අම්බලන්තොට නිවාස කිහිපයක භූමි දෝෂ ඉවත්කිරීමට කරන ලද තොවිලයකින් පසුව කාන්තාවන් කීප දෙනෙකු ආරූඪවීම නිසා සමාධිගම්මානය (15) රාත‍්‍රී මහත් කලබලයට පත්විය.
වයස අවුරුදු 16-18 තරුණ යැකදුරෙක් මෙම ශාන්තිකර්ම කර තිබේ. ශාන්තිකර්ම කිරීමෙන් පසු එම නිවාසවල තරුණ කාන්තාවන්ට භූතයා වැහී විවිධ භාෂාවලින් කතා කරමින් දේවාරූඪයෙන් ගාථා කියමින් නටන්නට වූ බව එම නිවැසියෝ පවසති.
මෙම පිරිස අම්බලන්තොට ලූණම පලූගස්වල විහාරස්ථානයට (15) රාත‍්‍රී පැමිණ තිබේ. විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අබියසට පැමිණ සෙත් ශාන්ති කිරීම සිදුකෙරිණි.
තංගල්ලේ යැකදුරා මෙම විහාරස්ථානයට කැඳවාගෙන ආවේ ඉන්පසුවයි. යැකදුරා විහාරස්ථානයට එක්කරගෙන ඒමෙන් පසුව කුපිත වූ ප‍්‍රදේශවාසීහු තරුණ යැකදුරාට පහර දෙන්නට වූහ. මෙය දැක ගැනීමට විශාල පිරිසක් පලූගස්වැව විහාරයට පැමිණ සිටියහ.
තරුණ යැකදුරාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ සියලූම දෙනාට කළු කුමාර දිස්ටිය වැහිලා තියන නිසා ඉවත් කිරීමට කටයුතු කරන බවය.
කෙසේ හෝ මෙම ප‍්‍රකාශ සමඟ ගෙදරට පැමිණි භූත දෝෂ ඉවත් කිරීමට ගොස් තරුණ කාන්තාවන්ට කළු කුමාරයා කොහොම ඇතුළු කළාදැයි තරුණයෝ පහරදෙමින් විමසන්නට වූහ. තරුණ යකදුරා නැවත ති‍්‍රරෝද රථයකින් තංගල්ලට පිටත්කර යැවීම සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැංචිට මොකෝ අද මොන සිත්තර පටියද බලන්න යන්න හදන්නේ ...අර මාමත් එනවද?(නදී)
සමදරා, මොකක්ද අනේ මේ ඔයාගේ අඳෝනාව ,,!!!! ගොඩක් දුක් විඳලා මේ මිනිස්සු ඩොලර් හොයන්නේ. ඔයා කන්නේ කොහොමද කියලා ඔයාගේ මහත්තයගෙන් අහන්න. ඔයා කියන්නේ ඔයාගේ ලිප අපිට මොලවන්න කියලද , ආ,,,!! ඔයා නම් සිල් ගත්තට පුදුම ඉරිසියාවන්ත කෙනෙක් අනේ .., මෙහෙමත් අඩෝ වැඩියාවක්. (ස)
කට්ටඩියෝ හොඳටම දන්නවාලු කාන්තාවන්ව පහසුවෙන් රවටාගෙන හොඳටම ගරාගෙන වෙනත් අවශ්‍ය දේවලුත් කරගන්න පුළුවන් කියලා.තව සමහරක් චීවරධාරියොත් හොර කට්ටඩියෝ වගේ.අපේ බොහෝ කාන්තාවන්ට ඉතින් නොපෙනන දේවල්නේ වැඩිය රස මේ පෙනෙන දේට වඩා.හැමදාම පෙනෙන කුකුළාගේ කරමලය සුදුවටලු පෙනෙන්නේ.මොකද කියන්නේ කුමාරිහාමි ? (නි)
අනවශ්‍ය විදිහට සමහරක් ගැහැණු මිත්‍යා විශ්වාස වලට නිකරුනේ ගොදුරු වෙලා අන්තිමේ ලාබාල කොලු ගැටවුන්ටත් නිරපරාදයේ ගොදුරු වෙනවා. පව්. මේ වගේ ගැහැණු ඉන්න පවුල් වලටවත් හොදක් වෙන්නේ නැහැ. යමක් විචාර පූර්වකව දකින්න ලොකු උගත්කමක් වුවමනා නැහැ. නමුත් දැන් කාලේ ඉන්න අයට ඒකවත් හරියට වැටහෙන්නේ නැහැ. සමාවෙන්න මෙහෙම කිව්වට මමත් ගැහැණියක්. නමුත් මම දන්නවා මාව ආරක්ෂා කරගන්න. හැම ගැහැණියක්ම තමන්ගේ ආරක්ෂකයෙකු විය යුතුමයි. (නි)
අජිත් .., අයියෝ , මොකද මේ අපේ දිසාට උණු වතුර සාත්තුවක් දෙන්න කියන්නේ (දිසා ඇල් වතුරත් නිවලයි බොන්නේ ) අද දිසා කොහේ ගිහිල්ලද මන්දා ...? සරත් , හේරත් කෝ අනේ ඔයාලා ...? (ස)
සමදරා නෝනට මොනවාහරි විපර්යාසයක් සිදුවෙමින් පවතිනවද? (නි)
අපි කොහොම කිවුවත් ඔය මිනිස්සුන්ගේ මෝඩ රැවටීම් අඩු වෙන්නේ නැහැ. (නි)
රුපවති අක්කේ අපේ සමදරා ඇන්ටිගේ කලූ කුමාරයා වත්ද ඔය හදිය කරේ...?මොකද 365 දවසේම එය ආරුඩ වෙලානේ ඉන්නේ.(නදී)
චන්දි අක්කේ, ඒකට කමක් නැහැ.මේ මං (නි)
චන්දි අක්කාට නින්ද ගිහින් පාන්දරලු ආවේ තොවිලේ බලලා.අද සරත් අයියටත් දවල් කෑම කඩෙන් තමා රූපවති අක්කේ. (නි)
ඔන්න චන්දි නැන්දා නැවත පටන්ගත්තා උපාසක නරිහාමි වගේ උපකාරක පන්තිය.. (නි)
මේකේ ඔය ඕපාදූප අදහස් දාන සියළු නෝනා මහත්තුරුන්ට මම මේ කියන්නේ, නරකද අර "මුල්‍ය සමාගම් හා අසරණ තැන්පතුකරුවෝ" කියන ලිපිය බලලා වැදගත් දෙයක් ඉගෙනගත්තා නම් (නි)
ඇත්තටම මේවා මානසික රෝග.තමන් අදහන ආගම හොඳින් අදහගෙන යහපත් ලෙස ජීවත් වෙනවා නම් ඔය එක කුමාරයෙකුවත් පස්සෙන් එන්නෑ.99% ම අද කාලෙ කරන්නෙ බොරුව.ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනවා. (ස)
හිත සනසන් හිනහෙන්නයි මං අදහස් ලියන්නේ... මගේ යහළුවන් මං ගැනමයි විමසන්නේ ..... (නි)
ඉන්දු,නිලූ,රූපෝ, මේ අහගන්න... ඉදහිට දිනක් බැරි වුණොතින් මට එන්න... හයියෙන් තියා ''හූ ''වක් මා අමතන්න... විගසින් එනවා ඇහුණම ''හූ''හඩ ඔන්න ... (නි)
මධුක හෝ දන්නා කෙනෙක් ඌරගස්මන්හන්දිය කොහෙද කියලා කියන්න පුලුවන්ද? අපෙත් ඉන්නවා ඒ වගේ රෝගියෙක්. ඔහුව එතනටවත් අරගෙන ගියොත් හොදයි කියලා මට මධුකගේ සටහන බැලුවහම හිතුනා. අපේ රටේ දක්ෂ අය ගොඩක් හිටියා. හොරු නිසා දැන් සත්‍යය යටපත් වෙලා.මට යන පාර කියන්න. සැමට පින් (නි)
පෙත්තෝ, අත පොඩ්ඩක් වනන්න දිසාට පේන්න. එයා පාර දන්නේ නැතුව ඉන්නේ (නි)
නිකම් බොරු වැඩ. යකදුරෝ කියන්නේ අමු බොරුකාරයෝ. කිසිම පදනමක් තියෙනවද ඔය තොවිල් වගේ වැඩ වල? (ස)
සමදර ඇවිල්ල ඔයාපිරිමියෙක් උනොත් වැඩක් නැහැ මට හිතෙනවා එහෙමි කියල මම කතරගම යනකොට එන්නම් හරියට කියන්න ඉන්න තැන චන්දි ඔයා බය වෙන්න එපා මම අනික අරගෙන යන්නේ කෑලි 50 ටෝච් එක (අ)
රුප නංගි එනකම් අපි බලාගෙන ඉන්නවා (අ)
මධුක කොල්ලෝ, ඔයාට පින් පාර කියල දුන්නට. ඇත්තම කියන්නම් මම ඌරගහ පැත්ත ගැන දන්නේ නෑ. ඔයාල අම්ම වෙනුවෙන් යුතුකම් කරන දරුවෝ. මමත් ඔයාලට පින් දෙන්නම්. සතුටින් ඉන්න. බුදු සරණයි.(නදී)
ඒකම තමයි, චන්දී , දිසාට උණු වතුර සාත්තුවක් දුන්නා නම් හොඳයි කිව්වේ. මේකා හරිම ලෝකයා. සරතුයි, හේරතුයි දෙන්න අද දවල් බයිට් පැකට් එකක් තියාගෙන සුදුව භාගයක් හොයා හොයා හිටියේ. . කොහෙට හරි සෙට් වෙලා ඇති මගේ හිතේ. වැහි දවස්නේ. (ස)
ස්තුතියි පෙටි, දිසා .....චන්දි අක්කේ බටපොල ඉඳන් කුරුඳුගහ හැතක්මට ඇවිත් මහේදන්ඩ පාරේ එන්න පුළුවන් ...උරගස්මන්හන්දිය රෝහල අසල ...නම ජයන්ත .කටින් කට ප්‍රචාරය වූ තැනක් මිසක් ප්‍රසිද්දිය වෙනුවෙන් බොරු ප්‍රෝඩාවන් කරන්නේ නැ. මට ගොඩක් විශ්වාසයි දුකට පත් අය වෙනුවෙන් නිවැරදි තැනක් පෙන්නුවා කියල....හැමදේටම කැමති වගේම අකමැති මිනිසුන් ඉන්නවා කියල දන්නා නිසා විහිළුවකට ගන්නා කිසි කෙනෙකු ගැන මගේ තරහක් නැ ......... (නදී)
නැහැ නිලූ, චන්දි අක්කා තොවිල් බලනකොට එයත් ආවේෂ වෙලාලු. ලාල් අයියා තරුණ නැති, මනමාල, නැති කට්ටඩියෙක් හොයනවලු නූලක් බන්දවන්න. (නි)
මට වැරදුණා.. ලාල් අයියා නෙවෙයි සරත් අයියා තමයි කට්ටඩියාව හොයන්නේ. චන්දි අක්කා තරහ වෙයිද දන්නේ නෑ. (ත)
මධුක ,ඔයා රෝහල කිවේ ඇල්පිටිය රෝහල ගාවද ,කපු මහත්තයාගේ නම මොකක්ද ..? කරුණා කර ලියන්න, මටත් ඕන මගේ මෑණියන් ගෙනියන්න එයාටත් කොච්චර බෙහෙත් කරත් හොද නොවන හිසේ ඇම්මක් තියෙනවා මල්ලියෝ මට කියන්න බටපොල ඉදන් යන්නේ කොහොම ...? විහිලුවට ගත් දෙයක් නොවෙයි හොදේ (නදී)
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කිව්වා.....!!!! චන්දි අක්කේ ඔන්න ඔයානම් ඔය නපුරු වැඩ කරන්න එපා...!!!(නදී)
පොදු ජනතාව සිරිලංකාව ..මහත්තයෝ අපි ඒවටත් උත්තර දෙනවා. මේවටත් උත්තර ලියනවා .ඔබ තුමාගේ උපදෙස් හොඳයි ප්‍රශ්නේ තියෙන්නේ .මම තනියම රටට විරුද්ධව ලියන අයට උත්තර දෙන කොට නිදියගෙන හිටපු ඔය කියන මහත් තුරු එක පාරට පිස්සුවෙන් වගේ අවදි වෙලා මේ හැදුන ලෙඩේ මොකක්ද ඔබ තුමාලා බලන්න දිසානායක කියන්නේ කවුද කියලා පරණ නිව්ස් වල මම ලියපුවා. අද එසැනට ඔබ තුමා ලියන්න ගත්තේ (ස)
කුමාරිහාමි සමදරා අරයගේ පෞද්ගලික ලේකම් ...එතුමාගේ පෞද්ගලික වැඩ මෙයා තමා කරන්නේ (ස)
හේරත් ලු කට්ටඩිය. මිනිහ කියනවා චන්දී ආස්සරේ කොරන කාටත් ඔලුවේ අමාරු හැදෙනවලු. අන්න ඉන්දුගේත් රුපගේත් දිසගේත් සරත් ගේත් විතරක් නෙවේ සමදරාගේත් ඔලු රිදෙනවලු. මොකද කොරන්නේ...(නදී)
චන්දි අක්කේ ඔයා අර මධුක අයියා කියපු තැන ගැන සොයල බලල යන්න.සමහර වෙලාවට දෙයියෝ කිව්ව වගේ සනීප වෙනවා. ඔයාගේ ආදර අම්මට (මගේආදර නැන්දම්මට) ඉක්මනින්ම සනීප වෙන්න කියල මම පතනවා අපේ නඩේ හැම වෙනුවෙන් වෙනුවෙන්. බුදු සරණයි.(නදී)
මෙහෙම මළ කෝළම් බලන්න ලංකාවටම එන්න ඕනෑ. (නි)
ඔය බටපොල පැත්තේ කව්ද ඇස් පේන්නේ නැතුව නාඩි අල්ලලා බේත් කරන වෙද මහත්තයෙකුත් ඉන්නවලු නේද? (අ)
මධුක ගොඩක් ස්තුතියි හොදේ..!!! ඔයා ඉන්නේ ලංකාවේද ..මං ඉන්නේ නම් රට මල්ලියෝ මං හිතනවා ලංකාවට ගියාම කවද හරි මල්ලිටයි ,මටයි මුණ ගැහෙන්න පුළුවන් වෙයි කියා .., එහෙමෙ නේද ...?(නදී)
