කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය. දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය. තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය. ඔහුට උපතින් උරුම දේපොළක් නොතිබුණ ද පේ‍්‍රමයට වැට කඩුලූ බඳින්නට අකමැති වූ තරුණියගේ මව්පියෝ ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළහ. යුග දිවියට එලැඹි ඔවුහු තරුණියගේ මව්පියන් ජීවත් වූ නිවෙසට යාබද නිවෙසක පදිංචි වූහ. ඒ ගෙයද බඳින්නට පෙර ජීප් රියක්ද තෑගි වශයෙන් නැන්දම්මාගෙන් ලැබිණි. තරුණිය කාර්යශූරය. රැකියාව සඳහා කලට වේලාවට යන්නීය. ඇතැම් දිනවල නියමිත වේලාවටත් පෙර ගොස් රාජකාරිය අකුරට කරන්නට ඇය වග බලාගත්තාය. පළමු දරුවා ලැබීමට බිරිය රෝහල්ගත වූවාය. තරුණයාට කෑම ගැනීමට සිදුවූයේ නැන්දම්මලාගේ ගෙදරිනි. පළමු දිනයේ දී කෑම කෑ ඔහු පිඟාන සේදුවේ නැත. දෙවැනි දිනයේ කෑමට පෙර අත සෝදා ගන්නට බේසම ළඟට ගිය ඔහු දුටුවේ පෙරදින කෑම කෑ පිඟාන ඉඳුල් පිටින්ම තිබූ බවයි. දෙවැනි දිනයේද කෑම කෑවේය. පිඟාන නොසේදුවේය. තුන්වෙනි දිනයේ කෑමට එනවිට ඉඳුල් පිඟන් දෙක ‘බලූ කූඩුව’ අසල තබා තිබිණි. ඔහු නැන්දම්මා ළඟට ගියේය. හොඳ පිඟන් දෙකක් බලූ කූඩුව ළඟ ඇත්තේ ඇයි දැයි ඇසීය. ”මෙහේ පිඟන් හෝදන්න කව්රුත් නැහැ. අපේ වැඩ අපිම කරගන්නවා.” ඇය උත්තර දුන්නාය. ඉන්පසු ඔහු කෑමට නැන්ද මාමලා ළඟට ගියේ නැත. ඉඳුල් පිඟානෙන් සාර්ථක විවාහයක් ඉහිරී ගියේය. දරුවා ලැබුණු පසු බිරියද අම්මලාගේ ගෙදර ගියාය. ඔහුට ජීප්රිය මෙන්ම බිරියගේ සියලූ සේසතද අහිමි විය. යළිත් පෙර පුරුදු ජීවිතයට යන්නට ඔහුට පාර කැපුවේ ජීවිතයේ ඉතා සුළු අඩුපාඩුවක් බව ඔහු තේරුම් ගන්නා විට සියල්ල ඔහුගේ අවාසියට සිදුවී හමාරය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෑමකෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාගෙන් පාඩමක්
ජෝති පාල Saturday, 21 January 2012 10:47 AM
අප්පෝ....
සෙනරත් Thursday, 19 January 2012 12:08 AM
මේ වගේ දේවල් සුලබයි. නමුත් කවුරුත් දැනගත යුතුයි පොඩි අත්වැරැදීම් හදාගන්න පුලුවන් බව. දැන් ඉතින් නැන්දම්මට සතුටු ඇති.
ඉල්ලන්කන්නා Thursday, 19 January 2012 12:56 AM
කොට්ටෝරුවා කෙහෙල් ගහනට එන කතාව තමයි. හොද පාඩමක්
ශ්‍රීනාත් දයානන්ද Thursday, 19 January 2012 09:39 AM
වැඩේ කැතැයි, නැන්දම්මා හරි. ඒත් දඬුවම සැර වැඩී වගේ.
සන්ධ්‍යා කුමාරි Thursday, 19 January 2012 11:34 AM
ළමය ගැන හිතල සමාව දුන්නම් හොදයි
ඩබ්ලිව්.එම්.යූ. බණ්ඩාර Thursday, 19 January 2012 12:11 PM
නැන්දම්මට අයිති නැති වැඩක් කරල තියෙන්නෙ
රංජිත් ගමගේ Thursday, 19 January 2012 12:05 PM
ඉඳුල් පිඟානක් නිසා තමන්ගේ දුවගේ මගුල කඩන අම්මලත් ඉන්නවද ලංකාවෙ ?
Bandula (Jordan ) Thursday, 19 January 2012 08:48 PM
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. නැන්දම්ම කළ වැරැදී. කොල්ල කෙළෙත් වැරැදි වැඩක්. ඒත් දුව
Ankasa Thursday, 19 January 2012 08:57 PM
අනේ නැන්දේ
ශ්‍රීනාත් දයානන්ද Wednesday, 18 January 2012 10:06 AM
වාසනාව තිබුණට පින නැහැ. නැන්දම්ම කරපු වැඩේ හරි
සන්ධ්‍යා කුමාරි Wednesday, 18 January 2012 01:17 PM
මුල අමතක කර වැඩ කරන්න හොද නෑ
ජයී Wednesday, 18 January 2012 04:13 PM
නැන්දම්මා ටිකක් දුරදිග බැලුවානම් මේ ප්‍රශ්නය ඇති නොවීමට ඉඩ තිබුණි. ජීප් රිය තෑගි දෙනවා වෙනුවට 'ඩිෂ් වොෂර්' එකක් ගෙදරට ගත්තා නම් හරි.
Kalu Friday, 20 January 2012 05:20 PM
බොරු නම් දාන්න එපා. දැන් දුවටයි දරුවටයි මොකද වෙන්නේ
අනුරංග රාජපක්ෂ Friday, 20 January 2012 05:46 PM
දුප්පතෙක් වෙලා ඉපදුනාට එය ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතෙක් වෙලා මැරුනොත් එය ඔබේ වරදකි.