IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි කෙනකු ළඟ ගෝලයකු වශයෙන් සේවය කිරීමය. දිනපතා විවිධ ප‍්‍රදේශවලට මොහුත් මුදලාලිත් පොල් රැගෙන යති. 

මොහු දිනපතා ගංජා බොන පුද්ගලයකු වුවද රැුකියා අවස්ථාවේදී පාවිච්චි නොකළේ වැරදීම් සිදුවන නිසාය. කෙසේ හෝ සිද්ධිය වූ දිනයේ තම මිතුරන්ගේ පෙරත්තය නිසා මොහු ගංජා බී ඇත. පානය කර ලොරියට වී මුදලාලි සමඟ වෙළෙඳාමේ ගිය මොහු එක්තරා කඩයක් අසල පොල් දැමීමට නතර කළ අතර එම කඬේ මුදලාලි පවසා ඇත්තේ පොල් තිබෙන නිසා දැනට පොල් ගෙඩි 25ක් දමා යන ලෙසය.

මුදලාලි කඬේ මුදලාලි සමඟ කතා කරමින් සිටියදී මොහු පොල් ගණන් කිරීම ආරම්භ කර ඇති අතර 25ස් වතාවක් ගණන් කළද මොහුට එක් පොල් ගෙඩියක් වැඩිපුර ඒම නිසා තව තවත් ගණන් කිරීමට පටන්ගෙන තිබේ. පසුව කඬේ ගෝලයා විසින් මුදලාලි දැනුවත් කිරීමෙන් පසු පොල් මුදලාලි මොහුට බැන වැදී රැකියාවෙන් අස්කර තිබේ.



අදහස් (0)

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:35 PM

මේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ , වික්‍රම දන්නවා දවසක් අපිට උන දේ නැද්ද ? (කෞ)

:       0       0

සුසිල් Tuesday, 12 January 2016 01:32 PM

ඒකනේ ගංජා බොන්න එපා කියන්නේ. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 13 January 2016 12:46 AM

මිනිහට පොල් ගණන් කරලම අන්තිමට "එලොව පොල් "පෙනෙන්න ඇති. (නි)

:       0       0

සුභාෂ් Tuesday, 12 January 2016 02:39 PM

අනේ අපොයි.(හේ)

:       0       0

ජයන්ත Wednesday, 13 January 2016 10:31 PM

නෝර්වේ වල කම්කරු නීති තදවුණාට ලංකාවේ බහුතරයක් අහිංසක මිනිසුන් වැඩකරන්නේ දවස් පඩියට, නැත්නම් සුලු මාස් පඩියකට. ඒ අය රැකියාවෙන් ඉවත්කරන්න ඒතරම් අපහසු නැහැ. අනික ඔය මිනිස්සු කීයෙන් කීදෙනාද අවංකව කටයුතු කරන්නේ? (නි)

:       0       0

කෝසල Sunday, 17 January 2016 01:03 AM

දැන් ගංජා බොන්නත් සල්ලි නැතුව ඇති (නි)

:       0       0

අබය Tuesday, 12 January 2016 09:00 AM

මිනිහ‍ා මුදලාලිට තිබෙන භක්තියට තමයි ඔච්චර වාරයක් ගණන් කරලා තියෙන්නේ. මුදලාලි වැරදියට අවබෝධ කරගත්තා. (නි)

:       0       0

ඉනෝකා Tuesday, 12 January 2016 09:20 AM

රැකියාව නැතිවෙනකොට තමයි සේවකයාට එලොව පොල් පෙනෙන්නට ගන්න ඇත්තේ. (නි)

:       0       0

ජයනාත් Wednesday, 13 January 2016 08:15 AM

ලංකාවේ කම්කරු නීතිවල තියෙන දුර්වල කම තමයි.නෝර්වේ වගෙ රටවල් වල කම්කරු නීති හරිම තදයි.ඕන වෙලාවට ගන්නයි එපා වුනාම එලවන්නයි බෑ එ් රටවල. (බ)

:       0       0

ගුණවර්ධන Tuesday, 12 January 2016 05:21 PM

මුදලාලි මේ වෙලාවේ ගත් තීරණය හොඳ මදි. සේවකයෙකුට පළමුව අවවාද කළයුතුයි (නි)

:       0       0

වික්‍රම Tuesday, 12 January 2016 05:32 PM

විසිපහ පනහ වෙච්ච දවසුත් තිබුනා ජයාටයි මටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site