IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන

(කුණ්ඩසාලේ -- පී.එම්. රාජපක්ෂ)
වසර ගණනාවක් පැවැති පෙම් සබඳතාව තවදුරටත් ‘ස්මාර්ට්’ කරගැනීමට ගොස් තම පෙම්වතිය අහිමි වීමේ සිද්ධියක් මහනුවර අවට ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.


ඔහු පෞද්ගලික ආයතනයක සේවකයෙකි. ඇය රැකියාවක් අපේක්ෂාවෙන් පසු වූ යුවතියකි.


ඔහු රැකියාවට ගොස් වසර කිහිපයක් ගතවනවාත් සමග අගනුවර ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබුණි. ඒ අතරතුර පෙම්වතිය අධ්‍යාපන කටයුතු හමාර කළාය.


ඒ අතරතුර එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම සඳහා ඔහු ඇයට සාමාන්‍ය දුරකතනයක් ලබා දුන්නේය. එහෙත් කාලය ගතවනවාත් සමග ඇයට ඇගේ යෙහෙළියන්ට මෙන්, නවීන පන්නයේ දුරකතනයක් ලබා ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතුවන්නට විය.


අගනුවර සේවය කළ තම පෙම්වතාට මේ සම්බන්ධයෙන් කිහිප වතාවක් නවීන පන්නයේ දුරකතනයක් ලබා දෙන ලෙස කළ පෙරැත්තය මත දිනෙක ඇයට එම වාසනාව උදාවිය.


ඒ අනුව ඇයට නුහුරු වූ එම දුරකතනයේ ක්‍රියාකාරීත්වය කෙටි කලකින් ඉගෙන ගැනීමට නොහැකි වූ අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ තරුණයකුගෙන් ඇය උදව් උපකාර පැතුවාය.


අලුත් දුරකතනය ලැබූ මුල් කාලයේ තම පෙම්වතියගෙන් ඇමතුම් හා කෙටි පණිවිඩ වීඩියෝ ඇමතුම් ආදිය නිරන්තර ලැබුණි. එහෙත් සති කිහිපයක් ගතවනවාත් සමග 
ඇයගෙන් ඇමතුම් හා කෙටි පණිවිඩ වීඩියෝ ඇමතුම් ආදියේ අඩුවක් ඇති බව ඔහුට දැනුණි.


ඇය සම්න්ධයෙන් සොයා බැලීමට ඔහු තම ගම් ප්‍රදේශයේ මිතුරකුට පැවැරුවේය. ඒ අනුව ඔහුගේ සොයා බැලීම ගැන විමසා මිතුරාට දුරකතන ඇමතුමක් දුන්නේය. එහිදී මිතුරා මෙසේ කීවේය. 


“ඔන්න ගෑනු ළමයා ‘ස්මාර්ට්’ වෙලා, අලුත් ෆෝන් එකත් එක්ක අලුත් ‘ස්මාර්ට්’ කොල්ලෙක් හොයාගෙන.”

 



අදහස් (0)

කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site