ඔය ඉස්සල්ල අදහස දැම්මේ [ ඉතාලි චමත් ] .මම ලියන්නේ ලංකාවේ චමත්. මෙයා ඉස්සර අදහස් ප්‍රකාශ කලේ චමත් ඉතාලිය කියලා .දැන් ඉතාලි කෑල්ල හැලිලා .මේ මම දැකපු දෙවෙනි දවස මේ වැඩේ කරපු .මම මෙයාට කලිනුත් කිව්වා කලින් වගේ ඉතාලි කැල්ලත් එකතු කරගන්න කියලා අදහස් ප්‍රකාශ කරන කොට . මෙයා කලින් සැරේ පිටිගල මිලානොව අපහසු තාවයට පත් කරන අදහසක් දැම්මා [ඉතාලි කෑල්ල නැතුව ] මෙතන අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාම දන්නවා මම කිසි දිනක කිසිම කෙනෙකුට අපහාස වන විදියේ අදහස් පල නොකරන බවත් ,ඔවුන්ව අපහසු තාවයට පත් නොකරන බවත් .මෙයින් සිදු වන්නේ මෙතන අදහස් පල කරන අය මා ගැන වැරදි අවබෝධයක් ඇති කර ගැනීමයි. එම නිසා ඉතාලි චමත් ගෙන් ලංකාවේ චමත් නැවතත් ඉල්ලා සිටින්නේ කරුණාකර ඉතාලි කෑල්ල නැවත භාවිතයට ගන්නා ලෙසයි. කතෘ තුමනි කරුණාකර මෙම සටහන කප්පාදුවකට ලක් නොකර පල කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. (ස)
ඔන්න මම පොලිසියේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක් දැම්ම.අතේ සුදු මේස් කකුලකුත් දාල.එයාඉන්නවා පේනවද? (අ)
මේ පැංචි, මගේ අම්මට ඉක්මන් සුවය පැතුවට , ගොඩක් ස්තුතියි ..!! හැබැයි රජෝ ..? අපේ අම්මට නැන්දම්මා කීවට නම් පලක් නැතිවෙයි .. මොකද මගේ නංගිලා තුන්දෙනාම දිග ගිහින් දරු සුරතලුත් බලනවා , පැන්චෝ ඔයාටත් එසැනට ලියන සැමටත් බුදු සරණයි .. දෙවි පිහිටයි...!!!(නදී)
පෙරේරා,ඔයා අර කතාවේ ඉතුරුටික කිවුවේ නැත්නම් මම ඔයාට අන්දරේ අතුරේ ගිය හැටි කියලා දෙන්නෙ නැහැ (නි)
තාම නැද්ද? මට ඇහුනා රාළහාමි විසිල් ගහනවා. (නි)
කාට මොනවත් කමක් නැහැ ..මට මොනවා කියල බැන්නත් කමක් නැහැ ..ඔන්න ..යක්කු ..යක්කු කිය කියා ..අපේ නෑදෑයින්ට හෙම බැනල තිබ්බොත් ... එක්කන් යනවා ඔන්න ..නෑදෑයෝ පෙන්නන්න ..?(දිල්)
දිසා අයියේ, උඳුවප් පෝයදා එන්න එපා, මම සිල්. අයියට අක්කා කෙනෙක් ඉන්නවා නම් එයත් එක්කාගෙන එන්න.දරුවෝ ගෙනෙන්න එපා, කරදරයි. බස් නැවතුම ළග ත්‍රිවිල් නැවතුමෙන් මම ගැන අහන්න එපා. මාමාගේ පුතෙක් ඉන්නවා මහා කැත කටක් තිබෙන (නි)
පද්මේ, හොද කතාවක් (නි)
එහෙම නේන්නම් චන්දි අක්කේ,අනිවාර්යෙන් අපි මුණගැහෙමු.වැඩි දුරක නෙමෙයිනේ.එහෙත්චන්දි අක්කේ,මේ අවුරුද්දේ බැරි වුණත් ලබන අවුරුද්දේවත් මුණ ගැහෙමු .මොකද මම ඉන්නේ එංගලන්තයේ නිසා.මුහුණු පොතේ නැද්ද ඔයාලා ?? (නි)
චමත් [ලංකාව], ඔය කලබල වෙන්න එපා.ඔයාගේ නම අගට ගමේ නම දාන්න.නම නෙමෙයි වැදගත් ප්‍රකාශ කරන අදහසයි. (ස)
පිස්සුද ඉන්දු නූලක් බන්දල වැඩක් නෑ ලු. දම්වැලුත් දාල බැරිලු...මද කිපුණු අලි වගේ?.(නදී)
මම දෙසැම්බර් ලංකාවට එනවා (ස)
අනේ නැහැ නිලූ නංගි.., මන් හීනෙකින්වත් කාටවත් ,නපුරු කම් කරලත් නැහැ , කරන්නෙත් නැහැ .., මට කව්රු හරි නපුරුකමක් කරොත් මතක් වෙන්න වෙන්න අඩනවා (ස)
(අපේ අම්මට නැන්දම්මා කීවට නම් පලක් නැතිවෙයි .. මොකද මගේ නංගිලා තුන්දෙනාම දිග ගිහින් දරු සුරතලුත් බලනවා)...මගේ හිතේ කතාකම් නෑ නැන්දම්මා කියන්න නංගිලා බඳින්නම ඕනේ නෑ..(ස)
හානේ! මේ සමදරා අක්කාගේ වැඩ..? දිසාගේ නෝනාට අහුවුණා කියලා දැන් හදන්නේ ළමයි තියලා සිල් නැති දවසට එන්නලු. (නි)
අනේ කව්රුවත් නැද්ද ..? ඔය ඌරගස්මන් පාර කොහේ තිබුනත් කමක් නැහැ මේ දිසාව අරන්යන්නකෝ ..කව්රු හරි පුලුවන්නම් ...කකුලට දන්වැල් කෑල්ලක් දමල ..ගේට්ටුව ලොක් කරලා දාන්න ..යන්න දෙන්න එපා ...?(දිල්)
නිලූ ආන්න සරත් අයියා බදාගෙන කෑම කඩයක් ඇරලා කට්ටිය හොයනවාලු...(නදී)
නොදකින් නොදන්නා කමට පාරක් ඇහුවහම මුන් මව විහිළුවට ගත්ත .........(දිල්)
සමදරා අක්කේ...පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වා..පෝය දවසක මුණ ගස්සනන් කියලා..(නදී)
මදුකට පින් ..........චන්දිටත් පින් ...................රුපට නො පින් (අ)
උදේ පාන්දර පටන් ගත්තා ..මගේ නම කියලා හූ කියන්න ..කොහෙද අපි වගේ ..ඇහැට කනට පෙනෙන කෙල්ලක් කොහේ හරි හිටියොත් පනිනවා කළු කුමාරයා ...දැන්නම් ලංකාවේ ඉන්න හැම පිරිමියටම කළු කුමාරි දිෂ්ටිය වැහිලා....? හැමදාම අපි කියවනවා පත්තරෙන් කොහෙ හරි මොකක් හරි කරගෙන ....? (ස)
චන්දි අක්කේ ඔයා කොහේදෝ? මෙන්න ඔයාට මඩ ගහනවා. ඔයා තරහ වෙලාද? අනේ තරහ වෙන්න එපා. .(නදී)
