කලෙකින් කොළඹ පැමිණි ගමේ සමාජ සේවකයකුට සිදුවූඅකරතැබ්බයකි මේ.චන්ද්‍රසෝම මහතා ගමේ හිත හොඳ මනුස්සයෙකි.
ඔහු සියබිරිඳ සමග ගිය සතියේ කොළඹ ආවේ වැඩකිහිපයක්ම කර ගැනීමටය.ඔහු බිරිඳත් සමග මරදානෙන් බසයෙන්බැස්සේ ඇවැසි කරුණක් සඳහාය. දෙදෙනා බසයෙන් බැස මදක් ඉදිරියට යද්දීතරුණයකු ඔවුන් අසලට පැමිණියේය.
‘අංකල් කොහේද ගමනක් යනවද’ ‘ඔව් ළමයො ඇයි?අර ඔයාලාගෙ ගේ ළඟ ටොයොටා වෑන් එකතියන්නෙ. ඒකෙ කොළඹ ආවා. ටයර් එකක් ගියානෙ. ඔයාලැනෑයෙකුගෙ නේද ඒ වෑන් එක’‘ආ.... ඔය අතුල පුතාගෙ වෑන් එකද? ‘ඔව් ඔව් අතුල මල්ලිගෙ වෑන් එක තමයි.
අංකල් මේකෙ ටයර්එක හදාගන්න රුපියල් තුන්දහසක් දෙන්නකො. ඔයා ගෙදර ආගමන් අතුල මල්ලිත් එක්ක ඇවිල්ල සල්ලි ටික දෙන්නම්’‘තුන්දහක් නම් නෑ පුතා.
දෙදාස් පන්සීයක් තියෙනවාදෙන්නම්’ ආ ඒක එහෙනම් දෙන්න අංකල් වෑන් එක එහාපැත්තෙ. හදාගෙන එන්නම්.තරුණයා මුදල ගෙන පැන ගියේය. චන්ද්‍රසෝම මහතා අතුල පුතාට ඇමැතුමක්ගත්තේය.‘පුතා ඔයාගෙ වෑන් එක දෙමටගොඩදී කැඩිලා.
මමඒක හදා ගන්න ඩ‍්‍රයිවර්ට සල්ලි වගේකුත් දුන්න’ ‘නෑ අංකල් අද වෑන් එක කොළඹ ආවෙ නෑනෙ.ඔයා කාටහරි අහුවෙලා වගේ.‘ආවේ නෑ. මට ඌ කිව්වනෙ අතුල පුතාගෙ වෑන් එක කියලා’ චන්ද්‍රසෝම මහතා කොළඹ කපුටකුට අහුවෙලාය.‘මදෑ ඔයින් ගියා’ චන්ද්‍රසෝම මහතා සුසුමක් හෙළීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපරාදේ සල්ලි! (නි)
සල්ලි දෙන්න කලින්නේ කෝල් කරලා දැනගන්න තිබුනේ. අපරාදේ සල්ලි (නි)
ඔහොම හොර කරලා, බොරු කරලා, හොරකම් කරලා ගන්න සල්ලි කවදාවත් හරියන්නේ නැහැ. ඔය හොරකම කළ කෙනාට කවදාහරි විඳවන්න වෙනවා, මේ ජීවිතේදීම (නි)
ලියොන් මහතාගේ කතාව සහතික ඇත්ත. (බ)
අසරණ අන්කල්! (නි)
අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගහන එක තමයි අපේ සමහරු කරන්නේ. අර ලියොන් කියල තියනවා වගේ මේ නම් ගමෙන් නගරයට ආ කපුටෙක්ම තමයි. ඔයවගේ සමහර ගමේ කපුටෝ ඔලුවට විතරක් නෙමේ, පුළුවන් නම්, මොළයටම කොටන්නයි බලන්නේ.. ගමේ හිත හොඳ මහත්තය, ඔයින් බේරුනා ඇති. (බ)
මටත් ඔහොම දෙයක් වුණා. (නි)
මට නම් හිතෙන්නේ ගමෙන් පියඹාගෙන ආ කපුටෙකුයි චන්ද්‍රසෝම මහතාට කොටා තිබෙන්නේ (නි)
ගම් වල අය ගිය ගිය තැන නා ගන්නවා. (නි)
මම මීට වසර නමයකට පෙර මගේ උපන් නගරයේදීම කාක්කෙකුට අහුවුණා (නි)
ජනක, ගත් එකා ඒ වෙලේම විඳවන්න ඇති (නි)
තමාගේ ත්‍රී වීල් එකේ මොකක් හරි කැඩී ඇති බව හෝ එය පෙට්‍රල් නැතුව මග නතර වී එති බවත් කියා රුපියල් හාර පන් සීයක් ඉල්ලා විශේෂයෙන් කාර් ලඟට පැමිණ සල්ලි ඉල්ලීම පුරුද්දක් වී ඇත. බලනකොට එය බොරුවකි. ප්‍රවේසම් වන්න. මෙය කොළඹදී මගේ අත්දැකීමකි . (ස)
අනේ පවු.....! (නි)
මේ අන්කල්ට තිබුනේ සල්ලි දෙන්න කලින් කෝල් කරලා බලන්න. කොළඹ කාක්කෝ ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ (නි)
අනුන්ට ගින්දර දීලා කඩා වඩා ගන්න සල්ලි කවදාවත් යාදෙන්නේ නැහැ.(ම)