පුලතිසිපුරය අසල ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිටින මේ වෙදමහතා වඩාත් ප‍්‍රසිද්ධ වූයේ ඇදුම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමටය. රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන කාරුණික වෙදමහතකු වූ ඔහු හමුවීමට පසුගිය දා දකුණේ මවක් ගියේ තම පුතා ද සමගය. පුතා සුව නොවන ඇදුම රෝගයකින් පෙළිණි. එහි යන අතරතුර ආසන්න උප නගරයේ වූ වෙළඳ සලක රත්නමාලූ වර්ගයේ විශාල කෙසෙල් කැනක් එල්ලා තිබිණි. මුදල් නොගන්නා වෙද මහතාට මෙය තෑගි කිරීම සුදුසුයැයි සිතූ මේ මව ඉන් ලොකු ඇවරියක් කපා පාර්සල් කර ගත්තාය. වෙද මහතා රෝගියා පරීක්‍ෂා කොට ප‍්‍රතිකාර ලබාදුන් පසුව එහි පැමිණ සිටි අයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වීය. මේ සංග‍්‍රහයට රත්නමාලූ වර්ගයේ කෙසෙල් ඇවරියක් ද තිබෙනු දුටු මේ මව පුදුමයට පත් වූයේ තමා ගෙනා පාර්සලය තවමත් මේසය මත වූ හෙයිනි. ළඟ සිටි කාන්තාවකගෙන් මේ ගැන විමසූ විට මේ වෙදමහතා විශාල කෙසෙල් වගාවකද නිරතවන බවත් ඒවායේ අස්වැන්න අවට කඩවලට අඩුමිලට ලබා දෙන බවත් ඇය පැවසීම නිසා මේ මවට දෙවියන් සිහිවුණාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා වෙන්න පුළුවන් කතාවක් දාන්නකෝ.....(ස)
මේ කතාව ඇත්ත නම් මේ වෙද මහත්මාට මල් තබා පූජා පැවැත්විය යුතුයි.. මෙවැනි අය ඉන්නවා යැයි ඇසීමත් පිනක්. මොන කෙසෙල්ද ? (ස)
අයියෝ සල්ලී............(ස)
හොරකම් කරල නෙවෙයිනේ....(ස)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලී......(ස)
මෙතන හිනා වෙන්න දෙයක් නැහැ. මුදල් අයකරන්නේ නැති නිසා තෑග්ගක් වශයෙන් කෙසෙල් ඇවරියක් ගෙනත් දීලා තියෙනවා. තෑග්ග මොකක් වුනත් ඒ අම්මා කලේ හොද දෙයක්.(ස)
කඩේ තිබුණෙ කෙසෙල් විතරමද දන්නෙ නැහැනෙ...?(නු)
ඒක හොරකම් කරල ගෙනාපු එකක් නෙමෙයිනේ.ඉතින් මොකෝ...(ස)
ඔය කාටවත් පුදුම වෙන්න කිසිම දෙයක් නෑ...(ස)
ඒකට කමක් නැහැ. මොකද එයා ඒක ගත්තේ පිරිසිදු සිතින්නේ. (නි)
ඉතිං මොකද? ඇයි කෙසෙල් වවන අය කෙසෙල් කන්නේ නැද්ද? (නි)
අනේ මගේ හිනාව නතර කර ගන්න පොඩ්ඩක් උදවු කරන්නකෝ...... (නි)
මට නම් මේක මතක් වෙන හැම පාරටම හිනා යනවා. (නි)
මේක කඩෙන් සල්ලි දීලා ගත්ත කෙසෙල් ඇවරියක් නේ.....ඉතින් මොකටද දෙවියන් සිහිවෙන්නේ .?????????(ස)
අවරියක් මොකටද මලක් වත් දෙන්න තිබුණා(දී)
මොනවද අප්පා මේ වැඩ විහිලු කරනවා කියා මෙහෙමත් (දී)
මටනම් වරදක් පේන්නේ නෑ......(ස)
වෙද මහත්මයා කෙසෙල් හොරකම් කරලාද? එයාගේ වත්තේ කෙසෙල්මනේ කඩෙන් සල්ලි දීලා ගත්ත කෙසෙල් ඇවරියත්. ඒක දෙවියන් එයාටම ආයෙත් ගෙනත් දීලා නේද? අයියෝ සල්ලී....අයියෝ දෙවියන්....අයියෝ වෙද මහත්මයා... කෙසෙල් ඇවරියත් හිනා වෙනවා ඇති මේවා දැකලා. (නි)
දැන් ශ්‍රී ලංකාවම සර්කස් මඩුවක් වෙලා (දී)
මටනම් පිස්සු වගේ (දී)
පිස්සුනේ.....(ස)
මට හරි හිනා.......... (නි)
මේ කතාව රස මදි......(ස)
ප්‍රශ්නයක් නෑනේ ඉතිං. (නි)
ඉතිං කාටවත් හානියක් නැහැනේ...... (නි)
අනේ රසවත් කතාවක් දාන්නකෝ.....(ස)
හෑමෝම කෙසෙල් කතා කියනවා. මේ ළමයා සනීප වුනාද ඉතිං? (නි)
අනේ මට කිචි කවන්නකෝ පොඩ්ඩක් හිනා වෙන්න. (නි)
අයියෝ ....ඒකවත් තේරෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ට..එයාගේ වත්තේ කෙසෙල්මනේ ආයේ එයාටම ගෙනත් දීලා තියෙන්නේ..........(ස)
පිස්සු කතා. (නි)
අනේ මන්දා.......(ස)
නොමිලේ බෙහෙත් දෙනවට සහ එන හැමෝටම සංග්‍රහ කරනවට මේ වෙද මහතාට ගොඩාක් පින්සිදු වේවා.....(ස)
ලාබය වෙද මහත්තයාටයි.. ඒ කෙසෙල් ඇවරියෙන් තවත් කට්ටියකට සංග්‍රහ කරන්න හැකියිනේ..!!(නු)
තිහෙගාඩ උපසේන මහත්තයා බිස්කට් කොම්පැණියක හරි ලොකු බේකරියක හරි රස්සාවක්වත් කරනවද? (නි)
මේවා ඒ තරම් වටිනා දේවල්ද ? ඒ කාන්තාව ඒක කළේ සද්භාවයෙන් වෙන්න ඇති. වෙද මහත්මයා කෙසෙල් වවන බව කලින් දැනගෙන හිටියනම් වෙන මොනවා හරි අරගෙන යයි. (ස)