ඔහු විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ නිවසේ ශිතකරණය ක‍්‍රියාවිරහිත විය. නගරයේ පිහිටි එම ශීතකරණය නිෂ්පාදිත සමාගමේ වෙළඳ නියෝජිතයා වෙත ගිය ඔහු තම ශීතකරණය අලූත්වැඩියා කරදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඔහුගේ ඉල්ලීමට සවන් දුන් එම ආයතන කළමනාකරු ඉක්මණින් කාර්මිකයකු එවන බව පවසා එම පුද්ගලයාගේ ලිපිනය ද ලබා ගත්තේය.
පසුදා උදෑසන එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට වාහනයක් නතරවිය. වාහනයෙන් බැසගත් තරුණයෙකු තමා අසවල් සමාගමේ කාර්මික නිලධාරියෙකු බවත්, පෙරදින කළ ඉල්ලීමට අනුව ශීතකරණය අලූත්වැඩියාව සඳහා පැමිණි බවත් පැවසීය.
ගෙහිමියා වඩාත් සතුටට පත්වී ශීතකරණය තිබූ ස්ථානයට තරුණ කාර්මික නිලධාරියා කැඳවාගෙන ගියේය. විනාඩි 10ක් 15ක් වැනි කාලයක් ඇතුළත ශීතකරණයේ කොටස් ගලවා පරීක්‍ෂා කර බැලීය. ශීතකරණයේ ගෑස් අවසන් වීම නිසා එය අක‍්‍රිය වී ඇතිබව පැවසීය. ගෑස් පුරවා ශීතකරණය අලූත්වැඩියාවට රුපියල් 12,500/-ක් ගෙවීමට එකඟදැයි විමසීය. ගෙහිමියා ඊට එකඟතාව පල කරනා ලදී. ගෑස් පුරවා ශීතකරණය යළි සකස්කළ කාර්මිකයා ගාස්තුව ලබා ගත්තේය. පසුදා වනතුරු ශීතකරණය ක‍්‍රියාත්මක නොකරන ලෙසට උපදෙස් දී පිටව ගියේය.
ගෙහිමියා පසුදින ශීතකරණය ක‍්‍රියාත්මක කළද එය අක‍්‍රිය තත්ත්වයේම පැවතුනි. අදාළ සමාගමේ අලෙවි නියෝජිත ආයතනයට ගිය ඔහු තමාගෙන් රුපියල් 12500/- ක් ලබාගෙන ශීතකරණය අලූත්වැඩියා කළ ද එය අක‍්‍රිය තත්ත්වයේම පවතින බව පැවසීය. ආයතන කළමනාකරුගෙන් ඔහුට ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරකි. තම සමාගමේ කාර්මික නිලධාරියා තවම එම කටයුත්තට නොයැවූ බව පවසා ඇත.
තමා කිසියම් කපටියකුගේ උගුලකට හසුව ඇති බැව් දැනගත් විශ‍්‍රාමිකයා සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොම්පැණියේ නම විකුණා විශ‍්‍රාමිකයාගේ 12,500කට විදලා
සංජය Monday, 08 June 2015 04:52 AM
එක මහත්මයෙක් වාහනයේ බිරිඳ තියල බැංකුව ඇතුලට ගිහින ලක්ෂ ගානක් අරන් අපහු වාහනයට අවා . ඒ එක්කම බැංකුව ඇතුලෙන් කෙනෙක් ඇවිත් කිව්වා මැනේජර් මහත්තය සර් ට පොඩ්ඩක් එන්න කිව්වා අත්සනේ පොඩි වෙනසක් තියෙනවා කියල. මහත්තය සල්ලි කාර් එකේ තියල බැංකුව ඇතුලට ගියා. අර මනුස්සය අයෙත් ඇවිත් සල්ලි බැග් එකත් මහත්තය ගෙන්න කිව්වා කියල ඉල්ලගෙන ගියා .. ඉතිරි ටික හිතා ගන්න (බ)
නිවන්තක Thursday, 04 June 2015 12:40 AM
කවුරුහරි වැඩේ දැනගෙනම මෙහෙම කරන්න ඇති (නි)
විජේසුන්දර Thursday, 04 June 2015 12:39 AM
එතකොට අර එවනවා කිවුව කාර්මිකයා? (නි)
රෙජි-සිඩ්නි Thursday, 04 June 2015 02:38 AM
අපේ රටේ හැටි දැනගෙන ඔහු ට තිබුනේ වැඩේ පටන් ගන්න ඉස්සර සමාගමේ ලිපියක් හෝ හැදුනුම් පතක් තියෙනවද කියා සොයාබලන්න. මෙවැනි පහත් වැඩ කරන මිනිසුන් අද ඕනෑතරම් අප සමාජයේ ඉන්නවා. (ස)
මනෝජ් Thursday, 04 June 2015 03:34 AM
සමහර අය බස් එකේ කරන දුරකථන සංවාද මුළු බස් එකටම ඇහෙනවා. එතකොට හොරෙක් හොටියොත් ගානට වැඩේ පලන් කරලා ගේමක් දෙන්න පුළුවන්. මේ මහත්තයටත් ඒ වැඩේම වෙන්ට ඇති මට හිතෙන විදියට (ම)