(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
කාලයක් රැක බලාගත් කෙසෙල් පඳුරක තිබූ හොඳින් හැදුණු කෙසෙල් කැන, අසල ඉඩමේ හිමිකරු බලෙන් රැගෙන ගිය පුවතක් නයිනමඩම ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තා වේ.
කුලීවැඩ කරමින් බිරිය හා දරුවන් සමඟ අගහිඟකම් මැද්දේ දිවි ගෙවූ අයකු තමන්ට අයිතියක් නැති ඉඩමේ වගාවක් නොකර අසල මාර්ගයේ ඉඩකඩ ඇති තැනක කෙසෙල් පඳුරක් සිටුවාගෙන ඇත්තේ වැඩි පරිස්සමට බවයි වාර්තා වුණේ.
මෙයට සාත්තු කරමින් ඉතා හොඳින් රැුක බලාගත් නිසාම කෙසෙල් කැන් කීපයක්ම හැදීමෙන් මේ අසරණ පවුලට ආදායමක් ලැබිණි. මෑතකදී එම කෙසෙල් පඳුරේ හටගත් කෙසෙල් කැනට කරු තබා වතුර ගසා රැුකබලාගෙන ඇත්තේ තමන්ගේ දරු පවුලට එයින් සුළුවෙන් හෝ ශක්තියක් ලැබෙන නිසාලූ.
ඒත් එක උදෑසනක කෙසෙල් ගස මායිම්ව තිබෙන ඉඩමේ හිමිකරු කිසිදු සොයා බැලීමක් නොකර හොඳින් වැඩුණු කෙසෙල් කැන කපාගෙන යමින් පවසා ඇත්තේ එය කවුරු සිටෙව්වත් කවුරු සාත්තු සප්පායම් කළත් මාර්ගයේ තිබුණත් එහි මුල් හා අතු තම ඉඩමට විහිදී ඇති නිසා එම කෙසෙල් කැන අයිති තමන්ට බවයි.
ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයකු නිසා කිසිත් කර කියා ගත නොහැකිව සිටින කම්කරු පුද්ගලයාට මතක් වුණේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත්වෙන අවස්ථා තියෙන බව කියන ඒ පැරණි ප‍්‍රස්ථා පිරුළලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සියෙන් තොරව ධනය උපයන කවුරුත් මතක තබාගත යුත්තේ ඔබ මහන්සි නොවී උපයන ධනය වෙනුවෙන් ලෝකයේ කොහේ කොතැනක හෝ තවත් අයෙකු දහදිය හෙලන බව.(ම)
මෙවැනි අධම මිනිසුන් මිනිස්කමටත් නිගාවකි. (නි)
ධනවත් මිනිසුන් යනු, අනුන්ගේ දුක නොතේරෙන, හිත උණු නොවෙන, ගල් හදවත් ඇති, දෙපයින් යන සත්ව කොට්ඨාශයක් බව, මා කියවූ පොතක තිබුණා.ඒක නම් සම්පුර්ණ ඇත්තක් බව, "කම්කරුවා, ධනවතා සහ කෙහෙල් කැන" යන ප්‍රභන්ධයෙන් මොනවට පැහැදිලි වෙනවා.එහෙත් මේ ධනවතා "එහි මුල් හා අතු තම ඉඩමට විහිදී ඇති ....", බව දැනගත්තේ කොහොමද? (නි)
පොළියත් එක්ක ගෙවන්න වේවි. (නි)
ධනවතා ධනවත් වන්නේ දුප්පතා නිසා. දුප්පතා දුප්පත් වන්නේ ධනවතා නිසා. නේද?අනිත් මිනිහට මොනවා වුණත් මට මොකද මගේ මල්ල පිරෙනවා නම් කියා හිතලා වැඩකරන මිනිසුන් කොටසක් මේ. (නි)
ෂුවර් එකටම පරණ ආණ්ඩුවේ ගෝලයෙක් (නි)
නන්දලාල්-ප්‍රංශය,ඕවා හැමතැනටම හරියන නිර්වචන නොවේ. තමන්ගේ උත්සාහයෙන්, මහන්සියෙන් සාධාරණව ව්‍යාපාර කර බොහෝ දෙනාට රැකියා අවස්ථා දෙන ධනවතුන් කොතෙක් ඉන්නවාද? අපේ සමහර අය හිතන්නේ දුප්පත් නිසා හැමදේම, විශේෂ අවස්ථා, පහසුකම් ලැබීම අනිවාර්යයි කියලා. ඒ ලබාදෙන පහසුකම් වල නියම වියදම දරන්නේ ධනවතුන් (බදු හරහා) බව මේ අය හිතන්නේ නැහැ. (නි)
ඒ ධනවත් පුද්ගලයට කියන්න නෝනාව පාරට එවන්න එපා කියලා (නි)
කාටත් හිමි පොදු දේ නම් නැති බරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ මේ දේවල් අද කලෙට ගොඩක් ගැලපෙනව.........(අ)
මුල් අතු තිබුන කියල අයිතියක් එන්නේ කොහොමද. මේක යකාගේ නීතියක්නේ (ම)