කැන්දාගෙන පැමිණ සතියක්වත් නොමැති සිය තරුණ මනාලියට මිත්තණිය නීති දමනවා යැයි උරණ වූ මනාලයෙකු ඇඳුම් පැළඳුම් රැගෙන කුලියට ගත් නිවසකට යාමේ පුවතක් සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
නව යුවළට කචල් දමා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවගේ වයස අවුරුදු 85 කි. තාමත් ඇය නිරෝගී සුවයෙන් වැඩිමල් පිරිමි දරුවාගේ නිවසේ දිවි ගෙවමින් සිටින්නීය. ලේළිය සමග ගෙදර දොරේ වැඩපල කර ගනිමින් දහවල් කාලයට ළිඳෙන් නාගෙන රෙදිපිළි ටික සෝදාගෙන ජීවත් වෙන මෙම වයෝවෘද්ධ කාන්තාවගේ කට නම් එදා වගේම අදටත් සැර පරුෂය.
මෙම වයෝවෘද්ධ කාන්තාවගේ වැඩිමල් පිරිමි දරුවාගේ දෙවැනි පුතා (මුණුපුරා) වූ 28 හැවිරිදි තරුණයා කොළඹ ආයතනයක කෑගල්ල දිස්ත්‍රික්කයේ කාර්යාලයක පරිපාලන නියෝජිතයකු ලෙස කලක සිට සේවය කරයි. මෙම තරුණයාගේ කාර්යාලයට දිනපතා ආ ගිය කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචිව සිටින කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 25 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශීර්වාද මැද විවාහය ලියාපදිංචි කර මනාලයා ඉකුත්දා සිය තරුණ මනාලිය නිවසට කැන්දාගෙන පැමිණියේය.
තරුණයා මනාලිය කැන්දාගෙන නිවසට පැමිණීමෙන් පසුව නිවසේ සිටි මනාල යුවළට උයා පිහා කන්න බොන්න කැමති දේවල් හදා දී ආදරයෙන් කරුණාවෙන් ජීවත් වීමට හොඳ නරක කියා දෙමින් සලකා ඇත්තේ මනාලයාගේ 85 හැවිරිදි මිත්තනියයි.
මංගල්‍යය උත්සවය වෙනුවෙන් නව යුවළ ගත් නිවාඩු අවසන් වීමෙන් පසුව ඉකුත් දා පෙරවරුවක ලක ලෑස්ති වී නව යුවළ මිත්තනියට මව්පියන්ට වැඳ රැකියාවට යාමට මිදුලට බැස ගත්හ. මනාලිය ඇඳ සිටියේ නිල් ඩෙනිමක් හා ආයතනයෙන් දී තිබුණු කොළ පාට හුරු ටීෂර්ටයකි.
‘‘දුවේ මම කැමැති නෑ ඔය කලිසම් අඳිනවාට. ඔය කලිසම් අඳින්නේ කොල්ලෝ. ගැහැනු ළමයි ගැහැනු ළමයි විදිහට අඳින්න හැසිරෙන්න පුරුදු වෙන්න ඕනෑ. ඔය ළමයා ගෙදර කරපු දේවල් මේ ගෙදර කරන්න ලෑස්ති වෙන්න එපා. මම කැමැති නෑ ඔය ඇඳුම් අඳිනවාට. ගැහැනු ළමයෙක් වුණාම චාම් විදිහට ඇඳුම් පැළඳුම් අඳින්න පලඳින්න පුරුදු වෙන්න වෙනවා.
‘‘කිරි අම්මේ මෙයා අඳින්නේ ඒ ආයතනය කියලා දීලා තියෙන විදිහට. ඒක කිරි අම්මාට නතර කරන්න බෑ. අනික කොච්චර ලස්සනයි ද බලන්න කෝ කිරි අම්මාගේ මිනිපිරී කලිසමයි ටීෂර්ට් එකයි ඇන්දාම. තරුණයා වයෝවෘද්ධ කාන්තාවට කරුණු කාරණා පැහැදිලි කළේය.
වයෝවෘද්ධ කාන්තාවගේ පුතයි ලේළියයි මැදිහත්ව වයෝවෘද්ධ කාන්තාවට කරුණු පැහැදිලි කර දුන්න ද අවසානයේ වැඩක් වූයේ නැත. පසුව තරුණ මනාල යුවළ යතුරුපැදියෙන් එදා රාජකාරියට ගොස් සවස ආපසු නිවසට එද්දී කෑගල්ල ප්‍රදේශයේ අංගසම්පූර්ණ කාමරයක් බලා හදා කුලියට ගත්තේය. එදා සවස නිවසට පැමිණි නව යුවළ කිරි අම්මා සමග ජීවත් විය නොහැකි යැයි පවසා ඇඳුම් පැළඳුම් ගෙන කුලියට ගත් කාමරයට යාමට ත්‍රිරෝද රථයක් ද ගෙන්වා ගත්හ.
නව යුවළ ඇඳුම් පැළඳුම් ත්‍රිරෝද රථයට පටවද්දී මනාලයාගේ මව්පියන් හඬා වැළපෙමින් නව යුවළට නිවසින් බැහැරව නොයන ලෙසත් බැහැරව ගියහොත් අසල්වැසියන් කුමක් කියාවිදැයි නොදන්නා බවත් මනාලයාගේ මව නව යුවළ හමුවේ පැවසුවාය.
මිත්තනිය නිවසේ කොනක බිත්තියකට හේත්තු වී දකුණු අත කම්මුලේ තියාගෙන ‘‘අද කාලයේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳ නරක කියලා දෙන්න බෑ. අපේ කාලයේ නම් නොගැලපෙන ඇඳුමක් ඇන්දා නම් තාත්තා දඬුවම් කරනවා. අපට ඕනෑ ඕනෑ දේවල් කරන්න දුන්නේ නෑ. කසාද බඳින්න මනුස්සයෙක් උණත් හොයලා දෙනකම් ඉන්න ඕනෑ යැයි ආවේගශීලීව වයෝවෘද්ධ කාන්තාව පැවසුවාය.
මනාලයාගේ මව සකස් කර දුන් කෑම දෙක ගත් නව යුවළ ත්‍රිරෝද රථයට නැග මව්පියන්ට පමණක් අත වනමින් නිවසින් පිටව කුලී කාමරයට පදිංචියට ගොස් ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි අම්මගෙ නීතිවලින් මනමාලිට කසාදෙත් එපාවෙලා