යන්නේ නම් වෙන ලෙඩක්. (නි)
මං මේ කල්පනා කලේ හොඳට තියෙන පාළම් කැඩුන හැටියට පෙන්වනවා වගේම කැඩුණු පාළම්, එහෙම නැත්නම් හදන්න හිතලවත් නැති පාළම් හදල තියෙනවා වගේ පෙන්වන්නත් ගංජා වලට පුලුවන්ද කියලයි. මාර සංවර්ධනයක් පෙන්වන්න පුළුවන්නේ එහෙනම්! (ස)
දවසක් දා.. සැන්දෑවක දුමක් අදින්නට සිතුනා...// සිතුවෙත් නැහැ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ..// සදේ... ඔබ ඇයිද මේ යාමේ ... අහසකරා ඇදුනේ..// සිතේ දුක,හිරු නිවා දැමුවේ, නැතිවද ඔබ දන්නේ.. ගිනි හිරු පායා සොමිසද බැසලා මගේ ලොව එලිය වෙලා.// සදේ... ඔබ ඇයිද මේ යාමේ ... අහසකරා ඇදුනේ...// (නි)
හ්ම්ම්... මට දවසක් මහා දවල් රෑ වගේ පෙනිලා හුළු අත්තක් පත්තු කරගෙන වෙලක් මැද්දෙන් ගෙදර ගියා. ගෙදර මිනිස්සු ඔක්කොම බයවෙලා මට පිස්සු හැදිලා කියො. මම නෙමෙයි ආයෙත් ගංජා ගැහුවේ. (නි)
මේක ඇත්තම සිදු වීමක් වෙන්න පුළුවන්. මොනවා උනත් ගංජා බොන මිනිහ අමුතුම ලෝකෙක ඉන්නේ. (ස)
අපේ ගම්පලාතේ ගෙදරක අයිය කෙනෙක්.... අපේ කඩෙන්"සෙනෙහෙ ගුලි" වගයක් ගෙනිහින් කාල. අම්මයි අක්කයි වේලාසනින් නිදි නිසා.. ? ගෙදර මුට්ටියේ අම්ම උයලා තිබුන බත් සේරම කාලා මාළුපිණි මොකුත් නැතුව, කකා ඉන්නකොට කුප්පි ලාම්පුවේ එලියට එයාගේ හේමලයා බිත්තියකින් දිලිසිලා. මෙයා පැනලා දුවලා හොරෙක් ඇවිත් කියලා. දුවනවලු දුවනවලු මහා රෑ දෙගොඩ හරියේ එයාගේ අක්කට ඇහෙනවලු කව්ද ගේ වටේ දුවනවා, අම්මයි අක්කයි බලනකොට මල්ලි එයාලවත් පහුකරන් රවුම් දෙකක තුනක් දිවුවලු..? කව්රුවත් දන්නේ නැහැ මල්ලිට වුණ දේ..? (නි)
මා ලඟත් ජාතියක් තියෙනවා පාලම් හදන වර්ගයේ.(අ)
මරුනේ. එදා නම් නියමෙට වැඩකරලා තියනවා (නි)
කොහොමද පවර් එක. (ස)