IMG-LOGO

කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සතිපොළ වෙළෙන්දකුගෙන් කරවල සොරකම් කළ ලොකු නෝනා කෙනකුට එම වෙළෙන්දා කියා දුන් අපූරු පාඩමක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


සතිපොළ කරවල වෙළෙන්දාගෙන් නිතර කරවල මිලදී ගන්නා කාන්තාවකි. එදින ද කරවල ගැනීමට පැමිණ ඇත. එසේ පැමිණි කත කරවලවල මිල ගණන් ද විමසමින් තත්ත්වය ද පරීක්‍ෂා කරමින් සිටියේලු.


නෝනාගේ අත වූ ඉටි බෑගය තුළට කරවල කූරියකු රිංගන අයුරු මුදලාලි හොරැහින් දුටුවේ තවත් ගනුදෙනුවක් කරමින් සිටින අතරතුර ය.


සිද්ධිය දුටුව ද නෝනා බොහෝ හිතවත් කෙනකු නිසා කිසිවක් කිරීමට ද මුදලාලිට නොහැකි තත්ත්වයක් උදාවිණි. මුදලාලි වහා ක්‍රියාත්මක වී වෙනත් කරවල කූරියකු ගෙන සොරකම් කළ කරවල වර්ගයේ කූරියන්ට මෙසේ කියමින් තඩි බාන්නට වූයේය.


“තොපි දැන් පොළවල් කීයකට ගියාද? අපූරුවට හිටියා. දැන් තමා මේ එක එකා ගේ බෑග්වලට පනින්නේ. ... බලන්නකෝ නෝනා... මුං මේ පොළට ආවාම දෙන කරදරේ.” කියමින් බොහෝ වේලාවක් තඩි බෑවේලු.


ලැජ්ජාවට පත් නෝනා සොරාගත් කරවල කූරියා සහිත ඉටි බෑගය ද හෙමිහිට බිම දමා සෙනග අතරින් මාරු වී ගියේලු. 



අදහස් (1)

කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක්

සංක Wednesday, 03 April 2019 06:26 AM

මේක ගොඩක් පරණ කතාවක්නේ

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 632 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site