IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කරුණාවන්ත කොල්ලකරු ගලවාගත් මුද්ද ආපසු දී ගිහින්

මහ දවල් ගිනි අවි රැගෙන බැංකුවට කඩා වැදුණු කොල්ල කරුවන් දෙදෙනකුගෙන් එක් අයකු එහි වූ නිලධාරිනියකගේ මුද්දක් ගලවා ගෙන එය ආපසු ඇයට දීමේ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. මෙය සණස ප‍්‍රාදේශීය බැංකුවකි. ගමේ හුදකලා ස්ථානයක පිහිටි මේ බැංකුවට කොල්ලකරුවන් ඇතුළු වී මුදල් කොල්ලකෑමට උත්සාහ ගත්තත් එම මුදල් සේප්පුවක දමා ඇති හෙයින් කළමනාකරු හා ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය අත තිබූ මුදල් හා ඔවුන් පැළඳ සිටි මාල, වළලූ හා මුදු ද ගලවාගෙන පලායාමට සූදානම් වූහ. ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය දැඩි සේ වැළපෙමින් ආයාචනා කළේ අනිත්වා ගෙන ගියත් තම ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ආපසු දෙන හැටියටය. එය ගලවා ගත් සොරා මංගල මුද්ද යළි ඇගේ අඟිල්ලටම ඔබා ආපසු දිව ගියේ සොරකු වූවත් මිනිස්කම හදවතේ ගැවී ඇති බව ප‍්‍රදර්ශනය කරමින් ලූ.



අදහස් (0)

කරුණාවන්ත කොල්ලකරු ගලවාගත් මුද්ද ආපසු දී ගිහින්

නිමල් Wednesday, 22 August 2012 03:15 PM

අනිවාර්‍යයෙන්ම මේකට නෝනගේ සම්බන්ධයක් ඇති...(ස)

:       0       0

ශ්‍රිරානි Friday, 24 August 2012 03:57 PM

ඇයි මුස්ලිම් ගැහැණු අඩන්නේ නැද්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 22 August 2012 03:24 PM

කාන්තාවකගේ කදුලු වලට හොරෙකුගේ හදවත වුවද උණූකළ හැක. (නි)

:       0       0

සනත් Sunday, 26 August 2012 10:05 PM

මිනිස්කම දන්න හොරෙක්. (ත)

:       0       0

සජී Wednesday, 22 August 2012 10:19 AM

තවත් ටිකක් මිනිස්කම හදවතේ තිබුණා නම් හොරකම් කරන්නෙත් නැතිවෙයි. (නි)

:       0       0

සමන් Wednesday, 22 August 2012 03:39 PM

මේ ඔක්කොටම පිස්සු. (නි)

:       0       0

සරත් Wednesday, 22 August 2012 10:28 AM

ගොඩක් නරක මිනිස්සු ගාව හොඳ ගති තියෙනවා , ගොඩක් හොඳ මිනිස්සු ළඟ තියෙන හොඳම ගුණයටත් වඩා හොඳයි කියලා මම අහල තියෙනවා...(ස)

:       0       0

සේනානායක Wednesday, 22 August 2012 03:51 PM

මොනවා උනොත් හොඳ හොරෙක්.(ස)

:       0       0

සාලිය Wednesday, 29 August 2012 05:42 PM

අන්න හොරු

:       0       0

මහිපාල Wednesday, 29 August 2012 05:33 PM

අයියෝ සල්ලි

:       0       0

Jay Blue K Friday, 24 August 2012 05:09 PM

කතාවට වඩා කට්ටියගේ ප්‍රතිචාරවලටයි හිනා යන්නේ (අ)

:       0       0

චින්තක Wednesday, 22 August 2012 03:59 PM

ඒ ඇවිත් තියෙන්නේ පෙර භවයක පෙම්වතා....(ස)

:       0       0

අනුර Wednesday, 22 August 2012 10:44 AM

නියම හොරෙක්. නමුත් හොරකම් කිරීමනම් කැතයි හොදේ.(ස)

:       0       0

සිසී Wednesday, 22 August 2012 10:45 AM

නරක සොරා....(ස)

:       0       0

ඉෂෘර Friday, 24 August 2012 09:37 AM

ශෝයි හොරා.. (ස)

