දකුණු පළාතේ ප්‍රධාන නගරයක් කරා යන බස් රථයක් තේ බීමට නැවැත්වූයේ කවුරුත් දන්නා “ඇන්ටි” ගේ කඩය අසලය. පසුගිය දා එසේ නවත්වා තේ බී අවසාන වන මොහොතේ එතැනට දිව ආ ලිපිකාරිණියක් “ඇන්ටි මට ටොයිලට් යන්න ඕන. බස් එක දැන්ම යයිද දන්නෙ නෑ” කීවේ කලබලයෙනි.
“බස් එකේ ස්ටාට් එක තියෙන්නෙ මා ගාව. නෝන ගිහිං එන්නකො” ඇන්ටි කී විට ඇය වැසිකිළිය පැත්තට ගියාය.
රියැදුරු ඇතුළු හැම දෙනාම බසයට නැගගත් අතර රියැදුරු බසය පණගැන්වීමට යතුරු ද දැමීය. ඒ සමගම බසයෙන් බැස ගත් කොන්දොස්තර කොලුවා “ඇන්ටි කොස්ස දෙන්නකො” කීවේ පුරුදු විදිහටය.
“කෝ අර නෝනා ආවද?” කී ඇන්ටි ඇය පැමිණ ඇති බව දැන කොස්ස කොන්දොස්තර තැනට දුන්නාය. ඔහු දිව ගොස් බසයට නැග එහි වූ විවරයකින් බස් රථයේ බැටරියේ වූ විදුලි අග්‍රයට කොහු මිටෙන් දෙපාරක් අනින විට බසය පණගැන්විණ.
කොන්දොස්තර කොස්ස රැගෙන දිව විත් ඇන්ටිට ආපසු දුන් විට “ඕක හැමදාම ස්ටාට් කරන්නෙ මගේ කොහුමිටෙන්” ඇය කීවේ වටපිටාවේ අය හිනස්සමින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම බස් විතරක් නෙමෙයි කෝච්චිත් එහෙමයි (නි)
පේනවා නේද කොහුමිටේත් තියෙන අගේ! (නි)
ඔය කොහුමිට දාල ස්ටාර්ට් කරන තව බස් තියෙනවද දන්නේ නැහැ. මේවට යෝග්‍යත සහතික දෙන්නේ කවුද කියල බැලුවනම්... (ම)
පේනවා නේද මගී ප්‍රවාහන බස් වල ප්‍රමිතිය? (නි)
දකණු පළාතේ විතරක් නොවෙයි මධ්‍යම පළාතේ ලංගම බස්වල තත්වයත් ඒ ආකාරයෙන්මයි සිදුවෙන්නේ. බොහෝ ලංගම බස් ධාවනය වන්නේ රියදුරන්ගේ ඇගේ හයියෙන් කීවොත් නිවැරදියි. (බ)
ඉස්සර කිවුවේ ගැහැණුන්ගේ මොළේ හැඳි මිටේ දිගයි කියලා. දැන් එ්ක වෙනස්කිරීමට කාලය පැමිණ ඇත. දැන් කියන්න ඕනෑ ගැහැණුන්ගේ කාර්මික දැනුම කොහු මිටේ දිගයි කියලා. (නි)
පේනවා නේද හැඳි මිටේ වගේ ද කොහුමිටේ මොලේ (ම)
අනේ දෙවියනේ මෙහෙම රටකද 25000ක් දඩයක් ගහන්නේ? කදුළු එනතුරු හිනාවුණා කතාවට. (නි)