කාන්තාවක් ගංජා විකුණන බවට ලද තොරතුරක්මත පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඇඳ සිටි ඇඳුම ගලවා දමා පොලිසියට රැගෙන යන ලෙසට පොලිස් නිලධාරීන් ඉදිරියේ නිරුවත පෙන්වීමේ සිද්ධියක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තාවේ.
අම්බලන්තොට, මලවෙවත්ත ප‍්‍රදේශයේ කුඩා කඩයක ගංජා විකිණීම සිදුකරණ කාන්තාව ගංජා සමග පොලිසියට හසුවී පොලිසියට රැගෙන යාමට සුදානම් වීමේදී ඇය රෙදි ගලවා දමා දැන් පොලිසියට රැගෙන යන ලෙසට නිලධාරීන්ට කියා තිබෙන බව වැටලීමට එක්වූ අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩි.එච්.වී.ජේ. සමන්ජිත් මහතා කීය.
එසේ ඇය රෙදි ගලවාගෙන සිටින විටදී ඇයගේ දියණියද පැමිණ උඩුකය රෙදි ගලවාගෙන අම්මා දුෂණය කරන්න හදනවා කියා පොලිස් නිලධාරීන්ට බැණවැදී ඇති බවද සමන්ජිත් මහතා කීය. පොලිස් කාන්තාවන්ද සමඟ මෙම වැටලීමට ගිය නිලධාරීන් රෙදි අන්දවා ගංජා සමඟ 50 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවද සමන්ජිත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලහාමිලට තිබුනේ ඇගේ ඉල්ලීමට අනුව පාර දිගේ පොලිසියට ගෙනියන්නයි. (නදී)
පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගංජා වැටලීමකට ගිහින්? (නදී)
ෂාහ්, මරේ මරුනේ, පොලිසියට මේක දැකීමෙන් තමන්ගේ විඩාව,මහන්සිය, භය සේරම නැතිව යන්න ඇති.(නදී)
මොකටද ආයෙ රෙදි ඇන්දුවේ. එහෙමම අරං ගිහින් කූඩුවට දාල තියන්නනෙ තිබුනෙ.(නදී)
ගැහැණුන්ගේ නුවන හැදි මිටේ කිව්වට, ඊට වැඩිය දිගයි වගේ. පොලිසියේ මහත්වරු අමාරුවේ දාන්නයි ඒ වැඩේ කරන්න ඇත්තේ. (නදී)
ගැහැණු පිරිමි භේදයක් නොතකා මෙවැනි අසීලාචාර වැඩ කරන්නවුන්ට නිසි දඬුවම් දිය යුතුයි(දිල්).
දැනටමත් අරක්කු නම් විකුනනවා. ලගදීම කුඩු වලටත් බලපත්‍ර දෙයි එතකොට ඔය ගංජා විකුනන්න ඕනි නැහැ.(නදී)
පොලිසියට හිතෙන්න ඇති අනේ සිංහ රාජෙට ගියා නම් මීට වැඩිය හොඳයි කියලා.(නදී)
තව ටික දවසකින් නැව් පිටින් ගේන්නේ.(නදී)
ඉතින් ඒ අය ගංජා ඇල්ලුවාද? (නදී)
ලේකම් කෙනෙකුගෙන් ලිපියක් අරගෙන තිබුනා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.(නදී)
ලංකාවේ ජීවන වියදම සමග බහුතර ජනතාව ජීවත් වෙන්නේ කොහොමද?(අ)
එතකොට කුඩු කන්ටේනර් එකේ අයිතිකාරය අල්ලන්න බැරි උනේ, (අ)
ඉක්මනින් මරණිය දණ්ඩනය ගෙන යා යුතුයි. (ස)
පොලිසියට යන්න තිබුණේ කුරුඳු පොල්ලකුත් අරගෙන අම්මයි දුවටයි හොඳට සලකලා, ගිහින් කුඩුවට දාන්න. (ස)
පොලිසිය වැටලීමකට ගියාම මේ විදියට රග දැක්වීම දැන් මෝස්තරයක් වෙලා වගෙයි. මේ වගේ සිදුවීම් දෙක තුනක්ම මෑතකදී කියවන්න ලැබුනා.මේවට නිසි දඩුවම් නොදුන්නොත් තත්වය වර්ධනය වෙන්න පුළුවන්.(දිල්)
මෙච්චර මේ රටේ කුඩු මුදලාලිලා කන්ටේනර් පිටින් ගෙනත් විකුණන ඒවත් අල්ලන්න(දිල්)
ඕක මොකක්ද ලොක්කෝ කුඩු කන්ටේනර් පිටින් ගෙනෙන කොට.(නදී)
පොලිසියේ කට්ටිය හොඳටම බය වෙන්නේ ඇතිනේ. තොවිල් කරන්න උනාද. (නදී)
ලොක්කෝ කුඩු කන්ටේනර් ගනන් ගේන ඒවා අල්ලන්නේ නැද්ද එතකොට.(නදී)
මොනවද මේ වයේ තව වර්දනය වෙන්න තිබෙන්නේ? ගෙනෙන්නේ කන්ටේනර් පිටින්. තව වර්ධනය කුමටද? (නදී)