සතුටුයි අක්කේ ඔබගේ පිළිතුරු දුටුවා.... ඔබ කිවු දේ නිසා මට පැනයක් නැගුණා... හූ හඬ අසා ගෙන එන්නේ යකුන් කියා... ඇසුවත් දනිමි ඔබ නම් යකු නොවේ කියා....!! කවි මල් පිපී සුදිලෙන මේ මල් යායේ... බඹරුන් සමනලුන් රොද බැඳගෙන ආයේ... චන්දී නැමති සෙව්වන්දිය දැකලානේ... හිත රිදවා නොගෙන හිනැහෙන් සොයුරියනේ..!! (නි)
කව්ද හොයන්නේ දිසා ..?ගෑනු පරාණ එහෙම ඔය තරුණ කට්ටඩියෝ ළගට එක්කන් යනවා නෙමෙයි ඔන්න ...?(දිල්)
කුරුණෑගල මළ යක්ෂණියක් සහ යක්ෂයෙකුට දාව ඉපදුන යක්ෂ දුවක් ගැන කතාව අහන්න කැමති නම් අත උස්සන්න. මෙය සත්‍ය කතාවක් (නි)
සතුටුයි අක්කේ ඔබගේ පිළිතුරු දුටුවා.... ඔබ කිව් දේ නිසා මට පැනයක් නැගුණා... හූ හඬ අසා ගෙන එන්නේ යකුන් කියා... ඇසුවත් දනිමි ඔබ නම් යකු නොවේ කියා....!! කවි මල් පිපී සුදිළෙන මේ මල් යායේ... බඹරුන් සමනළුන් රොද බැඳගෙන ආයේ... චන්දී නැමති සෙව්වන්දිය දැකලානේ... හිත රිදවා නොගෙන හිනැහෙන් සොයුරියනේ..!!(දිල්)
ඕක ඇත්තම කතාවක්ද? (දිල්)
විශේෂයෙන් යකැදුරාලගෙන් පස්සෙන් ගැහැණු යනවා වැඩියි. ඔවුන්ගේ වැඩි විශ්වාසයක් තිබෙනවා යක්කුන්ගෙන් භූතයන්ගෙන් ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන් කියලා.ජනමාධ්‍යයෙන් නිතරම දකිනවා තරුණ ගැහැණු ළමයි ශාන්තිකර්ම මුලාවෙන් අපයෝජනයට පත්වෙනවා කියලා.හොර යකැදුරාලගෙන් ප්‍රවේශම් විය යුතු කාලය එළඹී ඇත. (නි)
මට මතකයි රන්බණ්ඩා ..ඒ දවස් වල හැමදාම ..හැන්දෑ වෙනකොට එනවා, අපේ ගෙදර ඇවිත් පිල් කොටේ වාඩිවෙලා ඉන්නවා. බැරිම තැන අපේ අම්මා ..ඉල පත අරන් එලව ගත්තා ..එදත් එදාමයි අදයි ඔන්න රන්බණ්ඩාව හමු උනේ එසැනින් ...? (ස)
මම හිතන්නේ ලංකාදීපයේ දෙයියෝ සාක්කි කියවන සමහර අයටත් මේ කළු කොට කුමාර දිෂ්ටිය තියෙනවා (නි)
මෙන්න අලුත්ම ආරංචිය. දිසාගේ පවුලට අවුල අහු වෙලා. උණුවතුර සංග්‍රහය ලබලා. හොඳ වෙලාවට ඇල්වතුර තමයි බේසමේ තිබිල තියෙන්නේ. කොහොම උනත් ලංකාවට යන ගමන කැන්සල් ලු.(නදී)
දිසා අයියා කතරගම යනකොට මාව හම්බවෙන්න. මම තංගල්ලට ඇවිත් ඉන්නම්. කොළොඹ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නම්. බස් ස්ටෑන්ඩ් එකේ කොළ බ්ලව්ස් එකෙයි රතු දිග සායයි ඇඳන් එන්නම්, ඔයාට මාව එක්වරම අඳුර ගත්තැකි. දිනය දැන්ම දන්වන්න පුලුවන්ද? මට 50ක් වෙනවා. කැනඩාවෙන් චෝකලට් ගෙන්න හොඳේ.(නදී)
පෙත්තෝ, මේස් දාපු ට්‍රැෆික් කෙනෙක් නම් දැක්කේ නැහැ.මුහුනේ ප්ලාස්ටර් දාපු කෙනෙක් නම් දිසා අයියා ළගින් ගියාලු (නි)
මගේ කතාව, දවසක් එක හාදයෙක් බාර් එකකදී සූර් වෙලා කොලයක් බලන් නම් වැලක් කියාගෙන යනවලු ගමේ ගොඩේ ඉන්න ගැන්සියේ තමන් බය නැති අයගේ නම්. සිරිපාල, සරත්, දිසානායක, හේරත්, තිලක්... කවුදෝ කරුමෙට නම කියවෙන ගොයියකුත් අසල මේසයක් ලග වාඩිවී ඉදලා වලියක් අදින්න "අඩෝ මගේ නමත් කිව්වානේ නේද ඩෝ" කියනවත් සමග, හරි හරි උඹේ නම මං ලිස්ට් එකෙන් කපනවා ඕං.. කියලා ඒ නම අයින් කරලා අයෙත් මුල ඉදන් නම් ටික කියන්න අරන්... (ස)
ඔන්න අද පෝය දවසේ බොරුනම් කියන්න එපා දිසා මාමේ.... ඉතින් කියන්නකෝ ඔය කතාව (දිල්)
චමත්[ලංකාව ], මල්ලි ..පද්මේ කීව වගේ ඔයාගේ නමට ගමේ කෑල්ලක් එක්කර ගන්න ...? කෙලින් කතා කරන්න බැරි මිනිසුන් ඕන දෙයක් කීවාවේ, ඔයාගේ නම නෙවී වැදගත් මෙහි ඔබ යොමු කරන අදහසයි වැදගත් ....? අපි හැමදාම ඔයාගේ අදහස් කියවනවා..? (ස)
අපේ ඉන්දුයි ,චන්දියි ,නිලුයි .නම් ඔන්න දිසාට අත උස්සන්න එපා ...?දැලි පිහියක් අතේ තියනවා කියල බය කරන්න ...? ඒතකොට ආයේ පස්සෙන් එන්නේ නැහැ...? (දිල්)
ඔය රූපවතී දුම්මල ගැහුවත් මෙතනින් යන්නේ නැහැ. (නි)
දිසා, ඔයා අහලා නැද්ද නොදැන ගියොත් අතරමග කියලා? (නි)
ඉන්දුටත් පින්..... පාර හොයාගන්න උදව් කළාට.... නේද දිසා මාමේ.(නදී)
මයේ දිසා අයියේ කනේ මවිල් තියෙන අයට මම ආසයි(නදී)
සමදරා අක්කේ, මහත්වරු නෝනලා වරු වගේ අයියලා මල්ලිලා වගේ අක්කලා නංගිලා වගේ එක එක වචන ඇදගෙන කොටා ගන්නේ නැතුව පිරිසිදු සිතෙන් ලියමු. (නි)
හරි ,හරි පැන්චියෝ,අපේ අම්මාට විතරක් නොවේ, මටත් නැන්දම්මේ කියන්නකෝ. ඔයා අපේ නරි බෑනානේ (නි)
රුපා අක්කේ, හු කියන්නේ නරිනේ . මෙහෙ නම් එහෙම අය නෑ. (ස)
ඇත්තටම දිසෝ, ඔයා ලංකාවේ කොහෙද? (නි)
විහිළු නෙමෙයි අනේ, දන්නා කෙනෙක් දිසාට පාර කියන්නකෝ. පව් අනේ දිසා දුකින් ඉන්නේ ...!! (නි)