:       0       0

සුමේද Tuesday, 28 August 2012 11:48 AM

නෙළුම් පිපෙන්නෙත් ජරා මඩ ගොහොරුවලනේ.(ත)

:       0       0

විජේ Wednesday, 22 August 2012 11:20 AM

කවුද දන්නේ හොරාගේ පරණ පෙම්වතියක්ද කියලා..(ස)

:       0       0

ගයා Thursday, 23 August 2012 07:22 AM

හොරා දන්නවා ඇති මුද්ද ඉමිටේෂන් කියලා. හොරුන්ට මොන මිනිස්කමක්ද? (නි)

:       0       0

සහන් Thursday, 23 August 2012 02:29 PM

ඕක තමයි කියන්නේ ගෑනු මායම් වලට හොරු උනත් යටයි කියලා...(ස)

:       0       0

ශ්‍රිනාත් දයානන්ද Tuesday, 28 August 2012 12:02 PM

මටත් මේ කතාවට වඩා කට්ටිය දාල තියෙන ප්‍රතිචාර වලට ඉල ඇදෙනවා. කොහොම වුණත් මම "සුපුන්"ගේ කථාවට එකගයි. (නි)

:       0       0

ලාල් පෙරේරා Wednesday, 22 August 2012 11:40 AM

හොරෙක් උනත් අනුකම්පාවක් තියනවා වගෙයි පේන්නේ (ස)

:       0       0

ජනක Wednesday, 22 August 2012 11:42 AM

හොරා එයාගේ මහත්තයද දන්නේ නෑ..(ස)

:       0       0

දිලන්ත Thursday, 23 August 2012 08:25 AM

ඒ හොරා එයාගේ සැමියද ? (ස)

:       0       0

රවි ඩුබායි Wednesday, 22 August 2012 05:41 PM

එයාගේ මහත්තයා ද දන්නේ නෑ හොරකම කෙළේය (අ)

:       0       0

කාංචන‍ Saturday, 25 August 2012 11:16 AM

පිස්සු හැදෙන හොරෙක් නේද ??(ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 August 2012 05:49 PM

පෙරේරා හරි. ගැහැනුන්ගේ කඳුළුවලට අහුවුණාම හොරෙක් වුණත් නිදහසේ හොරකම් කරන්න බෑ. ඉතින් මේ අහිංසක අපි ගැන මොන කතාද (අ)

:       0       0

ප්‍රසාද් Thursday, 23 August 2012 08:55 AM

හොරකම් කරන්නේද මනුෂ්‍යයෝය (නි)

:       0       0

ශාන් Wednesday, 22 August 2012 06:28 PM

ඒක රත්තරං මුද්දක් නෙමෙයි බබෝ. (නි)

:       0       0

ජයසිරි Thursday, 23 August 2012 09:45 AM

මාරයි නේ අපේ රටේ හොරු... (ස)

:       0       0

සමීර Thursday, 23 August 2012 03:22 PM

හොඳ හොරෙක් !!! ආදරේ හිතෙනවා (ස)

:       0       0

අසංක Saturday, 01 September 2012 06:03 PM

එහෙම තමයි දකුණෙ කොල්ලො! පව් කොල්ලට නෝන මතක් වෙන්නැති.හොරකම් කලත් සිතකින් නොවේ. අනිත් නිලධාරිනියනුත් මුදු ඉල්ලුවනන් කොල්ලට හිස් අතින් ගෙදර යන්න වෙයි. (දී)

:       0       0

හරින් Monday, 27 August 2012 08:26 AM

පුදුම හොරෙක් ?? (ස)

:       0       0

සපුමල් Wednesday, 22 August 2012 12:44 PM

මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමරුයි. රටේ අර්ථිකය හොදටම පිරිහිලා. ඒ නිසයි මේ අපරධ වැඩි වෙලා තියෙන්නෙ.(ස)

:       0       0

නිමල් Thursday, 23 August 2012 10:38 AM

අනුකම්පා සහගත හොරෙක්.. (ස)

:       0       0

අන්තෝනි Saturday, 25 August 2012 10:45 PM

ඒ මුද්ද වෙන කවුරු හරි උගස් තියාපු එකක් වෙන්න බැරිද? (නි)

