සියනෑ කෝරළයේ ප්‍රධාන නගරයක් ආශ්‍රිත ගම්මානයක ගැමි පරිසරයේ හැදුණුවැඩුණු ඇය රූමතියකි. අගනුවර තම සොහොයුරාගේ කාර්යාලයේ යහලුවෙක් නිවසට පැමිණ ඇය පිළිබඳ සිතැතිව කෙටි සබඳතාවකින් පසු විවාහයට සූදානම් වූවේය.

පසුගියදා විවාහය සිදුවූයේ නගරයේ ජනප්‍රිය උත්සව ශාලාවකය. පෝරුවේ චාරිත්‍රයෙන් පසු ඇය මඳ තැතිගැන්මකින් සිටි අතර ඒ පිළිබඳව හිතමිතුරන් විමසුවත් කිසිවක් නොකීවද මනාලයා සමඟ මධුසමයට ගිය මොහොතේ ඇය කීවේ තමාගේ ඇඟිල්ලට දැමූ මුදුව තද නිසා වේදනාවක් ඇති බවය.
ඇඟිල්ල පරීක්‍ෂා කළ මනාලයාට තරු පෙනිණි. එය හිරවීම නිසා ඇඟිල්ල ඉදිමී රත් පැහැ ගෙන තිබිණ. මැදියම් රෑ වනතුරු මුද්ද ගලවා ගැනීමට නොහැකි වුවත් පසුව සබන් ගා එය ගලවා ගත්තේ ඇයගේ කෙඳිරිය හා හැඬුම් මැදය.
ඔවුන් සිටි කාමරය බාර කොලුගැටයාට මේ කෙඳිරිලි හඬ ඇසී හෝටල් හිමියා දැනුම්වත් කළ විට ඔහු “ඕව ඔහොම තමයි. උඹ කලබල නැතිව හිටපන්” කීවේ ඔච්චම් සිනාවක් පාමින්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
කාමරයෙන් ඇසුණු හැඬුමට හෝටලේ කොල්ලා බයවෙලා
දිමුත් Monday, 27 January 2020 06:02 AM
මේ රචකයා ව්‍යංගය අලංකාරවත් ලෙස දක්වා ඇති බව පේනවා.