ඉන්ධන අර්බුදය නිසා තම යතුරු පැදියට පැට්‍රෝල් ගැනීමට අපේක්ෂාවෙන් රජරට ඈත ගමක ගොවියෙක් නගරයට ගියේ ය.
ඉන්ධන හලකට ගිය ඔහුට පෝලිමේ සිටීමට සිදුවිය. පැයකට හමාරකට වැඩි කාලයක් පෝලිමේ සිටියත් ඔහුට පැට්‍රෝල් ලබා ගැනීම අසීරු විය.
පොම්පකරු ඔහුගෙන් මෙසේ ඇසීය.
‘‘අන්කල් කෝ කිව් ආර් එක.?
ගැමියා ඒ ප්‍රශ්නයෙන් අන්දුන් කුන්දුන් විය. පොම්පකරු  අසන්නේ තම බිරිය ගැන යැයි ඔහු සිතුවේය. එසේ සිතා ඔහු මෙසේ උත්තර දුන්නේ ය. ‘‘අනේ පුතා, ඒක අරන් එන්න බැරි වුණා. පැට්‍රෝල්  මදිනේ. මං ගෙදර ගිහින් අරන් එන්නම්කෝ. ඒ යෝදි බර වැඩියිනේ. මට ටිකක් වැඩියෙන් පැට්‍රෝල් දෙන්නකො. එතකොට මට අරගෙන එන්න පුළුවන්.  නැත්නම් මං කසාද සහතිකේ ගේන්නම්.”‍ පොම්පකරුටත් අසල සිටි සෙසු අයටත් සිනාව වළක්වා ගැනීම අසීරු විය. කෙසේ වුවත් පොම්පකරු කිව් ආර් කේතය නැතිව මේ ගැමියාට පැට්‍රෝල් ලීටර් තුනක් දී ඔහු පිටත් කර යැවීය.

අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස