IMG-LOGO

කැලණියේ බහින මගීන් රාගමට අරන් ගිහින්

සිකුරාදා උදේ 8.25ට මීගමුව බලා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය මරදානට ළඟා විය.


“හතරවන වේදිකාවට පැමිණි ශීඝ්‍රගාමි දුම්රිය මීගමුව බලා පිටත්වේ. දුම්රිය අද දින කැලණිය දුම්රිය ස්ථානයේ ද නවත්වනවා ඇත” මරදාන  දුම්රිය ස්ථානයෙන් එසේ ප්‍රචාරය විය. වෙනදා කැලණියේ නොනවත්වන දුම්රිය අද එහි නවත්වන බැවින් කැලණියෙන් බසින මගීහු ද දුම්රියට ගොඩවූහ. දුම්රිය ධාවනය වන්නට විය.


පළමුව දෙමටගොඩ දුම්රිය ස්ථානයේ නැවැත් වූ දුම්රිය නැවත වේගයෙන් ගමන් කරන්නට විය. කැලණිය දුම්රිය පොළ කිට්ටු වන විට කැලණියෙන් බසින මගීහු දොර ළඟට කිට්ටු වූහ. අවාසනාවකි. දුම්රිය කැලණියේ නොනවත්වමින් ඇදී යන්නට විය.


මගීහු අන්දුන් කුන්දුන් වූහ. දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ නැවැත්වීය. දෙස් දෙවොල් තබමින් බැසගත් මගීහු දුම්රියේ අවසාන මැදිරියේ සිටි නියාමකවරයාට කතාකොට “බලන්නකෝ අද කෝච්චිය කැලණියේ නවත්වනවා කියලා එනවුන්ස් කළ නිසයි අපි නැග්ගේ. ඒ වුණාට නැවැත්තුවේ නැහැනේ” යැයි පැවසූහ.


“මරදානෙත් එහෙම එනවුන්ස් කළාද? මට නම් ඇහුණේ නැහැ” දුම්රිය නියාමකවරයා ඇඟටපතට නොදැනී පැවැසීය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)

 



අදහස් (1)

කැලණියේ බහින මගීන් රාගමට අරන් ගිහින්

sampath Monday, 25 February 2019 10:55 AM

ඉතාමත් අකාර්යක්ෂම සේවාවක් තමයි දුම්රිය කියන්නේ.. මේවා පුද්ගලීකරණය කිරීම හැර කිසිම විකල්පයක් නැහැ.. ලංගම ඒ කලේ ඔය වගේ එ්කාධිකාරයක් තිබුනේ... මම කුඩා කාලේ බෙල් එක දෙපාරක් ගැහුවා කියලා හෝල්ට් දෙකක් එහෙට අරන් ගිහින් බැස්සුවා. මොකද ඒ කලේ පුද්ගලික බස් නෑ දුම්රිය අනිවාර්යයෙන් පුද්ගලික කළ යුතුයි. අඩුම පුද්ගලික දුම්රියවලට දුවන්න ට්‍රක් එක කුලියටවත් දිය යුතුයි.

:       2       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site