මහනුවර දිසාවේ සිට ඇතුගල්පුර දෙසට යන විට හමුවන ගම්දනව්වකි. එහි වැසියකු සතු ඉඩමේ වැවිලි අතර කෙසෙල් පඳුරු කීපයක් ද විය. සරුවට වැඩුණු ඵලදාව ගැමියාට සතුටක්, ආදායමක් ගෙන දුන්න ද ඔහුගේ දෑස්වලට හොරා අන්අයකු කෙසෙල් කැන් හොරකම් කිරීම දිගින් දිගටම කරගෙන යාම අයිතිකරුට වේදනාවක් ගෙන දෙන්නට විය.
හෙතෙම කිසිවකුටත් නොදන්වා උපායශීලිව කෙසෙල් කොරටුව රැුකවල්ලා සිටියේ දිවා හා රාත‍්‍රී කාලය ගැන බිඳුවකුදු නොතකාය. සොරා අතටම අසුවිය. අනතුරුව ගැමියා පොලිසි ගියේය. පැමිණිල්ලක් කළේය.
පොලිසිය සොරා සැකපිට අත්අඩංගුවට ගත්තේය. දිගින් දිගටම ප‍්‍රශ්න කරන්නට විය. ”සොරාට, ඇත්තේ ගණදෙවි නුවණයි” යන කියමන ප‍්‍රශ්නයක් විය. සොරා සියලූ කරුණු කාරණා පොලිසිය ඉදිරියේ හෙළිදරව් කරන්නට විය.
කෙසෙල් කැන සොරකම් කළ බව පිළිගත් හෙතෙම එය රුපියල් තුන්සීයකට විකුණූ බවත් එයින් රුපියල් පනහක් කෙසෙල් කැන කැපූ ස්ථානයේ සිට තී‍්‍රරෝද රථයට පැටවීම සඳහා වියදම් වූ බවත්, තවත් රුපියල් පනහක් ත‍්‍රීරෝද රථ කුලිය ලෙස ගෙවීමට සිදු වූ බවත් පැවසීය. ගනුදෙනු පියවීමෙන් පසු ඔහු අත ඉතිරි වූ මුදල රුපියල් දෙසීයක් බවද කියැවිණි.
සිදු වූ ඇබැද්දිය ගැන ඔහු බලවත් සේ ළතැවිල්ලට පත්ව සිටින අතර නීතිය හමුවේ සොරකමට වරද පිළිගැනීමට සූදානම්ව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇමතිකමකට සුදුසුයි (නදී)
සී.සී.ටී.වී හයි කරන්නකෝ (නදී)
කෙනෙක් දුක් මහන්සියෙන් හදා වඩා ගන්න දේ කන මේ වගේ අයට නම් මොනවා කලත් මදි නේද ? (නදී)
කෙසෙල් කැන කපපු හොරාටත් පාඩුයි ! නීතියට ගියාම අයිතිකරුටත් පාඩුයි ! පෙරකදෝරු ගාස්තු ගෙවන විට. ගමේ පුහුල් ගෙඩියත් හොරෙන් කඩපු කාලේ කෙසෙල් කැන ගැන කවර කතාද ? (නදී)
පුදුමයිනේ කෙසෙල් කැන කපන්න කීයක්වත් ගියේ නැති එක (නදී)
හොරකම් කෙරුවා උනත් අයවැය වාර්තාව නම් ගානට ඉදිරිපත් කරලා තියනවා. අනේ මෙහෙමත් මිනිස්සු. අනුන්ගේ දේ කඩා වඩා ගෙන ජීවත් වෙන්නේ. තමුන්ට ඇයි ඒ වගේ මහන්සි වෙලා හොයා ගෙන හම්බ කරගන්න බැරි. (නදී)