අපේ නැන්දා කෙනෙක් නිවසේ දෝෂයක් කියලා කොහෙන්ද පොල්ගෙඩි 4ක් ගෙනාවා ජීවම් කරපුවා.ඒ වෙද මහතා හතර මුල්ලේ එල්ලන්න කියලා.දවසක් මම ඔව්න් බැලීමට ඒ නිවසට ගොස් මිදුලේ කතා කරමින් නැන්දම්මේ,ඇයි මේ පොල් පැල වෙලා හතර මුල්ලේ කියා ඇසුවා. අනේ දුවේ අපිට හරිම අපල කාලයක් වෙලා තිබුනා, පසුගිය කාලේ. කරන කියන දේවත්, හොයන දෙයක්වත් ඉතුරු නැහැ.මේ ආරක්ෂාවට පස්සේ හරීම හොදයි කිවුවා.ඒ වුණාට නැන්දම්මේ මේ පොල්ගස් මහා විශාලෙට ලොකු වුණහම මේ ගේ ඔයාලට කඩන්න වෙනවනේ,මේක ගලවලා දේවාලෙකට පුජා කරන්න කියලා මම කිවුවා. ඇය එසේ කළා. නමුත් ඒක ගැළවූ නිසා නැවතත් එම නිවසට අසුබ කාලයක් පැමිණ යැයි ඇය පවසන්නේ දුකින්.වයසක මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න හරිම අමාරුයි (නි)
නැහැ නැහැ පෙටි..!!! නරි බෑනාගේ ආරක්ෂාවට ..(නදී)
හැබැයි ඕවායේ ඇත්තකුත් තිබෙනවා. නියම යකැදුරෙක් හොයාගන්න හරි අමාරුයි. රූපවතිගේ අයියා කෙනෙක් යකැදුරු වැඩ කරනවා කියලා කියලා තිබුණා (නි)
කුමාරිහාමි" මම ප්‍රාදේශීය සභාවේ සිංහල යතුරු ලේඛිකා. කොයි ප්‍රාදේශීය සභාවේද කියලා කියන්නේ දිසා අයියට, පෙත්තපුට හරි පැංචිට විතාරයි. ඒකත් පාට් ටයිම්. අතට හම්බවෙන්නේ 8000 විතර. මට ඕගොල්ලෝ සල්ලි එවන්න ඕන නැහැ. (ස)
අනේ මන්දා ..සමදරා උපාසක සක සක. නරකද කනේ මාවිල් තියෙන සිව්පාවෙක් හොයා ගත්තනම්. (නදී)
පාරක් අහල දෙපාරක් ඇණ ගන්නවා තමයි සමහර උදවිය... (ස)
දිසෝ අම්බලන්ගොඩ, ස්ටෑන්ඩ් එකට ගිහින් වතුගෙදර හරහා ඇල්පිටිය බස් එකේ තමයි යන්නේ .., ඒ ගිහින් මගින් බහින්න ඕනේ ., හැබැයි මං නම් ඔය තැන දන්නේ නැහැ ..!! අනේ මධුක මල්ලි., දිසාට පාර කියා දෙන්න එයා (සැමට පින් කියලත් ලියලා ) (ස)
නරි බෑනාගේ ආරක්ෂාවට. අනේ චන්දී නගෝ උඹත් චන්ඩියෙක් වෙලා එහෙනම්. අම්මල නංගිලා ඔක්කොම උණුවතුර උණු කොරන්ඩ ඉබ්බෝ දාගෙන බලන් ඉන්නේ ආරක්ෂාවට. මම ජල සිසිල මන්තරේ මතුරලා එල්ල ගෙන එන්නේ..ඔය ඉලෙක්ට්‍රික් ලිපේ වතුර තිව්වට සමදර ඔයාලගේ ලයිට් කපලා කරන්ට් නෑ අනේ ලිප්වල අපරාදේ පරිප්පුව(නදී)
සමදරා බලාගෙන, කළු කුමාරගේ තාත්තා ඔයාට දිෂ්ටිය දාලාලු.. (නි)
ඇත්තටම ? (ස)
රූපවති නංගියේ, මම තමයි කලු කුමාරයා. ඒ වුණාට මම සුදුයි. මම ඔයා තනි පංගලමේ එන ගොම්මන් වෙලාවක් බල බලා හිටියේ. ඔයාට වැහෙන්න (නි)
විටකදි හදි කරනවා ගුරුකම් කරනා ඇදුරෝ... පොඩිවුන් කෙළසති සමහර පාසැල් ඇදුරෝ... රට කරනා, රකින අය සමහර විට නපුරෝ... තනතුර කොහොම මුත්, මුන් සැමගේ සතුරෝ...!! (ස)
ආන්න රාලහාමි වනනවා සුදු අත....දැන්වත් ලයිසන් දෙන්න. (ස)
කියාපු තාලෙට මම හිතුවේ අයියා පළාතම දන්නවා කියලයි. (නි)
පෙත්තෝ කළු කුමාරයා නම් කැමතියි, එයාගේ තාත්තා එපා (නි)
:සමදරා නෝනගේ ගෙදර කෝ කියලා. ගෙනල්ලම බස්සාවී. සල්ලි රු 200 ක් දෙන්න. දෙසැම්බර් මුල එන්න ශෝක් පිනි ජම්බු වෙරළු තියෙනවා"(දිල්)
අනේ අපොයි..! මං ආවේ නැති ටිකට මාව නැතිකරලානේ? ඉන්දු මෙන්න මං ආවා (නි)
සරත් මල්ලි ඔයා වගේම ලස්සන පැටව් ටිකක් තමයි දරකාරයෙක් රු,3000 කට මගේ සහෝදරියකට විකුණලා තිබුනේ ...ඒ උනාට එයාලත් ..හූ කීවා මහා රෑ..ඔය විදියටම...?මම ඇහැරුනෙත් අද උදේ ඔයාලගේ ඒ සද්දෙට ...? (ස)
යකා වැහුණු තරුණියකට වුනත් ආතුරයෙක් ලෙස සුදු රෙද්දක් අන්දලා සුදු රෙද්දකින් මොට්ටක්කිලියක් පෙරෙව්වම හරි පින් පාටයි සිරියාවන්තයි. ඒත් ඇතුලේ ඉන්නේ යකා. බොහෝ දේවල් එහෙම තමයි. පිට ලස්සන ඇතුලේ නෑ. (ස)
සමදරා , අපේ රුප අක්කත් ආවනේ , ඔයත් ඉන්න.. ඔයාට මොනවා හරි උදව්වක් තියේනම් කියන්න අපි උදව් කරන්නම් ., පොර කිකිළියක් වගේ පොරකන්න එපා .., අපි මේ ගැහැණු, පිරිමි හැමෝම වෙනසක් නැතුව විනෝදෙන් ඉන්නේ . ඔයත් ඇවිත් විනෝද වෙන්න (ඔන්න මන් ආයෙත් කියන්නේ නැහැ ඕන් කිව්වා ) (දිල්)
පෙත්තෝ, මට පෙන්නේ අපේ සහෝදරියන්ට "කළු කුමාරයා" වැහිලද කොහෙද? ඒකයි මේ ඔල්මාදේ හැදිලා දඟලන්නේ. අනේ කවුරු හරි ගිහින් අර තරුණ කට්ටඩියාව හොයාගෙන එන්න. නැත්නම් මේගොල්ලෝ හතර අතේ දුවන්න ගනී. පෙට්, අපරාදේ දිසාට මොකද ඇල්වතුර ගැහුවේ? ගහන්න තිබුනේ උණු වතුරනේ? (නි)
රූපා අක්කේ, අපේ හේරත් කෝ..,? අර තරුණ හොර කට්ටඩියා අපේ හේරාවද්ද ..? (නි)
