IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කෑමට ගෙනා මස් පාර්සලයේ හඬලන කුකුළෙක්

වෙළෙඳසලකින් වැඩි මිලට ගත් කුකුළු මස් පාර්සලයක් ශීතකරණයේ දමා තිබිය දී එතුළින් කුකුළකු හඬලනු ඇසීමෙන් බියට පත් ගෘහ සේවිකාවක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි. ගෙදරට කුකුළු මස් ගෙනාවේ පසුදා පැවැත්වෙන සාදයක් සඳහා පොඩි පුතා විසිනි. ඒවා ශීතකරණයේ දමා ගෙදර වැඩකරන සේවිකාවට ඒ බව කියා ඔහු කාමරයට ගියේය. මොහොතකට පසු ශීතකරණයෙන් කුකුළකු හඬලන්නට විය. ගෘහ සේවිකාව දුවගෙන ගොස් ගෙදර නෝනාට මේ බව කීවේ බියෙන් ගැහෙමිනි. එතැනට ආ ඇයට ද පැහැදිලිව කුකුළු හඬ ඇසිණ. ඇය ශීතකරණයේ දොර ඇරියේ බියෙනි. ඒ සමගම කුකුළු හඬ නැවතිණ. ඇය පසුපසම දිව ආ පොඩි පුතා කීවේ අපූරු කතාවකි. ”මට මතක නැතුව මස් පාර්සලයත් එක්ක මගේ හෑන්ඞ් ෆෝන් එකත් ෆ‍්‍රිජ් එකේ තියලා. හැම තැනම හොයලා නැති තැන රිං එකක් එව්වා. ඒකෙ තියෙන්නේ කුකුළා හඬන සද්දෙනේ” කී ඔහු ශීතකරණයට එබී කුකුළු මස් පාර්සලය ළඟ තිබූ ජංගම දුරකථනය රැගෙන ගියේ තවමත් කට ඇරගෙන බියවී සිටින සේවිකාවටත් අම්මාටත් ඔච්චම් කරමින්ලූ.



අදහස් (0)

කෑමට ගෙනා මස් පාර්සලයේ හඬලන කුකුළෙක්

චමින්ද Tuesday, 23 October 2012 01:48 PM

ඒකත් දමන කුකුලා වගේ එකෙක්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

රංජිත් Tuesday, 23 October 2012 02:06 PM

කුකුළා හඬන රිගින් ‍ටෝන් එක දුරකථනයට දැම්මේ පොඩි පුතාගේ පෙම්වතියද?(ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 02:47 PM

අද කතාව හෙඳෙයි (ස)

:       0       0

පෙඩ්රික් Tuesday, 23 October 2012 07:44 PM

මේවා ඇත්තද? (නි)

:       0       0

මධූ Wednesday, 24 October 2012 08:43 PM

මහ ලොකු සිංහල බෞද්ධයෝ... ගිලින්නේ කුකුළ් මස්. (නි)

:       0       0

ඩරුල් Thursday, 25 October 2012 08:54 PM

අබුද්දස්ස කාලෙනේ! (නි)

:       0       0

රෝයි Tuesday, 23 October 2012 08:07 PM

‍‍මෙහෙම එකක් මම මේ ඇහුවමයි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 23 October 2012 08:42 PM

කුකුල් මස් නැතුව බත් කන්න බැහැ වගෙයි. (නි)

:       0       0

ශශීමාල් Wednesday, 24 October 2012 09:49 AM

හරි හිනා. ෂෝක් කතාව. (නි)

:       0       0

චානක Friday, 26 October 2012 01:01 PM

අනේ බොරු පුතා.... (ස)

:       0       0

ජගත් Tuesday, 23 October 2012 08:57 PM

කෑම පාර්ස‍ලේ ළග බිත්තරයක් තිබුණේ නැද්ද? (නි)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Tuesday, 23 October 2012 11:29 AM

අනේඅනිච්චං.....! සංසාරෙක හැටි.....(ස)

:       0       0

හසිත් Tuesday, 23 October 2012 11:32 AM

හොඳ කතාවක් (ස)

:       0       0

සමන්ත Tuesday, 23 October 2012 11:01 PM

ෂෝක් කතාව අප්පා... (නි)

:       0       0

වරුණ Tuesday, 23 October 2012 12:00 PM

කුක්කු කූ කූ................(ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 23 October 2012 04:55 PM

සිනහා නොවී සිටිය නොහැකි කතාවක් . (නි)

:       0       0

සමීර Thursday, 25 October 2012 02:12 AM

නියම වැඩේ තමයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 23 October 2012 05:02 PM

ඉතිං දුරකතනයත් එක්කම සාදයට ගත්තා නම් ඉවරයිනේ. (නි)

:       0       0

මුතු Wednesday, 24 October 2012 11:51 AM

බොරුව වුණත් ඇත්ත වගේ තමයි දාන්න ඕනෑ හොදේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 October 2012 12:24 PM

හොද වෙලාවට තොයිලයක් නොකර බේරුණේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 24 October 2012 12:20 PM

කෑම කන්න පවා එපා වෙනවා

:       0       0

දිනූ Wednesday, 24 October 2012 12:31 PM

මම කිතිකවාගන්නද ? (ස)

:       0       0

සේනානායක Wednesday, 24 October 2012 01:04 AM

කුක්කු කූ කූ කුකුළා හඩනවා කුකුළගෙ මස් ටික, ශීතකරණේ තියෙනවා... (නි)

:       0       0

ලලිත් Wednesday, 24 October 2012 01:17 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

රුවන් Tuesday, 23 October 2012 12:59 PM

අනේ මේ දුරකථනය අමතක වෙලා හරි ශ්‍රීතකරණයේ තියයිද? (නු)

:       0       0

යොහාන් Tuesday, 23 October 2012 01:24 PM

ෆෝන් එක සීතලට ගල් ගැහිලා නැද්ද ?(ස)

:       0       0

අන්ජලි Tuesday, 23 October 2012 01:24 PM

නියමයි (ස)

:       0       0

අනුර Tuesday, 23 October 2012 06:24 PM

විළිලැජ්ජාවේ සන්තෝසේ බැහැ අප්පේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site