(ගලහ - ඩබ්.ඒ. අසේල)
තලාතුඔය නගරයේ ඖෂධ වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් නගරයට ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන ඇත. මෙම නිවෙස විශ‍්‍රාමික ගුරු යුවළකට හිමි අතර ස්වාමි පුරුෂයා නොයෙක් සමාජ සේවාවල යෙදෙන පුද්ගලයෙකි.
අදාළ ව්‍යාපාරිකයාගෙන් කුලිය වශයෙන් රුපියල් එක් ලක්‍ෂ හතළිස් දහසක මුදලකට නීතිඥවරයකු ඉදිරිපිටදී ගිවිසුමකට අනුව මෙම නිවෙස කුලියට ලබාගෙන ඇත.
නිවසේ කිසිම අඩුපාඩුවක් නොමැති අතර නවීන පන්නයට සකසා තිබුණි. නිවසේ පදිංචියට ගොස් වැසිකිළිය පාවිච්චියට යාමේදී ව්‍යාපාරිකයාට තරු පෙනුණි. වැසිකිළියෙන් පිටවන අපද්‍රව්‍ය බැහැර කිරීමට වළක් සකස් කර නොමැති බැවින් එය පාවිච්චි කළ නොහැකි තත්ත්වයකට පත්වුණි.
මේ පිළිබඳ නිවෙස් හිමියාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ වළක් සැකසීමට නොහැකි වූ බවත් හදිසියේ තමාට වැසිකිළිවළක් ඉදිකළ නොහැකි බවය. නිවෙස ගැනීමට අතරමැදියකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාටද මෙම කරුණ වසන් කොට මෙම නිවෙස කුලියට ලබාදුන් නිසා අදාළ හිමිකරුට විරුද්ධව තලාතුඔය පොලිසියට පැමිණිලි කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ ෂෙඩ් එකකින් හිස් බැරල් කීපයක් ගත්තා නම් ඒවා පුරවල ගෙදරින් යන දවසට ගෙදර අයිතිකාරයාට තෑගි කරන්න තිබුණා (නි)
නිවසේ හිමිකරු වැසිකිළි නොයන කෙනෙකු වෙන්නට ඕනෑ (නි)
නවීන පන්නයම විතරක් බලන්න හොඳ නැහැ. දැන් අවශ්‍ය ලෙස වළක් සකස්කොට බිල ගෙහිමියාට දෙන්න. එයාට ගෙවන්නම වෙනවා. (නි)
පුංචි දෙයක් උනත් ලොකු කතාවක් කියන්න වෙනවා ,,නිවසක් ,නිවසක කොටසක් ,කුලියට ,බද්දට ,දීම පරණ සම්ප්‍රදායක් ,නමුත් ලංකවෙ,පළාත්පාලන ආයතන ටිකක් වගකීමක් ගන්න කටයුතු කළොත් තම ආයතනයට අදායමක් ,ජනතාවට සේවයක් ,කරන්න පුළුවං අද කුලිගේවල් වල 90/- ක ප්‍රමිතියක් නැහැ 1.ගෙවල් කීපයට එක විදුලි මීටර් එකයි 2.ජලමීටර් එකයි 3. ටොයිලට් එකයි 4.ගේට්ටු එකයි. මේ වගේ ජනතාව අසහන කාරී ක්‍රියාවක් සිදුකරනවා මේ ගැන හොයල බලන්න කිසිම ආයතනයක් නෙපළාත් පාලන ආයතනයට බදු ගෙවනවා. එක ගේ ඇතුලේ පවූල් 10 ක් විතර ඉන්නව මේ සම්බන්ධව පළාත් පාලන ආයතන යම් ක්‍රම වේදයක් හදන්න කාලය මේක ජනතාවට හොඳ සේවයක් සමග ප්‍රමිතිගත අදායමක් ගන්න කටයුතු කරන්න ..(බ)
ගුරු යුවලක් කිව්වා නේද? අනේ අපෝ මෙහෙමත් මිනිස්සු. වලක් හදාගෙන ගෙවල් කුලිය අඩු කරලා දෙන්න. වලක් කපන්න ඉඩ තියෙනවද දන්නේ නැ. (ර)
මෙම නිවසේ හිමිකරුවන්ට වැසිකිළි අනවශ්‍යද? නැත්නම් මේක අළුත්ම පන්නයේ නිවසක්ද? (නි)
ඔය වගේ කතාවක් ඇහුවමයි.(හේ)
මම නම් ඔක්කොටම කලින්හොයලා බලන්නේ ඒක (නි)
දැන් කෑම ගණන් නිසා වැසිකිලි යන්න දෙයක් නෑ.හුලං විතරයි පිට වෙන්නේ .(ම)
වැසිකිලි වල වෙනම රෙන්ට් කරන්න ඕනේ (දී)
අනිල් ..! වැසිකිලි වල වෙනම රෙන්ට් කරන්න ඕන ද ? (ස)
මේ නිවසට නගරසබා අනුමැතිය ලැබිලා නම් ඒ කොහොමද? (නි)
ඇසිලින්, ඔයාගේ අදහස තමයි හරි (නි)
මනුස්සකමක් ගෑවිලා වත් නැති නොමිනිස් මිනිහෙක් තමා ගෙවල් හිමියා. කුලී කරුට නීතියේ සාදාරනය ඉටු වේවා! (නදී)