දිසා මාමේ,ඔයා ඔය චන්දි නංගි කියපු පාරේ නම් යන්න එපා.ටිකක් දුර ඒ පාරේ ගිහින් වමට හැරිලා, නැවත දකුණට හැරිලා,මීටර් 20 ක් විතර පිටුපසට එන්න.හැබැයි ඔයා පයින්ම යන්න වෙනවා (නි)
චන්දි (නගෝ) නැන්දේ, නරි බෑනෝ මේ අහන්න .. දෑවැද්දත් අරන් ඔන්න .. අපි ආවා දොර අරින්න... ගෙට එන්නට වරම් දෙන්න... (නි)
මයේ පෙට්, පෝයට සිල් ගත්තත් අපිත් පෘතග්ජනයෝ. නලින්ද සිල්වා මහතා පෙන්වා දෙන විදියට නූතන බමුණු කුලයට ඇතුල් වීමට අපි ඔක්කම ආසයි. දිසා අයියගෙන් ඒ සරණ ලැබුනොත් මම බාර ගන්නවා. පෙත්ත පැටියා, පැන්චි මාව බාර ගන්නවා නම්, ඒත් මම හා කියනවා. ලංකාවේ හැම නොබැදපු ගැනියෙක්ගෙම තත්ත්වේ ඕකයි. අපිට ඕගොල්ලන්ට වගේ ඩොලර් නැහැ. බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ. අපි කන හැටි ලිප දනී (ස)
මට 50ක් වෙනවා. අම්මපා පිස්සු බ්‍රෝකර් ගාස්තු ගැනත් ලියවෙලා. දෙයියෝ බලාපන්. සාක්කිත් දීපන්..මට බැරියෝ...මම යනවෝ.. (ස)
දවසක් සාත්තරකාරයෙක් කෙනෙකුට කියලා "ඔබ අහවල් දින අහවල් වෙලාවට නයෙක් දෂ්ට කර මිය යනවා" කියලා. මේක බොරු කරන්න හිතාගෙන ඒ දිනය වෙලාව වෙනකොට ගොඩ බිම හිටියොත්නේ නයි දෂ්ට කරන්නේ කියලා, නැවක නැගී කල් තියා මුහුදට ගිහින්, කම්මැලිකමටත් එක්ක චිත්‍ර ඇද ඇද ඉදලා , නැව් තට්ටුවේ උඩට මතුවී තලා දාපු ඇණයක් දැකලා සාස්තරකාරයට සමච්චල් කරන්න වාගේ මළකඩ ඇණය එළියට දාපු නයි දිවට තියලා නයෙක් ඇදලා ලි නැව් තට්ටුවේ, ඒකත් එක්ක තම අත්ල නයි පෙනේ වගේ හදාගෙන කොලොප්පමට වගේ ෂූ.. ෂූ.. කියමින් ඉන්නකොට හරියට අර වෙලාවටම වගේ නැව පැද්දී මළකඩ ඇණයේ ඇගිල්ලක වැදිලා තුවාල වෙලා පිටගැස්ම හැදිලා අමාරුවෙලා ගොඩ බිමට එන්න පෙරම ඔහු මැරිලා.. (නි)
නොදැන ගියොත් අතරමග කියලා අහලා නැද්ද දිසා අයියේ? (නි)
මෙය දිෂ්ටියක් නොව එම පරිසරය තුලදී මෝහනයට පත් වීමකි. කරුණාකර ගැහැණු අය මෙවැනි දේවල් වලදී ප්‍රවේශම් කර ගන්න. (නි)
දෙවියනේ, චන්දි කෙල්ලගේ සද්දයක්වත් නැහැ.ඊයේ රෑ ගෙවල් තුන හතරකම ගැහැණු ළමයින්ට නුල් බැන්දලු. (නි)
මධුක, මල්ලි. මමත් ලබන අවුරුද්දෙ යන්නයි ඉන්නේ .. මං මුහුණු පොතේ නැහැ මල්ලි ස්කයිප් තියෙනවා ''ඒත් '' මල්ලි දෙන්න විදියක් නැහැ. (ස)
යක්කු වැහෙන්නේ යක්ෂණියන්ට විතරයි ...දැක්කනේ උදේ පාන්දර හු කියාගෙන ආව මල පෙරේත යක්ෂණී කවුද කියලා ...හු.හු.හු... (ස)
රූපා අක්කේ, ඒ කියන්නේ සහෝදරිය දරකාරයට අහුවෙලා. (ස)
නැහැ සරත් මල්ලි ..ඒ යෝධි..ලස්සනට හිටියා නිසා ..නරි පැටියාට..රැවටුනා ...?ඔයා හරිම කට්ටයි..දවසක් මිදිත් ඇඹුල් කීවලු ..? (ස)
පෙටි මාතර පැත්තේ එනවනම් කියන්න, නියම රා දෙන්න පුළුවන්. ගහෙන් බාපු ගමන් . (නදී)
පෙත්තෝ, ඔයා ලංකාවේද? (නි)
පෙත්ත පැටියෝ මම අදහස් කලේ ඔයත් මම වගේ ඉන්නේ ලංකාවේද කියන එකයි. (ස)
දිසා අයියේ, ඔයා අලි පාටිය ගැන දාල තිබුණු කොමෙන්ට් කියෙව්වා. හරි හොදයි. . (නදී)
ඔය කට්ටඩි මහත්තය අල්ලාගෙන ගුරුකමක් කරන්නකෝ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් මැච් දිනන්නයි, ජිනිව වල එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලංකාව දිනන්නයි. පින් සිද්ද වෙනවනේ. (නදී)
දිසානායක ..නින්දා කරන්න එපා ...?ආව කැපෙන වචන කියලා මට ...? ඔහොම කියද්දී මටත් මතක් වෙන්නෙම ඔයාගේ නෝනා හාමි ...ඒකිත් හරියට යකෙක් වගේ, දැලි පෙරාගෙන ...කුස්සියෙන් ලිප ගිනි මැලෙන් හදිසියකටවත් මිදුලට බැස්සම කන්වලින් පවා දුන් පිටවෙනවා ..365 දාම එකී ලිබ්බොක්කේ ...දැලි පෙරාගෙන ...යකෙක් වගේ ..? (ස)
සරත් මල්ලි ..චන්දි නංගි කොයි ..? ගේ දෙපැත්තෙන්ම දොරවල් වහලා ...? ඔය තොවිලේ බලන්නවත් ගියාද..? ඊයේ රෑ..? (ස)
ඉන්දු, ඇත්තටම චන්දි අක්කා කෝ අනේ? අද දවසෙම නැහැනේ.අක්කේ, ඔයා හොදින් නේද..?(නි)
ඕන්, දිසෝ මං අත්දෙකම ඉස්සුවා හොදේ .., ඉක්මනට කියන්නෝ (අ)
ජංජාලයයි, දොර තාම ඇරියේ නෑ. දෙපැත්තේම ඉබ්බෝ දාල. නෑනලා ගේ ආරක්ෂාවට වෙන්ටැති?(නදී)
සරත් අයියා කොහිල කොටුවේ ෂුවර්. හොයනවා නම් එහෙනම් කෑම ටික අඩුවක් නැතුව ලැබෙයි හතරවටෙන්. (නි)
දිසෝ ..!!උරගස්මන්හන්දියට ගියොත් අපේ ගෙදරත් ගිහින් එන්න හොදේ ,, ගොඩක් ලගයි අපිට ..!! (අ)
චන්දි නංගි කොයි? ලිප්බොක්කේ දොයි.(නදී)