:       0       0

සංජේ Wednesday, 22 August 2012 07:34 PM

ඇත්තද, මිනිස්කම තිබුණද? අපරාදේ. නළවන්නයි තිබුණේ. (අනේ මගේ කට) (නි)

:       0       0

අමිල Wednesday, 22 August 2012 07:59 PM

ඔය ගැහැණු ළමයා ලවා ඔය හොරාව අල්ලාගන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රේමලාල් Sunday, 26 August 2012 01:20 AM

හොරා එයාගෙම අදුරන කෙනෙක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

චන්දසිරි Wednesday, 22 August 2012 01:35 PM

ඉතින් ඊට පස්සේ හොරු ඇල්ලුවද ??(ස)

:       0       0

මොහොමඩ් අලි Friday, 24 August 2012 01:49 PM

ගෑනු අඩන ඇඩිල්ලට සිංහල මිනිස්සු අහුවෙනවා හැමදාම.. (ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Wednesday, 22 August 2012 08:39 PM

එයාගේ නෝනව මතක් වෙන්න ඇති. (අ)

:       0       0

සුභාෂිණි Wednesday, 22 August 2012 01:50 PM

මගුල් මුද්දේ තිබුණු සළකුණු වලින් විකුණද්දී අහුවෙයි කියලා හිතලා ආපසු දුන්නා කියන එකයි මගේ අදහස. (නි)

:       0       0

දිල්හානි Friday, 24 August 2012 01:32 AM

ලංකාවෙ මිනිස්සු ළග මාර අනුකම්පාවක්නෙ තියෙන්නේ...!!(නු)

:       0       0

ජනක Thursday, 23 August 2012 12:25 PM

මොනවා වුණත් හැමෝම මිනිස්සුනේ. ඒ නිසයි කරුණාවක් පහළ වෙන්න ඇත්තේ. (නි)

:       0       0

පේමන්ත Wednesday, 22 August 2012 09:16 PM

කරුණාවන්ත කොල්ලකරු (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 09:20 PM

කඳුලුවලින් හරි පාඩුව අවම කරගත්ත එක ලොකු දෙයක් (අ)

:       0       0

හේමන්ත Thursday, 23 August 2012 12:32 PM

හිත හොද වැඩි නිසා දිගටම හොරකම් කරන්න වෙයි. (නි)

:       0       0

ජින්ජර් Sunday, 26 August 2012 06:51 PM

ෂෝක් හොරෙක් (නි)

:       0       0

සුපුන් Sunday, 26 August 2012 07:13 PM

ඔහොම තමයි ගැහැණු අයගේ වැඩ. ඇයි ඉතිං මායම් 64ක්ම තියෙනවනේ. (නි)

:       0       0

සිංඤෝ Thursday, 23 August 2012 12:42 PM

ඉමිටේෂන් නිසා දෙන්න ඇති. (නි)

:       0       0

ලලිත් සුබසේන Sunday, 26 August 2012 08:18 AM

මාර හොරෙක්නේ.. (ත)

:       0       0

යොහාන් Wednesday, 22 August 2012 02:46 PM

මරු හොරා (ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 22 August 2012 02:47 PM

මුද්ද ගැන විතරනේ කතාව. කෝ හොරු? (නි)

:       0       0

හේරත් Friday, 24 August 2012 06:24 AM

නෝනගේ ඇගිලි පහම තියෙනවද කියලා බලන්න. දැන් කාලේ ඉන්න හොරුන්ව විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

රසිකා Tuesday, 28 August 2012 03:35 PM

අවංක ‍හොරෙක්..!!(නු)

:       0       0

රසිකා Tuesday, 28 August 2012 03:44 PM

හොරා උනත් හොදයි..!!(නු)

:       0       0

නලින් Wednesday, 22 August 2012 10:41 PM

හොරා එයාව හොදට දන්න කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

තත්සර Wednesday, 22 August 2012 11:05 PM

අවංක හොරෙක් :D (නි)

:       0       0

මනෝජ් ඉන්දික Wednesday, 22 August 2012 11:06 PM

මේක හරියට චිත්‍රපටියක කොටසක් වගෙයිනෙ. මොනවා වුණත් නියම හොරෙක් වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 319 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 562 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 562 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1195 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 694 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 731 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 463 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site