කෙසෙල් කැන් හොරා අල්ලා දීමට බෝගසක් උපකාරවූ රසවත් පුවතක් නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබිණි.
ඔහුට රැුකියාවක් නැත. දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය. අහල පහළ ඉඩමක පුවක් වල්ලක් කඩාගෙන, කෙසෙල් කැනක් කපාගෙන ඔහු දවස ගෙවයි.
එදා ඔහුගේ අතේ සතේ නැති දවසකි. අල්ලපු වත්තේ තිබූ කෙසෙල් කැනකට ඔහුගේ අවධානය යොමුවිය. කෙසෙල් කැන කපාගෙන අසල කඩයකට ගියවිට, කෙසෙල් ඇවරි අතර රැුඳී තිබුණ බෝ කොළ දෙකක් මුදලාලිගේ නෙත ගැටුණි. ”ළමයෝ මේ කෙසෙල් කැන පන්සලේ වත්තෙන්ද කපාගෙන ආවේ” යැයි, මුදලාලිගේ ප‍්‍රශ්නය විය. ”නෑ මුදලාලි මේ අපේ වත්තේ බෝගහ යට කෙසෙල් පඳුරෙන්” බව ඔහුගේ පිළිතුර විය. ගනුදෙනුව බේරාගත් ඔහු එතැනින් මාරුවිය.
තමාගේ කෙසෙල් කැන කපාගෙන ගොස් ඇතිබව දැනගත් ඉඩම් හිමියා කඩයක් ගානේ ගොස් සොයා බලන්නට විය. එක කඩයක තමාගේ කෙසෙල් කැනට සමාන කෙසෙල් කැනක් තිබෙනු දැක ඒ ගැන මුදලාලිගෙන් විමසීය.
”මේක ගෙනාවේ අසවලා බවත් කෙසෙල් ඇවරි අස්සේ බෝකොල දෙකක් තිබුණ බවත්” මුදලාලි කීය. මේ තමාගේ වත්තේ බෝගහ යට තියන කෙසෙල් පඳුරේ කැනක් බව සැක හැර දැන ගැනීමට බෝගහ පිහිට විය. හොරා තමන් දන්නා අහල පහළ අයෙක් නිසා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ඔවුහු කැමති වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පංචිකාවත්ත පැත්තේ තියෙන කඩවල තියෙන වාහන අමතර කොටස් වල උපත බැලුවොත් කී දෙනෙක් අහිංසකයින්ගේ වාහන වලින් හොරකම් කරපුව වෙන්න ඇතිද. හොරකම් කරන එකත් පවු ,හොරකම් කළ දේ දැනගෙන ආපසු විකුනන්න ගන්න එකත් පවු දඬුවම් ලැබිය යුතු වරදක් වෙන්න ඕන (අ)
"දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය"!. මේක හරිද මං අහන්නේ?(ම)
හොරකම හොරකම මයි. ඒවා පුංචි වුණත් අනේ කමක් නැහැ ජීවත් වෙන්න නේ කියල තව උනන්දු කරවන්න හොඳයිද ? පොඩි හොරකමෙන් තමයි මහා පරිමාන සොරකම් වලට යොමු වෙන්නේ .(ම)
ඔය මුදලාලිලා සමහරවිට දන දැනම තමයි හොරකම් කරපුව අඩු මුදලට මිල දී ගන්නවා ඇත්තේ.කොහොම වුනත් පොඩි හෝ ලොකු වේවා හොරකම හොරකමම තමයි.පාඩමක් ඉගැන්නුවේ නැත්නම් මුළු ජීවිතේටම හොර කකා ඉඳීවි. (බ)
කරන කොට හොඳයි, විඳවනකොට තේරෙයි. (අ)
හොරකම කියන්නේ මානසික රෝගයක්. මොනතරම් දඬුවම් කලත් නැවත නැවත කරනවා (නදී)
ඕවට නිසි දඩුවම් දෙන්න ගියත් ලංකාවේ මිනිස්සු කැමති නෑ. සොරකමේ ප්‍රමාණය බලනවා. පුද්ගලයෝ ගැන බලනවා. බැලුවම ඔක්කොම බෝ පැල? (ර)
මගේ දුව මොන්ටිසෝරි යන කාලේ හැම දාම එක්කෝ පැන්සල නැහැ. එක්කෝ මකනය නැහැ. ඇහුවම කියන්නේ ළමයෙක් ගත්තා කියලා. මම ඕක ටීචර් ගෙන් අහන්න හදන කොට දුවගේ අම්ම කියනවා ඔය නැති බැරි ළමයෙක් ගන්න ඇති මොකටද ඕවා අහන්න යන්නේ ටීචර් ලාගෙන් කියලා. ඔය විදිහට හැමදාම මොකක් හරි අපේ දුවගේ බැග් එකෙන් අඩුයි අන්තිමට බලන කොට හැමදාම එකම ළමයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් මොන්ටිසෝරියෙන් ගිය ඒ ළමයා මොනවා කරනවා ඇද්ද කියලා මතක් වෙනකොට මට නොයෙක් දේ හිතෙනවා. දෙමාපියන් පොඩි දරුවෝ මොනවා කරනවාද කියා විමසිල්ලෙන් සිටිය යුතුයි. (ර)
මේක නම් නියමයි (නි)