කළුකුමාර දිෂ්ටිය වාගේ ඔය අනෙක් දේවලුත් මානසික රෝග. කට්ටඩි පස්සෙන් ගිහිල්ලා මුදලුත් නැතිකරගෙන අනවශ්‍ය කරදර දාගන්නේ අනුවණ ඇත්තෝ (නි)
සමදරා, ඔයා ප්‍රාදේශීය සභාවේ මොකද කරන්නේ? පාර අතු ගානවද? කුණු අදිනවද? කුණු ට්‍රැක්ටරේ පදවනවද? සභාපතිගේ වාහනේ පදවනවද? බර යන්ත්‍ර ක්‍රියාකරුද ? කාකාසද? ප්ලෑන් අනුමත කරනවද? ලිපිකාරිද? ගණකාධිකාරිද? ලේකම්ද ? කොමසාරිස්ද? (ස)
දෙපැත්තෙන්ම දොරවල් වහලා.....හැබෑටම ඉබ්බොත් දාලද? පද හදන්න එපා චන්දිට.(නදී)
හැබෑටම බැරිද පොඩි ගුරු කමක් හේරත් මාමේ. මන් කියාවි ගාස්තුව ඉස්සරවෙලා ගෙවල මැච් එකට එයාව එක්ක යන්න. ජිනිව වල මහා ලේකම් හම්බ වෙන්නයි ඕනේ. හැබැයි උපන් ඇඳුමෙන්ලු කට්ටඩි වැඩේ කොරන්න ඕනේ. ඉස්සර වෙලා මට මගේ කොමිස් එක ඕනේ.සියට.40.. (නදී)
රූප අක්කේ මම දිසා මාමට කිව්වා පෝය දවසේ බොරු කියන්න එපා කියලා. ඔය දැලි පිහි කතාව දැකලාද කොහෙද දැන් පස්සෙන් එන්නේ ගොඩක් ඈතින් (අ)
රංජි, වැඩිය කටමැත කියවන්න එපා වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටින්න බැරි වෙන්න කරනවා ගුරුකමක් දන්නවද...? (අ)
කළු කුමාරයත් නරකම නැහැ නේද රූපා අක්කේ? (නි)
රුප අක්කේ , තාමත් මිදී ඇඹුල් කියනවද?. මිදී කන අයත් ඉන්නවා අනෙක් අයට නොදී. (නදී)
අනේ පව්..උණුවතුර උනුකරාට කමක් නෑ හලනවා හෙම නෙවි..(අ)
එසැණට ලියා අප හද සිත් සනසන්නේ... නොලියපු නිසා අද පාලුවෙන්මයි ගෙවෙන්නේ... ඔබ එන තුරා මග දෙපසනේ බලන්නේ... චන්දි සොයුරියේ ඇයි අද ඔබ නොලියන්නේ.... (නි)
රුප භය වුණා බොලේ කතාව කියයි කියල අහන්න දෙයක් නැහැ දැන් හැමෝම දන්නවා (අ)
මම නම් ආරක්ෂාවට මතුරලා සුරයක් බැඳ ගෙන ආවා ..ඉබ්බෝ දාන්න වෙලාවක් නෑ...අනික මම කැම්පස් එක ලඟින් තමා තාම යන්නේ... (ස)
කළුකුමාර දිස්ටිය හෝ මෝහිනී දිස්ටිය හැදෙන්නේ තරුණ වයසේ අයටයි. මේ සිතිවිලි බලෙන් යටපත් කිරීමෙන් සැදේ. සිතිවිලි සමාධි ගතකර ගැනීමෙන් මෙය වලක්වා ගත හැක. (නදී)
"පෙත්තෝ, ඔයා ලංකාවේද?" මොකද මම ලියන සිංහල නරකද අක්කේ? (නි)
මම අහනේ උරගස්මන් හන්දිය කොහෙද තියෙන්නේ යන පාර කියන්න ප්‍රදාන නගරයක සිට (අ)
දැනට අවුරුදු ගණනකට උඩදී රූපවතීටත් කළු කුමාර දිෂ්ටිය වැහුණා. ගෙවල් පැත්තේ නට නටා හිටියේ. පිරිමියෙක්ව පෙන්නන්න බැහැ, ඇඟට පනිනවා! (නි)
අයියෝ රූපා අක්කේ , චන්දිට ඊයේයි අදයි හෙටයි ලොකු තොවිලයක්ලුනේ ගෙවල් පැත්තේ. නැවත එයා එන්නේ සෙනසුරාදා මගේ හිතේ. (නි)
මමද, මම ප්‍රාදේශීය සභාවේ සරමදා ගත්ත නෝනා. කිව්වා තේරුනේ නැතිද කුමාරිහාමියේ.... (ස)
දුකද ඉතින් රන්ජනීට? (නි)
නැහැ නැහැ පෙටි..!!! නරි බෑනාගේ ආරක්ෂාවට .., (උණුවතුරෙන්).(නදී)
මයේ දිසා අයියේ. අපේ දිහා එන්න. මාතරට ඇවිල්ල රු35 ටිකට් එකක් ගන්න කැකනාදුරට. හන්දියේ බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන 3 වීල් පාක් එකෙන් අහන්න එපා. ආයුර්වේද කඩේ ගාව තියෙන 3 වීල් පාක් එකෙන් අහන්න. අර ප්‍රාදේශීය සභාවේ වැඩ කරන සමදරා නෝනගේ ගෙදර කෝ කියලා. ගෙනල්ලම බස්සාවී. සල්ලි රු 200 ක් දෙන්න. දෙසැම්බර් මුල එන්න ශෝක් පිනි ජම්බු වෙරළු තියෙනවා.(නදී)
මේ පොඩි කොල්ලෙක්නේ කට්ටඩි වැඩේ කරලා තියෙන්නේ? කොහොම නමුත් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හිතට සැනසීමක් කුමන හෝ ක්‍රමයකින්.ඒ සඳහා පළපුරුදු විශ්වාසවන්ත කට්ටඩි මහතුන් ඕනෑ.අත්‍දැකීමක් නිසා කියන්නේ ,මගේ අම්මාව සුවකර ගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් උපරිම වෙහෙසක් දැරූ නමුත් ඉන් කිසිඳු පලක් නොවූ තැන අන්තිමට අපට තිබුණු එකම තුරුම්පුව වුණේ කට්ටඩි මහතෙකු ලවා තොවිලයක් කරගැනීම පමණි.කියන්න සතුටුයි අම්මාට ඉතා නිරෝගී සුවයක් ලැබුනේ ඉන් අනතුරුවයි.නැත්තම් අදටත් අපට අම්ම කෙනෙක් නැහැ.ඒ නිසා අපි නොයෙක් වර ඌරගස්මන්හන්දිය දේවාලයේ කපු මහතා සිහිකරනුයේ ඉතාමත් භක්තියෙන්. පිළිගන්නා නොපිළිගන්නා එක ඒ ඒ මිනිසුන්ගේ හැටියටයි.මට නම් ඒ ගැන වරදක් කියන්න බැහැ.දුෂිත වැඩ කරන අය නිසා හොඳ වැඩ කරන අයගෙත් නම් කැත වෙලා තියෙන්නේ මේ නිසයි... (නි)
කාන්තියේ...සාදු..සාදු..සාදු...සිතිවිලි සමාධි ගතකරමු. මෝහිනී කළුකුමාර පන්නමු... (නදී)
දෙයියෝ සාක්කි...ඔක්කොම පිරිමි නෙවෙයි අනේ...කීප දෙනෙක්..
