(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දෙනෝ දහසක් ගමන් ගන්නා කටුගස්තොට මාර්ගයේදී බිලිඳු හිසක් මහවැලි ගඟට දමාගියේ යැයි පුද්ගලයකු පිළිබඳව කාන්තාවක පැවසූ පුවතකින් ප්‍රදේශය උණුසුම් විය.
වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේයි,
හොඳින් ඇඳ පැලඳගත් ඔහු කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට පා ගමනින් යමින් සිටියදී හදිස්සියේ කටුගස්තොට ලොකු පාලම මතදී වටපිට බලා තම අතෙහි වූ මල්ලෙන් කළු පැහැති කිසියම් ගුලියක් වැනි දෙයක් ගඟට විසිකර නැවත සිය සුපුරුදු ගමන යෑමට පටන්ගෙන ඇත.
එහෙත් ඔහුට එසේ යාමට සිදුවූයේ අඩි කිහිපයක් පමණි. ඊට මඳක් ඈතින් පැමිණි කාන්තාවක් “ඔය මිනිහා අල්ලා ගන්න, ඔය මිනිහා අල්ලා ගන්න, අන්න පොඩි ළමයෙකුගේ ඔළුවක් ගඟට දැම්මා යනුවෙන් කෑගැසුවේ ඔහුට තවත් අඩියක් හෝ ඉදිරියට යාමට ඉඩ නොදී ඒ මොහොතේ පාලම මතින් ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ ග්‍රහණයට හසුවීම නිසාය.
අන්දමන්ද වූ ඔහු සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර අදාළ කාන්තාව එතැනට රැස් වූ පිරිසට පැවසුවේ මේ මිනිහා පුංචි ළමයෙකුගේ ඔළුවක් ගඟට දාලා පැනලා යන්න හැදුවා කියාය.
කෙසේ නමුත් එතෙක් ත්‍රිරෝද රථ රියැදුරුගේ ග්‍රහණයට හසුව සිටි ඔහු පැවසුවේ සුබ නැකතට තම එකම දියණියගේ කෙස් කැපීමෙන් අනතුරුව එම කෙස් ගලා යන ජලයකට දමනා ලෙස නැකැත් සෑදූ තැනැත්තා පැවසීම නිසා කැපූ එම කෙස් මෙසේ මහවැලි ගඟට දැමූ බවයි.
එසේ ඔහු පැවසීමත් සමඟ පිරිස විසිරී යාමටත් පෙර අදාළ කාන්තාව එතැනින් පිටව ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගඟට පාර්සලයක් දාලා කතක් හොල්මන් වෙලා
abaran Tuesday, 15 May 2018 08:31 AM
මම හිතන්නේ ඒ ගැණු කෙනා හරි කියල...කවුරුත් තාම දන්නේ නැහැ ගඟට දැම්මේ මොනවද කියලා...ඒ වගේම කෙස් ටිකක් ඔලුවක් විදියට දකින්නේ කොහොමද? බැරි වෙලාවත් ඒ ඇත්තටම ඔලුවක් නම් තත්වය වෙනස් නේද?
mahinda Tuesday, 15 May 2018 09:12 AM
මෙය හාස්‍යට කාරනයක් නෙවෙයි එම කාන්තාව විමසිල්ලෙන් සිටීම අගයකල යුතුයි....... මෙවනි සිදුවීම් වීමට ඇති ඉඩ කඩ බොහෝය.ඇරත් එම පාර්සලය හිසකෙස් නීසා ඇයට එසේ සිති ම ඉතා සාධාරණය.....