IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කොහු මිටෙන් බසයක් පණගැන්විලා

දකුණු පළාතේ ප්‍රධාන නගරයක් කරා යන බස් රථයක් තේ බීමට නැවැත්වූයේ කවුරුත් දන්නා “ඇන්ටි” ගේ කඩය අසලය. පසුගිය දා එසේ නවත්වා තේ බී අවසාන වන මොහොතේ එතැනට දිව ආ ලිපිකාරිණියක් “ඇන්ටි මට ටොයිලට් යන්න ඕන. බස් එක දැන්ම යයිද දන්නෙ නෑ” කීවේ කලබලයෙනි.


“බස් එකේ ස්ටාට් එක තියෙන්නෙ මා ගාව. නෝන ගිහිං එන්නකො” ඇන්ටි කී විට ඇය වැසිකිළිය පැත්තට ගියාය.


රියැදුරු ඇතුළු හැම දෙනාම බසයට නැගගත් අතර රියැදුරු බසය පණගැන්වීමට යතුරු ද දැමීය. ඒ සමගම බසයෙන් බැස ගත් කොන්දොස්තර කොලුවා “ඇන්ටි කොස්ස දෙන්නකො” කීවේ පුරුදු විදිහටය.


“කෝ අර නෝනා ආවද?” කී ඇන්ටි ඇය පැමිණ ඇති බව දැන කොස්ස කොන්දොස්තර තැනට දුන්නාය. ඔහු දිව ගොස් බසයට නැග එහි වූ විවරයකින් බස් රථයේ බැටරියේ වූ විදුලි අග්‍රයට කොහු මිටෙන් දෙපාරක් අනින විට බසය පණගැන්විණ.


කොන්දොස්තර කොස්ස රැගෙන දිව විත් ඇන්ටිට ආපසු දුන් විට “ඕක හැමදාම ස්ටාට් කරන්නෙ මගේ කොහුමිටෙන්” ඇය කීවේ වටපිටාවේ අය හිනස්සමින්ලු.

(තිහගොඩ - උපසේන ලියනගම)



අදහස් (0)

කොහු මිටෙන් බසයක් පණගැන්විලා

උද්දික Thursday, 24 November 2016 06:38 PM

ලංගම බස් විතරක් නෙමෙයි කෝච්චිත් එහෙමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 November 2016 09:31 PM

පේනවා නේද කොහුමිටේත් තියෙන අගේ! (නි)

:       0       0

නිරු Wednesday, 23 November 2016 07:35 AM

ඔය කොහුමිට දාල ස්ටාර්ට් කරන තව බස් තියෙනවද දන්නේ නැහැ. මේවට යෝග්‍යත සහතික දෙන්නේ කවුද කියල බැලුවනම්... (ම)

:       0       0

පිටිගල Wednesday, 23 November 2016 02:14 AM

පේනවා නේද මගී ප්‍රවාහන බස් වල ප්‍රමිතිය? (නි)

:       0       0

දියලගෙදර Thursday, 24 November 2016 06:02 AM

දකණු පළාතේ විතරක් නොවෙයි මධ්‍යම පළාතේ ‍ලංගම බස්වල තත්වයත් ඒ ආකාරයෙන්මයි සිදුවෙන්න‍ේ. ‍බොහෝ ලංගම බස් ධාවනය වන්නේ රියදුරන්ගේ ඇගේ හයියෙන් කීවොත් නිවැරදියි. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 22 November 2016 06:09 PM

ඉස්සර කිවුවේ ගැහැණුන්ගේ මොළේ හැඳි මිටේ දිගයි කියලා. දැන් එ්ක වෙනස්කිරීමට කාලය පැමිණ ඇත. දැන් කියන්න ඕනෑ ගැහැණුන්ගේ කාර්මික දැනුම කොහු මිටේ දිගයි කියලා. (නි)

:       0       0

ප්‍රියන්ත, ශ්‍රීලංකාව Wednesday, 23 November 2016 05:46 AM

පේනවා නේද හැඳි මිටේ වගේ ද කොහුමිටේ මොලේ (ම)

:       0       0

පද්මිණි Tuesday, 22 November 2016 07:11 PM

අනේ දෙවියනේ මෙහෙම රටකද 25000ක් දඩයක් ගහන්නේ? කදුළු එනතුරු හිනාවුණා කතාවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site