මේක මාර වැඩක් නේ විද්දේ හාවට වැදුනේ පදුරට වගේ දෙයක්නේ මට උනේ. මම එහෙම හිතුවේ නැහැ දැන් හැමෝම දැනගත්තා යක්සනි කවුද කියලා. නිකන් ඉල්ලන් කෑවා නේද රූපා නංගි. බොරුවට කලබල වෙලා පැනල දෙන නිකන් වැඩකට නැති මෝඩ චුන් ගතියක් තියනවා කියල මට හිතෙනවා. (නදී)
මට දැනුයි තේරුනේ සමදරා මොකද මේ වලියටම බර කියලා. රට ඉන්න මිනිස්සු කන බොන එකට ඉරිසියාවේ. මං හිතන්නේ ඔයා අපිට වැඩිය මුදල් උපයනවා ඇති, මොකද ඔයාම කියල තියෙන්නේ , මේ එසැන ඉන්න සේරම පිරිමින්ට ආරාධනා කරලා .., අනේ වාසනාවන් .සවි,ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා (ඔය රට ඉන්න අය මේ මාසේ පඩි ගත්තම කට්ට කුමච්චල් ටිකක් අල්ලන්න සමදරාගේ කටවහ පිච්චෙන්න) සමදරා කියන්නේ හතර පෝයටම සිල් ගන්න හොර උපාසක අම්මෙක්. (ස)
රූපවති අක්කේ, අපි බය නැහැ නේද යක්ෂයන්ගේ කතා වලට.අම්මෝ අපේ චන්දි අක්කා අත් දෙකම උස්සාගෙන පොඩි එකා වගේ කතාව අහන්න.දැන් ඉතින් දිසා අයියාට කතාව කියන්නම වෙනවා (නි)
රන්බණ්ඩා අයියේ, ඒ කාලේ පෙන්නන්න බැහැ පිරිමි, ඇඟට පනිනවා! දැන් ගැහැණු ඇඟටත් පනිනවා. (ස)
ඉන්දු බොරුවට බටර් ගානවා. අපි අහගෙන සෙල් එකෙන් රූපට කියපුවා. ලිපිනය දුන්නම ජි.පි.එස් එක පාවිච්චි කළා නම් ඉවරනේ. අන්න පොලොස් ඇඹුලත් නරක් වෙලා ලු. (නි)
මේවා අන්‍ය ආගම් නෙමෙයිද එතකොට? (නි)
අතරමග බස් රූට් නොම්මරේ මොකක්ද නැන්දේ? (නි)
ඕන්, දිසෝ උපාසක අම්මලාගේ ගැට. ඒ උනාට හතර පෝයටම සිල් ගන්නවා. දිසෝ පරිස්සමින්. කෝ මේ පෙත්තා.(නදී)
පැංචි නෝනෝ, ඔයා කාන්තා විමුක්ති කාමිනියක් ද පිරිමි ඇඳුම් (සරම්) අඳින්නේ? නැත්නම් ගැහැණු ඇඳුම් ගන්න වත්කමක් නැද්ද ? (ස)
මම, ඌර .ගස්. මන් හන්දියේ බලන් ඉන්නවා..(අ)
කොළඹ සිට ඇල්පිටිය යන බස් එකක ගියවිට ඌරගස්මන්හන්දියට ගිය හැකිය. අම්බලන්ගොඩ සිට ඌරගහ බස් එකේ ගියත් යන්නේ එතැනටමයි. රෝහල අසල තමයි තියෙන්නේ.යන ඕනෑම කෙනෙකුට ඇත්ත නැත්ත මොකද්ද කියලා දැනගන්න පුළුවන්.සෙනසුරාදා රාත්‍රී කාලයේ එක එක පැතිවලින් පැමිණි කට්ටිය පූජාවන් තියනවා.ඉරිදා පහන් වනතුරු පූජාවන් පැවැත්වෙනවා.මේ ගැන ලිවුවේ මගේ අම්මාට නිරෝගී සුවය ලැබූ නිසාත් පිහිටක් පතන ඕනෑම කෙනෙක් වෙනුවෙනුත් පමණි.විහිළුවකට ගණන් ගන්න එපා.හැම කෙනෙක්ම නිරෝගී සුවයෙන් සිටින එක ලොකුම සතුටක්. (නි)
පැන්චියේ අපි මෙතන කවුරුත් ඉන්න ඕන නේ .., මයේ පැන්චිට චොකෝ අරන් එන්නම් කරදර නොකර ඉන්න හොඳේ ..!! (ස)
දිසෝ , ඔන්න අමතක නොකර සමදරා ''නෝනා '' කියලම අහන්න හොදේ...!!බස් ස්ටෑන්ඩ් එක ලග ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ කැරැට්ටුව දන්නා නිසා එතනින් අහන්න එපා ..!! (දෙන්නම් ජම්බු)(නදී)
ඔන්න එක පාළු දිවයිනක යාලුවෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන්දෙනා බොහොම කාන්සියෙන් පාලුවෙන් හිටියේ.ඔහොම ඉන්න කොට එක යාලුවෙක් දැක්කලු මුහුදේ පාවෙන කුප්පියක්.කුප්පිය ඇරියහම ඒකේ ඉඳල එලියට ආවලු බුතයෙක්.බුතය කිව්වලු ඕගොල්ලෝ මාර උදව්වක් කලේ ඕගොල්ලන්ට ඕන දෙයක් ඉල්ලන්න කියලා.එක යාලුවෙක් කිව්වලු අනේ මාව ලස්සන ගෙයක් එක්ක ලස්සන නෝනා කෙනෙක් එක්ක ඉන්න දෙන්න කියලා.ටක් ගාලා එයා හිතපු දේ හරි ගියාලු.ඔන්න දෙවෙනි යාළුවා කිව්වලු එයාට එයාගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න වරමක් දෙන්න කියලා.ඒකත් හරි ගියාලු.ඔන්න දැන් තුන්වෙනි යාළුවා නින්දෙන් වගේ නැගිටලා කියනවලු අනේ අර දෙන්න නැතුව මට ඉන්න බැහැ ඒ දෙන්නා ගෙනැල්ලා දෙන්න කියලා.පටාර් ගාලා වරම හරි ගියාලු.මේ කතාවට මගේ කතාව කිසිම අදාලත්වයක් නැතිවුනත් නොදන්නා දේවල් වලට ප්‍රතිචර නොදැක්විය යුතු නිසා මුකුත් කියන්නේ නැහැ. (ස)