දිවි නැඟුම වැඩ සටහන යටතේ වයඹ පළාතේ උපදේශනාත්මක රැස්වීමකි. කාන්තාවන් රැසක් එක්ව සිටි එහි උපදෙස් සැපයුයේ විෂය පිළිබඳ දැනුම ඇති උපදේශකවරියකි. ඉස්සර අපේ ගෙවතුවල මිදුලේ ඉඟුරු, කහ, මිරිස්, සේර, කරපිංචා,රම්පේ වගේ දේවල් වවල තිබුණා. මේවාට පෝර ඕනෑ නෑ. ගොම ටිකක් දැම්මම ඇති. අපට මේ ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ පුරුද්ද අද නෑ. අපි මේ ගැන ලජ්ජා වෙන්න ඕන. කිවේ සැබෑ වේදනාවකිනි. ”ඒක නං ඇත්ත”කවුරුත් කීහ. රැස්වීම අවසන්ව ගෙදර එන ගමන් ගෘහණියන් දෙදෙනකු කතා කර ගත්තේ ගෙවත්ත ඒ ආකාරයට සකස්කර ගැනීමටය. පසුදා උදෑසනම කෘෂිකර්ම නිලධාරිනිය හමුවීමට ඔවුන් ගියේ රම්පේ, සේර පැළ කීපයක් ඉල්ලා ගැනීමටය. එහෙත් ඇය නිවසේ නොවීය. ඔවුහු තමා පැමිණි කාරණය ඇගේ සැමියාට කීහ. ”අනේ එයාගේ කයිවාරුව. මේ ගෙදර එක මිරිස් පැළයක්වත් නෑ” ඔහු කීවෙන් මේ දෙදෙනාට දෙවියන් සිහිවුනාලූ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට (ස)
කටින් බතල හිටවනවා කියන්නේ ඕවට තමයි (ස)
උඩින් ඔපේ යටින් හපේ
විශ්වාස කළ නොහැකිය..!(නු)
ලොකු මිනිහාගේ ඉදලා පොඩි මිනිහා දක්වාම ඔය විදිය තමයි.. සේරම කටින්..කෙරුවාව බිංදුවයි.. පොඩි මිනිහාට වවන්න කියනවා..!(නු)
කොහොම නමුත් මිනිහා අවංකයි (ස)
චොර කේස් එකක් (ස)
පූජිගේ කතාව හරි (ස)
පූජි ඔබ හරි.. සමහර විට මේක එයාගේ අලුත් ගෙදර හෝ සැමියාගේ නිවස වෙන්න ඇති.. නමුත් මේ නිලධාරිනියගේ මහ ගෙදර තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.. පොඩ්ඩක් අර ගෘහණියන් දෙදෙනාට ඒ පැත්තට ගිහිං බලන්න කියන්න. (නු)
ෂුවර් එකටම ගෑනි ගැන ඉරිසියා ඇති. ඔහොම මිනිස්සු ඉන්නවා. (ස)
කොහොම උනත් එයා වැවුවෙ නැති උනාට අනිත් අයට හරි එහෙම වවාගන්න හිතුණ එකත් ලොකු දෙයක්නෙ. ඇයි අපි හැමෝගෙම වැරදිපැත්ත විතරක් දකින්නෙ. හැම දෙයකම හොඳ පැත්ත බලන්න පුරුදු උනානම් ඉබේම මේ වැරදි හරියනව.(ස)
හරියටම අපේ ඇමතිතුමා වගෙයි. (නි)
වත්තෙ වැඩට බිය වී දහඩිය දාන රට නගවන අයුරු මනසින් මවාගෙන ඉදිරියෙ ඉඳන් දේශනයන් ඇද බාන කවුරුත් වැටේ ඔය ගණයට වෙස් පාන... (නි)
ඒ මහත්මිය කිව්වේ ඉස්සර අපේ ගෙවල්වල මිදුලෙ තිබුණා කියලනේ එයා ගෙ ගෙදර දැං තියෙනවා කියලා කිව්වේ නැහැනේ.. ඒ පුරුද්ද අද නැහැ කියලත් කිව්වනේ.. ඉතිං එයා එයාට ඔයවගේ කතා කියන එක වැරදිනේ.. හැමෝම ටිකක් හිතන්න..!(නු)
අනේ මේ බොරු කියන්න එපා (ස)
පූජි විතරයි හරියට ප්‍රවෘතිය කියවල තියෙන්නේ. ඒ නිලධාරිනිය කියල තියෙන්නේ ඉස්සර අපේ ගෙවල්වල කියල මිසක් දැං ගෙවල්වල කියල නොවෙයි. (ස)
එයාගේ රාජකාරිය අකුරටම කරලා තියෙනවා. ඉතා හොද නිලධාරියෙක්. (නි)
ලෝකෙට පරකාසී ගෙදරට මරගාතේ (ස)
ඔයාලා මේක හරියට කියවලා නෑනේ .ඉස්සරනේ ගෙදර වවලා තියෙන්නේ . දැන් වවන්නේ මොකටද ? ඕන තරම් සුපිරි වෙළඳසැල් තියෙද්දි (ස)
මෝඩ ගෑනුන්ගේ කයිවාරුව නිසා පල් වෙන්නේ ගෙදර ඉන්න අනික් අය (ස)
ඔය බොරු කියන එක නවත්වන්නම බැරිද?(නු)
අශෝක ඔයා හරි.. මෙතන උපදේශකවරියගේ රාජකාරිය අනිත්යට කරලා පෙන්නන එක නෙමෙයි අනිත් අයව ඒකට යොමු කිරන එකයි.. ඒක එයා හරියට කරලා තියෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ.. අපේ දාන ප්‍රබුද්ධ පාථකයෝ ඉතිං වැරදි පැත්තම අල්ලාගෙන බනින එකනේ කරන්නේ.. (නු)
අද කාලේ බොහෝදෙනෙක්ගේ වැඩ කටින් තමයි (ස)
ඉස්සර අපේ ගෙවතුවල තිබුන කියල මිස දැන් තියනවා කියල නැනේ. ඉතින් නිලධාරිනියගේ කතාව හරි. එය වැරදියට තේරුම් ගත්ත එකයි ප්‍රශ්නේ (ස)
ඔය නිලධාරීන් කොයි කවුරුත් එකයි. කට විතරයි. වැඩක් කරන්නේ නෑ. හරියට අමධ්‍යප සංවිධාන වගේ. අනිත් අයට බොන්න එපා කියලා ඒ ගොල්ලෝ හොරෙන් බොනවා.