ඔහු විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ නිවසේ ශිතකරණය ක‍්‍රියාවිරහිත විය. නගරයේ පිහිටි එම ශීතකරණය නිෂ්පාදිත සමාගමේ වෙළඳ නියෝජිතයා වෙත ගිය ඔහු තම ශීතකරණය අලූත්වැඩියා කරදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඔහුගේ ඉල්ලීමට සවන් දුන් එම ආයතන කළමනාකරු ඉක්මණින් කාර්මිකයකු එවන බව පවසා එම පුද්ගලයාගේ ලිපිනය ද ලබා ගත්තේය.
පසුදා උදෑසන එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට වාහනයක් නතරවිය. වාහනයෙන් බැසගත් තරුණයෙකු තමා අසවල් සමාගමේ කාර්මික නිලධාරියෙකු බවත්, පෙරදින කළ ඉල්ලීමට අනුව ශීතකරණය අලූත්වැඩියාව සඳහා පැමිණි බවත් පැවසීය.
ගෙහිමියා වඩාත් සතුටට පත්වී ශීතකරණය තිබූ ස්ථානයට තරුණ කාර්මික නිලධාරියා කැඳවාගෙන ගියේය. විනාඩි 10ක් 15ක් වැනි කාලයක් ඇතුළත ශීතකරණයේ කොටස් ගලවා පරීක්‍ෂා කර බැලීය. ශීතකරණයේ ගෑස් අවසන් වීම නිසා එය අක‍්‍රිය වී ඇතිබව පැවසීය. ගෑස් පුරවා ශීතකරණය අලූත්වැඩියාවට රුපියල් 12,500/-ක් ගෙවීමට එකඟදැයි විමසීය. ගෙහිමියා ඊට එකඟතාව පල කරනා ලදී. ගෑස් පුරවා ශීතකරණය යළි සකස්කළ කාර්මිකයා ගාස්තුව ලබා ගත්තේය. පසුදා වනතුරු ශීතකරණය ක‍්‍රියාත්මක නොකරන ලෙසට උපදෙස් දී පිටව ගියේය.
ගෙහිමියා පසුදින ශීතකරණය ක‍්‍රියාත්මක කළද එය අක‍්‍රිය තත්ත්වයේම පැවතුනි. අදාළ සමාගමේ අලෙවි නියෝජිත ආයතනයට ගිය ඔහු තමාගෙන් රුපියල් 12500/- ක් ලබාගෙන ශීතකරණය අලූත්වැඩියා කළ ද එය අක‍්‍රිය තත්ත්වයේම පවතින බව පැවසීය. ආයතන කළමනාකරුගෙන් ඔහුට ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරකි. තම සමාගමේ කාර්මික නිලධාරියා තවම එම කටයුත්තට නොයැවූ බව පවසා ඇත.
තමා කිසියම් කපටියකුගේ උගුලකට හසුව ඇති බැව් දැනගත් විශ‍්‍රාමිකයා සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මහත්මයෙක් වාහනයේ බිරිඳ තියල බැංකුව ඇතුලට ගිහින ලක්ෂ ගානක් අරන් අපහු වාහනයට අවා . ඒ එක්කම බැංකුව ඇතුලෙන් කෙනෙක් ඇවිත් කිව්වා මැනේජර් මහත්තය සර් ට පොඩ්ඩක් එන්න කිව්වා අත්සනේ පොඩි වෙනසක් තියෙනවා කියල. මහත්තය සල්ලි කාර් එකේ තියල බැංකුව ඇතුලට ගියා. අර මනුස්සය අයෙත් ඇවිත් සල්ලි බැග් එකත් මහත්තය ගෙන්න කිව්වා කියල ඉල්ලගෙන ගියා .. ඉතිරි ටික හිතා ගන්න (බ)
කවුරුහරි වැඩේ දැනගෙනම මෙහෙම කරන්න ඇති (නි)
එතකොට අර එවනවා කිවුව කාර්මිකයා? (නි)
අපේ රටේ හැටි දැනගෙන ඔහු ට තිබුනේ වැඩේ පටන් ගන්න ඉස්සර සමාගමේ ලිපියක් හෝ හැදුනුම් පතක් තියෙනවද කියා සොයාබලන්න. මෙවැනි පහත් වැඩ කරන මිනිසුන් අද ඕනෑතරම් අප සමාජයේ ඉන්නවා. (ස)
සමහර අය බස් එකේ කරන දුරකථන සංවාද මුළු බස් එකටම ඇහෙනවා. එතකොට හොරෙක් හොටියොත් ගානට වැඩේ පලන් කරලා ගේමක් දෙන්න පුළුවන්. මේ මහත්තයටත් ඒ වැඩේම වෙන්ට ඇති මට හිතෙන විදියට (ම)